රටම විකිණීම විතරයි.. මේ ආණ්ඩුවේ යහපාලනයක් නෑ..- මල්වතු නාහිමි
June 5, 2018 at 11:20 am | lanka C news
යහපාලනය යයි කියා බලයට ආ මේ ආණ්ඩුවේ කිසිදු යහපාලනයක් නැතැයි මල්වතු මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ කියති.
අද සිදුවෙමින් ඇත්තේ රටේ සියළු දේ විකුණා දැමීම යයිද උන් වහන්සේ කියා සිටිති.
නකල්ස් වනාන්නතරයෙන් අක්කර 22,000ක් ඇමතිවරුන් දෙදෙනෙකුගේ උවමනාව මත පුද්ගලික සමාගම්වලට ලබා දීම සම්බන්දයෙන් උන් වහන්සේ දැනුවත් කිරීමට පැමිණි ‘සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරය’ නියෝජිතයන් හමුවේ මේ බව කියා සිටියහ.
‘මේ ආණ්ඩුව දැන් කරන්නේ ඔක්කොම විකුණන එකයි. දැන් හන්තානත් විකුණලා ඉවරයි. මේ ගැන ජනාදිපතිතුමාර ඇයි තීරණයක් ගන්න බැරි’ යයිද උන් වහන්සේ කියා සිටිති.
මල්වත්තෙට ඇලෝසියස් සලකලා නෑ වගේ.
ඇලෝසියස් සලකපු list එක දැක්කම තද වෙන්න ඇති. ඒ ආලවකයන්ට බෙදුවට මට බෙදුවේ නෑ කියලා.
ඊළඟට විකුණන දේපොලින් අපෙ හාමුදුරුවන්ට කොටහ ලැබෙයි. ඉවසා වදාරන්න.