රටම හොල්ලන 2013 ‘එයාබස්’ වංචාවේ සුලමුල මෙන්න.. මෙන්න..

February 3, 2020 at 10:32 pm | lanka C news
රටම හොල්ලන 2013 ‘එයාබස්’ වංචාවේ සුලමුල මෙන්න.. මෙන්න..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

එයාර් බස් සමාගම විසින් අල්ලස් දී ගුවන් යානා ඇණවුම් ලබා ගැනීම පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඒකාබද්ධව කළ විර්මශනයේ ප්‍රතිඵලයක් ලෙස එයාර් බස් සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ නඩු පැවරුවා. ඒ නඩුවේ දී ඩොලර් බිලියන 4ක් දඩයක් ලෙස ගෙවලා නඩුව සමථයකට පත් කර ගන්න දෙපාර්ශවය එකඟ වෙලා. එය ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් ට්‍රිලියනයකටත් කිට්ටු මුදලක්.

ඒ සමථයේ දී 2011 සහ 2015 අතර කාලයේ දී ගුවන් යානා විකුණා ගන්න ශ්‍රී ලංකාව, මැලේසියාව, තායිවානය, ඉන්දුනීසියාව සහ ඝානා යන රටවල අයට තමන් අල්ලස් දුන් බව පිලි අරන්. ඒක පිලි අරන් ඩොලර් බිලියන 4ක දඩයක් ගෙවන එක සමාගමට වාසියි. මොකද විමර්ශන ඉදිරියට ගියා නම් තවත් රටවල් ගණනාවක අල්ලස් ගෙවීම් හෙලි වෙන්න තිබුණු නිසා.

වාර්තා වන ආකාරයට මෙම අල්ලස අරගෙන තිබෙන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හි ප්‍රධාන නිලධාරියෙකුගේ බිරිඳක්. ඇත්තෙන්ම දේශපාලකයින්ගේ දූෂණ පිළිබඳ සමාජයේ කතිකාවතක් තිබුණත් නිලධාරින්ගේ දූෂණ පිළිබඳ කතිකාවතක් නෑ. ඒකට හේතුවෙලා තියෙන්නේ දේශපාලකයන්ට විරුද්ධ පක්ෂයක් තිබුනත් නිලධාරීන්ට එහෙම විරුද්ධ පක්ෂයක් නොමැතිවීමයි.

එක් ව්‍යාපාරිකයෙකු මට අපූරු කතාවක් කිව්වා. ව්‍යාපාරිකයින්ට දේශපාලකයෙකු අල්ලා ගන්නවාට වඩා නිලධාරියෙකු අල්ලා ගැනීම වාසියි. දේශපාලකයෙකු අල්ලා ගත්තොත් අවුරුදු පහයි. නිලධාරියෙකු අල්ලා ගත්තොත් අවුරුදු තිහයි. දේශපාලකයෙකු අවුරුදු පහකට පස්සේ පරදින්න පුළුවන්. වුණත් නමුත් නිලධාරියෙකු විශ්‍රාම ගන්නා තුරු අවුරුදු තිහක් විතර සේවය කරනවා. නිලධාරීන්ගේ දූෂණ පිළිබඳව අලුත් කතිකාවතක් ඇති කරන්න මේ කාරණය ඉවහල් වේවි යැයි අප විශ්වාස කරනවා.

අල්ලස් විමර්ශනය කරපු රටවල් තුනට එයාර් බස් සමාගම විසින් ඩොලර් බිලියන 4ක දඩයක් ගෙවලා විමර්ශනය නතර කර ගන්නවා කියන්නේ ඇත්තෙන්ම ඒකත් අල්ලසක්. ඒ කියන්නේ අල්ලස් විමර්ශකයින්ටත් අල්ලස් දීලා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අයට ලබා දුන් අල්ලස ගුවන් යානා වල මිළට එකතු කර තිබෙන්නේ. ගුවන් යානා වලට මුදල් ගෙව්වේ බදු ගෙවන අපි. අවසානයේ දී ඔය අල්ලස ගෙවලා තිබෙන්නේ මේ රටේ ජනතාව මිස එයාර් බස් සමාගම නොවේ.

ඒ නිසා හරි නම් අල්ලස නිසා ලංකාණ්ඩුවට වුණු පාඩුව පියවීමට එයාර් බස් සමාගම අල්ලසේ ප්‍රමාණයට සරිලන වන්දියක් ලංකාණ්ඩුවට ගෙවිය යුතුයි. මොකද ඒක ශ්‍රී ලංකාවේ ජනතාව වැඩියෙන් ගෙවා ඇති මුදල් ආපසු අය කර ගැනීමක්. එයාර් බස් සමාගමට එවැනි මුදලක් ගෙවීමේ හැකියාව තියෙන විත්තිය ඩොලර් බිලියන 4ක වගේ මුදලක් සමතයක් සඳහා ගෙවීම නිසා අතිශයින්ම පැහැදිළියි.

