රටම වික්කත්.. මේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වඩා හොදයි.. ඉතිහාසයේ දුර්දාන්තම පාලකයා මහින්දයි.. – ජවිපෙ

January 21, 2017 at 8:40 am | lanka C news
රටම වික්කත්.. මේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වඩා හොදයි.. ඉතිහාසයේ දුර්දාන්තම පාලකයා මහින්දයි.. – ජවිපෙ

ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දීමට විරෝධය පල කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ අද පවතින අර්බුද වලට මුදල් සොයා ගැනීම සදහා වත්මන් ආණ්ඩුව රටේ තිබෙන වටිනාම සම්පත් විකුණා දැමීම ප‍්‍රතිපත්තියක් කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ජවිපෙ සියළු නායකයින් රට පුරා මේ මොහොතේද පවසමින් යන්නේ මහින්ද රාජපක්‍ෂ පරාජය කරවීමට සහාය දැක්වීම ඉතා නිවැරදි දෙයක් බවයි.මේ ආණ්ඩුවද නරක නමුත් පැවති රාජපක්‍ෂ පාලනය තරම්ම නරක නැති බවද ඔවුහු කියති. මේ මතය කියමින් ජවිපෙ මේ දිනවල රට පුරා ජනහමු පවත්වමින් සිටිති.

ජවිපෙ හිටපු මන්ත‍්‍රි ලාල් කාන්ත මෑතකදී කියා සිටියේ ඉතිහාසයේ බිහි වූ දුර්දාන්තම පාලකයා මහින්ද රාපජක්‍ෂ බවයි.

46 views
Main News