රටවැසි සැමට සෙත් පතන 21ක් දිනත් සෙත් පිරිත් සජ්ජායනය ජනපතිසහභාගීත්වයෙන් ඇරඹේ….

November 19, 2020 at 2:12 am | lanka C news
රටවැසි සැමට සෙත් පතන 21ක් දිනත් සෙත් පිරිත් සජ්ජායනය ජනපතිසහභාගීත්වයෙන් ඇරඹේ….

රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් 18 පස්වරුවේ ආරම්භ කෙරිණ.

ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධාන කිරීමේ අරමුණයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පිංකම සංවිධාන කෙරිණ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රි කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පූජ්‍ය පහලවිටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 200 නමක් එක්ව සිටිති.

සධාතුක කරඬුව තැන්පත් කිරීම සහ පිරිත් දේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

8,989 views

10 Comments to “රටවැසි සැමට සෙත් පතන 21ක් දිනත් සෙත් පිරිත් සජ්ජායනය ජනපතිසහභාගීත්වයෙන් ඇරඹේ….”

  1. PULATHISI says:

    අතිඋදාරයි. අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂවක ලේකම් වශයෙන් සිටියදී, කොටි උවදුර පලවා හැරීම සඳහා එම යුධ සමය තුළම මහා සංඝ රත්නය තුන් දහසක් බණ්ඩාරනායක ජාත්යහන්තර සම්මන්ත්රතණ ශාලාවට වැඩමවා පිරිත් දේශනා පවත්වන ලදී. එසේ මානුෂික මෙහෙයුම ජයග්රනහණය කළා සේම කොරෝනා උවඳුරද දූරින් දූරු වී අපේ රටට සුවසෙත උදාවන්නේය. මෙම පරිත්රාමණ දේශනාවේ බලයෙන් සියලු දෙනා සුවපත්වේවා. සෞභාග්යු උදාවේවා.

  2. wijebahu says:

    Sir when are you going to come out stupid these mythical yaga homa.? wada bari wunama ohoma thamayi. just take a example from SJB MP who ate a raw fish. looks silly but effective.

  3. ආගමික ශබ්ද දූෂණය එපා says:

    කරුණාකර, අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර්වලින් සිදුකරන ආගමික ශබ්ද දූෂණය නවත්වන්න !
    අහල පහල ජීවත්වෙන මිනිස්සුන්ට ඒ ශබ්දය ඉවසන්න අමාරුයි

    • opps says:

      මේ උතුම් පිරිත් සජ්ජායනා අහන වාරක් පාසා සියලුදෙනාටම සාසන බල වැඩේවා! මේ අත්බැව තුළම සතර අපායෙන් සඳහටම නිදහස් වීමට මං විවර වේවා!

  4. lalith says:

    දූෂිත පරිසරයක ජීවත් වීම කොරෝනාවට හේතුවයි.
    නිසි මල කසල කළමනාකරණයක් නැතිව.හුස්ම ගැනීමට ඇති පරිසරය වනසමින් වස විස ඇති ආහාර පාන භාවිතා කරමින් කරන පිරිත් සජ්ජායනා පල රහිත බව මගේ හැගීමයි.

  5. kkuruwita says:

    සාධූ සාධූ සාධූ !!! රටටම සෙත්වේවා !!!!🙏🙏🙏

  6. Ex ත්වුහිද් ජමාඅත් says:

    දැන් මේකට කෙලවෙලා ඉවරයි. පිරිත් කියලා ධාතු වන්දනා කරලා ගොඩදාන්න මට්ටමක නැහැ. හෙට අනිද්දට නෙමේ දැනුත් පාරේ යනකොට මැරෙන සින් එකක් තියෙන්නේ. ඇත්තෙන්ම හාමුදුරුවරු ශ්‍රාවකයෝ දෙගොල්ලොම සිල්වත් නම් මේ මොකුත් ඕන නැහැ, නිකම්ම ආරක්ෂාව ලැබෙනවා. කරුණාකර මේ අනවශ්‍ය දේවල් වලට නිකරුනේ මුදල් නාස්ති නොකර තව PCR ටෙස්ට් කරන්න බලන්න.

  7. naleen says:

    SF නොහිටින්න තාම පිරිත් කියවනො කොටි එලවන්න

  8. ක්‍රිමිනල් says:

    ජය වේවා ! 😂😂😂

Leave a Comment

Main News