රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

October 31, 2020 at 9:20 am | lanka C news
රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

ඇති වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තිය මත රටම වසා දැමීමේ තත්ත්වයකට යාමේ ඉඩක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනමුත් එම තත්ත්වය වළක්වා ගැනීමට නම් අවදානම් කලාපවල දැඩි සංචරන සීමා ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ දැනට හඳුනාගෙන ඇති රතු අවදානම් කලාප සීමා වසා දමා ඒවායේ සංචරණ සීමා 80%ක් වත් ක‍්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවධානමෙන් විදිය හැකි බවයි.

වෛරසය තවදුරටත් රට පුරා පැතිරීම වළක්වා ගැනීමට නම් අහඹු පරීක්ෂණ සිදුකළ යුතු බවත් පැවසූ ඔහු ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බවද පැවසීය.

මේ වන විටත් පරීක්ෂණ සඳහා එකතු කරන ලද ජීව සාම්පල 20,000ක් පමණ ශීතාගාර වල සිරවී තිබෙන බවත් ඒවා තවදුරටත් ප්‍රමාද වුවහොත් ඉන් කිසි ප්‍රතිඵලයක් නැති වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ රට වසා දැමීමේ වුවමනාවක් මෙතෙක් ඇති වී නොමැති බවයි.

ඇති වී තිබෙන කොරෝනා තත්වය පාලනය කිරීම සඳහා අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීම ප්‍රමාණවත් වේ යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

78,892 views

20 Comments to “රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..”

  1. පොට්ටුවේ පඩි තකයා says:

    ගම්පහ යි කොළඹයි දැනටමත් ලොක් ඩවුන්. ඉතින් ඊට වඩා වෙන මොනාද. මුළු රටේම ආර්ථිකය රන් කරන්නේ මේ දෙකෙන්. අනිත් එව්වා ඇරියත් එකයි වැහුවත් එකයි. ආණ්ඩුව දැන් ගොන් ආතල් දෙන එකේ සීමාවක් නැහැ. කුජීත වෙලා ඉන්නේ පීසිආර් ටික වෙලාවට කරගන්න බැරුව.

    • වයි දිස් කොලවෙරි says:

      හෙම්බිරිස්සාව හැදෙන එක ලෝකඩවුන් කරලා නවත්තන්න පුලුවන්ද?
      කොරෝනාවත් හෙම්බිරිස්සාව වගේ පැතිරෙන වයිරසයක්. හැබැයි ඉතා භයානක වයිරසයක්.
      දේශීය බෙහෙත්/ආහාර/යෝග/භාවනා භාවිතා කරලා ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න එකයි කරන්න තියෙන්නේ.

  2. කප්පෙටිපොළ says:

    අයිස්ටයින් මතවාදය වන කාලය හරහා යැමේ වැරදි මතයක් බව
    අයිස්ටයින් වගේ මිසදුටුවෙක් ඔහු හිතාගෙන හිටියේ ආලෝක ප්‍රවේගයට වඩා වැඩියෙන් ගියොත් අතිතයට ගමන් කල හැකි බැවයි. විඤ්ඤාණය හා ප්‍රඥාව තියෙන්නෙ එකට බුදු හාමුදුරුවො පෙර ආත්ම බලන්නෙ තමන්ගෙ විඤ්ඥාණ හෝ අනුන්ගෙ විඤ්ඥාණ වලින් ඥාණය පාවිච්චි කරලා. අනාගතයබලන්නෙ අනාවරණ ඥාණය තුලින් බුදු හාමුදුරුවො එහෙමයි. අතිතයට යාමට හෝ අනාගතයට යාමට කාටවත් බැ. බැලිමක් විතරයි තියෙන්නෙ. රාවණා මිසදුටුවොත් මේ මතයේ ඉන්නවා ඔවුන් ලංකාවේ බමුණු පන්තියයි.

    • Karunadasa says:

      මම බුද්ධ දර්ශනය අනුගමනය කරන කෙනෙක්, ඒ වගේම අපේ හෙළ රජ පරපුර සහ හෙළයන් ගෙන ආඩම්බර වෙන කෙනෙක්, කොහෙද ඔබ කියන මිසදුටු මතය රාවන පරපුරට තියෙන්නේ?, ඔප්පු කරන්ඩ නැතිනම් ඔබ නිවටයෙක්, මෝඩයෙක්. මා සිතන්නේ ඔබ සදහන් කරන්නේ රන් මසු උයනේ පිහිට ඇති තාරුකා දොරටුව ගෙන වෙන්ට ඕනේ, ඔබ ඒ පිළිබද අද්යනයක් කලාද? තව හොදට හොයල බලන්ට .

  3. කාන්තාර පළඟැටියා says:

    රටේ නායකයින්ට 2020 නිෂ්පාදිත කෝටි ගනන් වටිනාකමින් යුත් වාහන ගන්න සල්ලි තියනවා. රටවැසියන් සදහා ප්‍රමානවත් පීසීආර් මැෂින් ගන්න සල්ලි නැහැ. නායකයො, එයාලගෙ සනුහරේට, ආරක්ෂයින්ට සහ බත්බැලයින්ට අවශ්‍ය යන්ත්‍ර සහ රෝහල් මුලදීම හදාගත්ත නිසා ජනතාව සම්බන්දව වගකීම අමතක කරලා.

  4. කැප්පෙටිපොළ says:

    සර්වබලධාරි හෝ omni present කෙනෙක් ලෝකයේ ඉන්නවද
    මෙය වැරදි මතයක් හැමතැනම ඉන්න දෙවි කෙනෙක් නැ.

  5. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමා කිවුව විදිහට පකනිල් බිවුව නම් ඔහොම වෙන්නෙ නැහැනේ. අඩු ගානේ දොස්තර හදුන් තුමා කියපුදේ වත් අහන්න තිබුනා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  6. Saman says:

    එකක්වත් හරි තීරණයක් තොරතුරු නෑ
    ජනපති ට හරි තොරතුරු යන්නේ නැහැ

  7. Amak says:

    Why this organisation has an editor? Are they a media or doctors organization ?

  8. Norata Eka says:

    තොපි තමයි දිව පිනවීමේ තන්හාවෙන්, මාළු කාල මේක රට පුරා පැතිරෙව්වෙ…
    දැන් මැරියවු ..
    කාලකන්නි

  9. assanga says:

    is Pawadeniya died with corona, what has happend to Zoysa

  10. Nalaka says:

    2/3 ලැබුණා… 20 පාස් කර ගත්තා… ඉතින් මොනවද තවත් අඬ අඬා ඉන්නේ? බලය පාවිච්චි කරලා වැඩ පෙන්නන්න…

Main News