එහෙම නැතත් ඔවුන් කළේ වැරැද්දක්. වැරැද්ද නිසා සිදුවූ හානිය ප්‍රතිපුර්ණය වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට ගෙවූ අල්ලස හා සමාන මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතුයි. එය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ද කටයුතු කළ යුතුයි.

– අරවින්ද අතුකෝරල

85,081 Viewers

17 Comments to “රටම හොල්ලන 2013 ‘එයාබස්’ වංචාවේ සුලමුල මෙන්න.. මෙන්න..”

  1. RW says:

    බලන කොට නිලධාරීන් එකතු වෙලා තමයි මේ රට පස්සට අරං ගිහින් තියෙන්නේ . එතකොට දේශපාලකයො මුකුත් තේරෙන්නේ නැති බබාලා. ඒ ගොල්ල ඔහේ බලන් ඉදලා තියෙන්නේ .

    • Boo says:

      එහෙම තමයි දූෂිත නිලධාරීන් දැන් කියන්නේ.

    • හාවා says:

      සියඹලා තිබිලාම් නැහැ .

    • සිංහල බණ්ඩා says:

      මහින්දගෙ මස්සිනාට කොටසක් ගිහින්.

    • KP says:

      දූෂිත නිලධාරි, දූෂිත දේශපාලකයො ගැන මේකෙ ටෝක්ස් දෙන කොමෙන්ට් දාන කී බෝඩ් වීරයො කී දෙනෙක් 100,000ක් දෙන්නං මේ වැඩේ කරපං කිව්වොත් නොකර ඉඳීද? මේ කී දෙනෙක් office එකේ ෆයිල් කවර, A4 sheet ගෙදර ගෙනියන්නේ නැද්ද?, කී දෙනෙක් office එකේ photocopier එකෙන් ලමයින්ගෙ ඉස්කෝලෙට ඕන දේවල් ⁣Photocopy කරන්නේ නැද්ද? මචං, හැන්දේ තරමට බෙදා ගන්න මිනිස්සු නං රටේ ඉන්නේ අහවලා විතරක් දූෂිතයි කියලා කියන්න බෑ නේ.

      අනික මේකෙ කවුද කතා කරන්නේ කොම්පැනි වල දූෂිත බව. මචං පෞද්ගලික අංශය තමා අම්බම දූෂිත. අවුරුද්දෙ අන්තිමට කැලැන්ඩර් ගහපුවාම ගහපු printer ගෙන් hamper එන්නේ නැද්ද procurement එකේ එවුන්⁣ට? Suppliers ලා දුන්නාම gift voucher ගත්තේ නැති එකෙක් ඉන්නවා නං කමෙන්ට් එකක් දාපං… ඒකම තමා බං ලොකු වෙලා ලොකු වෙලා දේශපාලකයෙක් වුනාම කොම්පැනි වලින් ලොකු ගණන් වලින් කොමිස් හම්බ වෙනවා කියන්නේ.
      දැං ඇස් පනාපිට පේනවානේද air bus company ය අල්ලස් දීලා කියලා. කවුරුත් කතා කරන්නේ නෑ නේද private company වලින් මේ කරන දූෂණය.

    • පොලොන්නරුවේ වෙද මාමා says:

      ඇයි බොලං ගම්මන්පිල ඇමැතිතුමෝ, බොලාගේ ආංඩු වල ලොකු ලොක්කන්ට ඔයාකාර බල පුලුවං කාර කං තියෙනවා නම්, බොලා මොකටද ඔය මැති අමැති පට්ටංතර බාරගත්තේ! දියවන්නා වලව්වට ගෙහුං හිට වල කජු කෙලින්නද? – ඇත්ත ඒක නෙවෙයි බොලං! බොලා තමයි රටේ නිලධාරි ඇත්තන්ට හොරකම කම තක්කඩිම බෝ කොරෝ. අර අපේ පැත්තේ මහ ගමරාලයාගේ, ග්‍රාමසේවකයා වෙච්චි ලොකු ඒකා රටේම ලොක්කා කොරලා එව්වා! බලාපිය කෝ ඒකා කොරාපු වින්නැහිය. රටේම ආරක්ෂාවා බල්ලට දාලා හිටියා, ඒකා වටේ හිටිය එවංම බෝම්බ පුලුස්සලා දැම්මා. මේ හිවල් මොටා මොකද කොරේ අර පොලොසියේ ලොක්කයි ඒකාගේම ලේකමයි අල්ලා දාපි හිරේ. ඉතිං මං මේ නිකං කියන්නේ, මේ ගම්මපිල කියන ඇමැති ගොබිලත් ඔය ගමයා ගේ රැහේම එකෙක් නොවැ. මේ කුංගේ පාට මොකක් වුනත්, මැති සබේ මුනෙන් මුන බලාගෙන විරුද්ධ ආසනේ ඉඳ ගත්තට එක වල්ලෙ කුන්දිරා බොල්ල. බණ කෙලිනවා මිනිස්සුන්ව රවට්ටන්න, මුංදැලා ඔක්කෝ කොටබාන්නේ එකැම පතේ නොවැ! ගෝඨාභය උන්නැහේ ගැන අපි බලාපොරොත්තු තිබා ගෙන ඉන්නවා. මේකුං රැල එතුමාට මේක කොරාගෙන යන්න ඉඩ දෙයි ද කියලත් සැකයි ඕං!

