රට ලොක්ඩවුන් අවදානමක..

October 17, 2020 at 10:28 pm | lanka C news
රට ලොක්ඩවුන් අවදානමක..

මෙරට තුළ කොරෝනා වසංගත ව්‍යාපෘතිය සමාජ පැතිරීමක් යන නිර්වචනය ඇතුලට දැමීමට තරම් රෝග ව්‍යාප්තිය දරුණු වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක් බවයි.

එනිසා පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය කුඩාම ඒකකයට සංචරණ සීමා පැනවීම් බවද ඔහු පැවසීය.

ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අවදානම හඳුනාගෙන අවශ්‍ය කොටස් සදහා සංචරන සීමා පැනවීම වඩා සුදුසු බවද ඔහු පැවසුවේය.

එමගින් සමස්ත රටට සිදුවන බලපෑම අවම කර ගත හැකි නමුත් දැනට සිදුවන සං ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණයෙන් සතුටු විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළ හොත් රටම වසා දමන අවදානමක් ඇති වනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

71,985 views

9 Comments to “රට ලොක්ඩවුන් අවදානමක..”

  1. 😡😡😡😡😡😡😡 says:

    කොරෝනාවට මොන නීති දැම්මත් රටේ
    කඩමින් නටති අපේ එවුන් රෑට රට වටේ
    .ලුක්-ඩවුන් පොලිසි ලොක්-ඩවුන් වූ රටේ
    කර ඇති ඵලය කිමද පොකුර උලම කටේ

    • Ashan says:

      thopita vage pin PADI anithinunta naa…. lockdown kalahama nikan kanna denavada..anith deval valata oni sali UBA denavada?????

    • nihitha says:

      පැතිරුනොත් ජනතාව නොපැතිරුනොත් සර් කියනා අම්බ කවි බයි වහලෙකි මේ

  2. 😥😥😥😥😥😥😥 says:

    කොවිඩ් මාරයා අතවනයි නාහන එවුන්ට
    මාස්ක් නැතිව පොදි බැද කතා ලං වූවන්ට
    දඩයට වඩා කඩය යනු බලන බේ බද්දන්ට
    තක්කඩි කතා කි පොලිසි නීති කැඩුවන්ට

  3. Ruhdtug says:

    No lockdown! We need new methodology now… quarantine and recover at.. on critical threshold of symptoms admit to hospital…

  4. Ruhdtug says:

    quarantine and recover at home… let neighbours form vigilant groups to keep them home…..

  5. Mann says:

    At this juncture two weeks of absolute mobility limitation is essential while proper screening and treatment capacity building is done.

  6. Nuwan says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

Leave a Comment