රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

June 27, 2022 at 10:02 pm | lanka C news
රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

සෞඛ්‍ය, වරාය, විදුලි, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිදුකරන අතර ඒ සඳහා පමණක් ඉන්ධන ලබා දෙයි.

පෞද්ගලික වාහන කිසිවක් සඳහා ඉන්ධන නිතුක් නොකිරීමටද රජය තීරණය කර ඇත.

නගරාශ්‍රිත සියලු පාසල් ජූලි මස 10 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති අතර සෙසු පාසැල්ද විදුහල්පති අභිමතය පරිදි කටයුතු කල හැක.

රාජ්‍ය සේවය සදහාද මේ වන විට කැඳවන්නේ අත්‍යවශ්‍ය පිරිස් පමණක් වන අතර සෙසු පිරිසට නිවසේ සිට රාජකාරී කිරීමට ද දැනුම් දී තිබේ.

අන්තර් පලාත් බස් ධාවනය අත්හිටුවා කෙටි දුර ධාවන බස් රථ සදහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමට තීරණය කර ඇත.

රට නිල වශයෙන් ලොක්ඩවුන් කර නැතත් පවතින තත්වයන් අනුව එවන් තත්වයක සියළු සලකුණු ඇත.

දැනට රට තුළ ඇති ඉන්ධන සංචිත අවසාන වෙමින් ඇති අතර ඉතා සීමිතව ඇති ඉන්ධන ප්‍රමාණය නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

කෙසේ වෙතත් ඉන්ධන නෞකාවක් ඇනවුම් කර මෙරටට පැමිණීමට වශයෙන් සතියකට එහා කාලයක් ගත වෙයි.

100,122 views

13 Comments to “රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…”

  1. Sandun Dhammika says:

    පෘථිවි කක්ෂයට යන්න පුළුවන් එන්න බැහැ, ඉන්දන නැහැ !

  2. අප්‍රිකාවේ අපි says:

    කොච්චර කියල කිරිබත් නං කෑවද අයිබොවන්ඩ මේ ටික කොරවගන්ඩ!

    • මෝඩ බයියා says:

      අනිවා මචෝ කිරිබත් කාල විරුව සින්දුවට නටල නයි බලල ධාතු වඩම්මල ඒ විතරකෑ නෙලුම් කුලුනෙ ගුණ වයල වී වේලන්න හදපු මන්තීරු හයේ පාරේ අසිරිය බලල හරක් ලගින අලි වදින කොන්ක්‍රීට් සන්දර්ශනවට කඩේ ගිහින් අනේ අම්මේ තිබ්බ කැසිල්ල මේ ටික කරගන්න ඒ විතරකෑ මේවට අපිව දක්කපු ගනින්නාන්සේල සෙට් එක කෝ හැබෑට

    • ඇමෙරිකාවේ අපි says:

      හම්මේ ඉතිං .. බුරු පුතානෝ හිටියා නම් අව්රුද්දැයි මේ ටික වෙනවා..
      ලප කුමාර හිටියා නම් මාස හයෙන් බඩු බනිස්!
      අවරුදු තුනක් හරි ගිහින් මෙහෙම උනා මදැයි

    • රුවන්වැලිසෑයේ නටපු නාටක අපට අමතක නෑ... says:

      හේතුඵල දහම එයයි. බොරුව වැපිරුවෙය​, අස්වැන්න නිවන් ගියේය​.

  3. Terminator says:

    ඉන්ධන නැත්නම් හෑමෝටම නෑ හරී.අත්‍යවශ්‍ය දේකට,අත්‍යවශ්‍ය සේවාවකට හැර පාරේ වෙන කිසිම වාහනයක් යන්න බෑ හොඳේ..
    හමුදාවට පොලිසියට පවා අත්‍යවශ්‍ය සේවයට හැර දේශපාලුවන්ගේ පක්කිලි වැඩ කරකර ඉන්ධන නිකරුනේ පුච්චා දැමීම තහනම් හරී.

  4. අයියෝ says:

    ආණ්ඩුව හැම එකක්ම මතුපිටින් අතගාලා තීරණය කරනවා නගරයේ පාසැල් වහනවා ගමේ ඒවා අරිනවා ඒත් ගුරැවරැ අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නේ දුර ඉඳලා.ගමේ පොදු ප්‍රවාහනයේ තත්වයවත් මේ තීරණ ගන්න අධ්‍යාපන ඇමතියාටවත් නිලධාරින්ටවත් තේරෙන්නෙ නැ පාසල පැවැත්වීම පළාතේ අධ්‍යාපන බලධාරින්ට බාර කළාට එයාලටත් මේ අපහසුව වැටහෙන්නෙ නැහැ ඒ නිසා පාසැල් පවත්වනවා මේකෙන් දුර ඉඳලා පාසලට සේවයට එන හැම කෙනෙක්ම අපහසුවට පත්වෙනවා.රටේ සාමාන්‍ය තත්වය තේරැම් ගන්නට බැරි අධ්‍යාපන ඇමතියෙක් සහ නිලධාරි හැත්තක් සිටින අවාසනාවන්ත රටක අපි පවු ගෙවන්නෙමු

  5. සහොදරය says:

    අනේ ඉතින් රජයෙ සේවකයන් ට නම් නියමයි වෙලාවට බෙන්කුවට පඩි වෙටෙනවා ගෙදර ඉදන් ආන්ඩුව පතුරු අරිනවා .
    කොහොම නමුත් රජයෙ සේවකයන් වෙනම ඉන්ධන ,ගේස් හා විදුලි ය සදහා වෙනම ගෙවීම ක් කල යුතුයි ,

  6. පබිලිස් says:

    රජයෙ සේවකයන් ට වෙනම ඉන්දන හා ගේස් බෙදන ඉස්තාන ආරම්බ කල යුතුයි

  7. Prasad says:

    Wrong word. It’s not lockdown. It’s breakdown.

  8. ගමේ කොල්ලා says:

    ගීත නෝනට නං තෙල් ප්‍රහ්නෙ නැහැ . අවුරුද්දකට තෙල් බාගත්තැයි කිව්වනේ . එයැයිට ජනාදිපති කම දෙමු . සුට්ටක් විතර මොලේ ඇති වැඩක් කොරා වගේ පේනව නෙ .

  9. s says:

    දැන් අපි තවත් බලාගෙන ඉන්න ඕනෙද ? මෙතැනම වැඩේ ඉවර කරමු

  10. ජංගිහොරා says:

    රාජ්ය නිළධාරින්ට ඒ වෙලාවෙ බයිසිකල් තමා බෙදා දෙන්න තිබ්බෙ.බැසිල්ගෙ ටිකිරි මොලේ.

Main News