රටවල් ගණනාවක් ලංකාවට සංචාරයන් නවතති.. එන ගුවන් යානා මගීන් ඉතාම අඩුයි.. කටුනායකත් වී වේලන්න හැකියි..

May 12, 2019 at 8:40 am | lanka C news
රටවල් ගණනාවක් ලංකාවට සංචාරයන් නවතති.. එන ගුවන් යානා මගීන් ඉතාම අඩුයි.. කටුනායකත් වී වේලන්න හැකියි..

අත්‍යවශ්‍ය කරුණකට හැර ලංකාවේ සංචාරය නොකරන ලෙස ලෝකයේ ප‍්‍රධනම රටවල් 35ක පමණ ප‍්‍රමාණයක් සිය රට වැසියනට උපදෙස් ලබා දී තිබේ.

එම රටවල් අතරට අැමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය ඇතුළු රටවල්ද වෙයි.

දැනටමත් එම රටවල් විසින් මේ පිලිබදව වන විශේෂ සංචාරක උපදෙස් මාලාවන් නිකුත් කර ඇත.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට එම රටවලින් පැමිණෙන සංචාරකයන් ඉතාමත් අඩු වී තිබේ.

බෙහෝ ගුවන් සේවා මෙරටට පැමිණෙන වාර ගණන සීමා කර හෝ නවතා දමා ඇත.

මෙරටට පැමිණෙන ගුවන් යානාවල සිටින්නේ ඉතාමත් අඩු මගී පිරිසක් යයිද වාර්තා වන අතර ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තය ඉතාමත් පාළු ස්වභාවයක් ගනී.

31 views

12 Comments to “රටවල් ගණනාවක් ලංකාවට සංචාරයන් නවතති.. එන ගුවන් යානා මගීන් ඉතාම අඩුයි.. කටුනායකත් වී වේලන්න හැකියි..”

  1. සංචාරකයින් මත යැපිලා says:

    සංචාරකයින් මත යැපිලා හරියන්නේ නැහැ. ස්වයංපෝෂිත ස්වාධීන ආර්ථිකයක් හදාගන්න නායකයෙකු පැමිණිය යුතුයි.

  2. නෙවිල් says:

    යහපාලනයට ජයවේවා

  3. CHAMINDA -SADA STF says:

    THANK YOU VERY MUCH FOR DESTROY THE SRI LANKA….GREAT ACHIEVEMENT WE GOT AFTER ALL THESE.
    THANK YOU ALL UNP / SLFP / JVP

  4. Gayantha says:

    රටක් වුනහම එක ආදයම් මාර්ගයක් මතම යැපෙන්නේ නැතුව විවිධ ආදයම් මාර්ග ශක්තිමත් කරගන්න ඔන. දේශිය ආර්තිකේ හදගෙන ඉන්න ඕන ඔක්කොටොම කලින්. රට වටේම මුහුද හැබයි ටින් මාලු එන්නේ චීනෙන්, පිටින් එන පරිප්පු සහ පාන් පිටි ගිල ගිල ඉන්නවා මුසක් විකල්ප ක්‍රම හොයන්නේ නෑ, මෙච්චර අව්ව තියෙන රටක් වෙලත් සොලර් වගේ ඒවට යොමු වෙන්න ලොකු උත්සයක් පේන්නේ නෑ, අපනායන වෙලදපොල ශක්තිමත් කරගන්නත් උත්සහයක් නෑ ඉතින් කොහොමද රටක් විදියට හිස ඔසවන්නේ.

  5. මුo මෙහාටත් වී ගෙනත් දමයිද….?

  6. Deshan says:

    ඉස්සර UNP කාරයෝ කෑ ගැහුවෙ මහින්ද වගේ නෙවෙයි අපි ධනවත් සංචාරකයෝ ගෙන්වනවා කියලා . කෝ දැන් ධනවත් තියා හිගන සුද්දෙක්වත් නෑ .

  7. Indrajith says:

    ලංකාවෙන් පිටත්වුන එක් ගුවන්යානාවක මගීන් හිටියෙ 15ක් පමන විතරයි..නමුත් එම ගුවන්යානාවට මාලදිවයිනේදී යානාව පිරෙන්නම සංචාරකයො නැග්ගා..අපේ රටට සංචාරකයො එන්න බයයි දැන්.

  8. sunimal says:

    මෙයට යහපාලනය ගෙනාපු බුරුවන් වගකිව යුතුය

  9. වික්කමසිංහ De බටලන්ද says:

    එහෙනම් අපි කටුනායකත් කීයකට හරි විකුනල දාමු.

  10. රටවැසියා says:

    ඔය කියන හැම වරදකටම මේ මිනිහත් හවුල්. ඒවට මේ මිනිහත් ගොඩක් වග කියන්න ඕනි.

Main News