රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS
January 23, 2021 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්
මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක්වූ සයිබර් අපරාධ ගණනාවකම වින්දිතයන් ලෙස ටික්ටෝක් පරිහරණය කරන තරුණ දරුවන් පත්වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිව තිබේ. ටික්ටෝක් යෙදුම ක්‍රියාත්මක වන ස්වරූපය හේතුවෙන් කුඩා දරුවන් බොහෝ ප්‍රමාණයක් තම අධ්‍යාපන කටයුතු වලින් බැහැර වී කාලය කා දැමීම සදහා මෙම යෙදුම යොදාගන්නා අතර එම තත්වය අවස්තාවක් කරගනිමින් තම අපරාධමය අරමුණු ඉටුකර ගැනීම සදහා මාන බලන සයිබර් අපරාධ කරුවන්ගේ ප්‍රමාණයද ඉහල ගොස් ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී තිබේ.
තරුණ ප්‍රජාව විවිධ සමාජ මාධ්‍ය යෙදුම් වලට යොමු කිරීමට ප්‍රථම ඒ ඒ සමාජ මාධ්‍ය අඩවිය ඔවුන්ගේ පරිශීලකයන්ගේ දත්ත සම්බන්ධයෙන්, එම පරිශීලකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අකාරය සහ තරුණ ප්‍රජාවගේ හා දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල ඇති නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් අවධානය යොමු කොට පමණක් ටික්ටෝක් වැනි යෙදුම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් නැතහොත් නොදුරු අනාගතයේදී මෙවැනි යෙදුම් මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට නොහැකි බවත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත අවධාරණය කරමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
We like Tiktok. It’s innocent app. We don’t want advice from NGO karayaas
I wonder who told you that TikTok is banned in the US. Tik Tok is not banned in the USA. I know this because I live in California.
Dan apita adu Tik Tok vitharai.
Regards,
Minister Tom & Jerry
mathiw kuruvita kiyana me gon labba kiyana eva piliganne kauda. aey yako anik ratawal tahanam kala kiyala apith tahanam karanta onaeda?