රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

June 1, 2021 at 12:01 am | lanka C news
රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

ගැටලූ සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.

වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට අයත් මුහුදු තීරය සම්පූර්ණයෙන්ම විනාශ වන තත්ත්වයකට පත්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

31,870 views

26 Comments to “රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි”

  1. Amda says:

    පුද්ගලිකව කැමැත්තක් නෑ..ඒත් මේ කතාව ඇත්ත! රටේ වෙරල කෑවා

  2. ගයාන් says:

    රිලාසිරිය කවුරුහරි ගණන් ගනීද බලන්න මේ මහා බොරුවක් කරන්නේ.. ඔය ප්‍රතික්ෂේප කරා කියන රටවල් දෙකේම වරායවලට ගිහිල්ලා බඩුත් බාලා මේ නැව ඇවිල්ලා තියෙන්නේ.. නැව් ඔපරේටර් සමාගමම කියනවා ඒ බව.

  3. ''මාත්‍රෘභුමියට'' අවංකව ආදරයකරන පුද්ගලයෙක්..!..! says:

    ”දයාසිරි ඡයසේකර” ”මාත්‍රෘභුමියට” අවංකව ආදරයකරන පුද්ගලයෙක්..!