  2. Manel says:

    Its very true. Every one is talking about corrupted politicians. They all ignore day to day occurrences of frauds and abuses of Govt. and private officials. Even the lowest grade worker would get a bribe if the opportunity arrives.

  3. නිමල් says:

    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි

  4. Rasika Harischandra Suriyarachchi says:

    වහාම එයාර් බස් සමාගම ජනසතු කරන්න.

    • මීක් says:

      ඒකට ප්‍රංශය කැමතිවෙයිද කියන එකයි ප්‍රශ්නය. හැබැයි ගොටාබය මහත්තයා ඇමෙරිකාවට කියලා බයකෙරෙව්වනම් ප්‍රංශය කරයි.

  5. Eiffel says:

    ඔව් තොපි ඔක්කොම බබාල…. ඔය නිළධාරින් බය නැතුව ඔච්චර ලොකු ගනුදෙනු වලට යන්නෙ පිටිපස්සෙ දේශපාලනපහයිය හා බලපෑම තියන නිසා.. මේකට සම්බන්ධ හැම එකාවම එළියට අරදලා අරං හිරේ දාන්න ඕනා… මහින්ද වුනත් කමක්නෑ ගෑවිලා ඉන්නවනම් එකම දඩුවම දෙන්න ඕනා… අපි ගෝඨව ගෙනාවෙ ඒකට…ගෝඨ කළේ නැත්නම් ආයෙ වෙන කව්රුවත් ඕක කරන්නෙත් නෑ….

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    එයාර් බස් සමගින් වන්දියක් ගන්න. ඒත් එක්කම අල්ලස් මුදලට සමාන මුදලක් සහ දඩ මුදලක් අල්ලස් ගත් අයගෙන් අය කර ගත යුතුයි. මේ සදහා නීති වෙනස් කර හෝ චුදිතයින්ගේ, දරුවන්ගේ දේපල, බැංකු ගිණුම් තහනම් කර අය කර ගන්න. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන්න. නැතිනම් ගෝටාභය නෙවෙයි ශක්‍රයා රජ වුනත් මේ රට හදනවා බොරු. මේක තමයි අවසන් අවස්ථාව. ගෝටාභය මෙය කලොත් මිසක් මහින්දගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

  7. සරදියෙල් says:

    අප්පච්චිට බනින්න එපා දෙයියනෙ. උඹලට රට බේරගත්ත එක අමතකද?

  8. Maraya says:

    ඇයි මහින්දගෙ මස්සිනා මෙි කාලයේදි එයාර්ලංකා සභාපතිනේද ????? පුදුමෙ කියන්නේ ඌ කොනකවත් ගෑවිලා නැතිඑක

  9. Gini says:

    1 get rid of thieves. Other wise nothing will happen in Srilanka.

  10. Manoj says:

    “ව්‍යාපාරිකයින්ට දේශපාලකයෙකු අල්ලා ගන්නවාට වඩා නිලධාරියෙකු අල්ලා ගැනීම වාසියි. දේශපාලකයෙකු අල්ලා ගත්තොත් අවුරුදු පහයි. නිලධාරියෙකු අල්ලා ගත්තොත් අවුරුදු තිහයි. ”

    Anry palayan GONMANPILA !!! Uba meka නිලධාරියෙකු peththata push karala, MR ta SUDU HUNU gana eka. Kawadada Mooodayooo “නිලධාරියෙකු අවුරුදු තිහ”k raja kaley ??? දේශපාලකය අවුරුදු පහ n maru wechcha gaman නිලධාරිth maaaru thamaaai.

    Kalabala nethuwa hitapan, eeelagata mekata gevichcha දේශපාලකය kavuda kiyalath නිලධාරි heli karai 🙂 🙂 🙂

Main News