රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

October 31, 2020 at 9:20 am | lanka C news
රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

ඇති වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තිය මත රටම වසා දැමීමේ තත්ත්වයකට යාමේ ඉඩක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනමුත් එම තත්ත්වය වළක්වා ගැනීමට නම් අවදානම් කලාපවල දැඩි සංචරන සීමා ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ දැනට හඳුනාගෙන ඇති රතු අවදානම් කලාප සීමා වසා දමා ඒවායේ සංචරණ සීමා 80%ක් වත් ක‍්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවධානමෙන් විදිය හැකි බවයි.

වෛරසය තවදුරටත් රට පුරා පැතිරීම වළක්වා ගැනීමට නම් අහඹු පරීක්ෂණ සිදුකළ යුතු බවත් පැවසූ ඔහු ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බවද පැවසීය.

මේ වන විටත් පරීක්ෂණ සඳහා එකතු කරන ලද ජීව සාම්පල 20,000ක් පමණ ශීතාගාර වල සිරවී තිබෙන බවත් ඒවා තවදුරටත් ප්‍රමාද වුවහොත් ඉන් කිසි ප්‍රතිඵලයක් නැති වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ රට වසා දැමීමේ වුවමනාවක් මෙතෙක් ඇති වී නොමැති බවයි.

ඇති වී තිබෙන කොරෝනා තත්වය පාලනය කිරීම සඳහා අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීම ප්‍රමාණවත් වේ යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

78,545 views

20 Comments to “රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..”

  1. sihala yaka says:

    මේ සංගම් කාරයෝ දන්න මගුලක් නෑ. මුල සිටම දුන්නේ වැරැදි උපදෙස්. වෘත්තිය සංගමේකට මේ උපදෙස් දෙන්න බලයක් නැති බව දන්නෙ නැ.
    Do not listen to these Trade union doctors . They spoiled everything from the beginning.
    They have no right to take decision like this.

    • Dinu Perera says:

      So what do you suggest mister?

    • ත්‍රීවීල් says:

      දොස්තරලා දන්නෙ නැත්නම් ඉතිං උඹ වගේ පොල් බූරැවෙක් ද දන්නෙ ?
      වෛද්‍ය සංගමේ බල කිරීමට තමයි මාර්තු 19 නොමිනේෂන් ගත්තු ගමන් රට ලොක් ඩවුන් කලේ. ඒක නිසා තමයි සිංහල අවුරැද්දකට රට මලගෙයක් නොවී බේරැනේ.
      අප්‍රේල් ඉදලා දිගටම වෛද්‍ය සංගමේ කිව්වෙ රටපුරා අහඹු පරීක්ෂණ කරන්න කියලා. ඒත් ඔක්තෝබර් වල ගම්පහ ‍රෝහලේ දොස්තර බ්‍රැන්ඩික්ස් සේවිකාව පීසීආර් කරනකම්ම ලෝකෙං දෙවෙනිය කියලා ජයපැන් බිව්වා.
      දැං ආපහු කෙලඋනාම වෛද්‍ය සංගමේට බැනලා සර් ට රෙස්පෙක්ට් කියපල්ලා.

      අනේ උඹලා වගේ බූරැ හැත්ත.

    • Saradiel says:

      බොරු ප්‍රචාරය කරමින් ජනතාව බිය ගැන්වීම් කරන්නේ ආණ්ඩුවට විරුද්ධ පිරිස් ..ජනතාව කොරෝනා වලට බිය වියයුතු නැත …තමන්ගේ ආරක්ෂාව තමන්ම සිදුකර ගත යුතුයි ..වෛද්‍ය උපදෙස් හරියට අනුගමනය කරන්න …නිතර ජනගහනය වැඩි තැන් වල ගැවසීමෙන් වලකින්න ..හෙළ වෙද උපදෙස් පිළිපදින්න

  2. මුන්ගේ කෙරුවාව රටම දන්නවා. අනේ කටපියාගෙන ගෙදරට වෙලා පීපී පාරක් දාගෙන හිටපල්ලකො. අපිට කනක් ඇහිලා හිටියේ හැකි,

  3. මර්තේනිස් අයියා says:

    බස්නාහිරපලාතට ඇඳිරි නීතිය දාලා හයිවේ ඇරලා පළාත් අතර මාර්ග ඇරල තිබ්බම හරි එතකොට වෛරසය කොහේවත් යන්නෙනෑ

  4. Heman says:

    Rata vahuwama salli ko.untanam padi labe

  5. Nuwan says:

    Death rate is 3%. 300 deaths due. Once deaths surpasses this number this government matches Siri-Ranil government.

Main News