රටේ අස්ථාවරත්වය විසදන්න අලුත් යෝජනාවක් එයි.. අගමැතිකම මහින්දට.. පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රීට..

September 25, 2018 at 10:40 am | lanka C news
රටේ අස්ථාවරත්වය විසදන්න අලුත් යෝජනාවක් එයි.. අගමැතිකම මහින්දට.. පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රීට..

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ඇතුලත් නව සන්ධානයක ජනාධිපති අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ඇමති එස්.බී. දිසානායක ඇතුලු පිරිසක් මෙම යෝජනාව වෙනුවෙන් මුල්වී කටයුතු කරමින් සිටිති.

ඔවුන් පෙන්වා දී ඇත්තේ අද වන විට රට තුල මතුව ඇති අස්ථාවරතත්වයට විසදුමක් ලෙස මේ හැර වෙනත් විසදුමක් මේ මොහොතේ සොයාගත නොහැකි බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා මෙම යෝජනාවට මෙතෙක් කැමැත්ත පල කර නැති අතර ඔහුගේ සමීප දේශපාලන හිතවතුන් පෙන්වා දී ඇත්තේ මෛත්‍රී පාර්ශවයෙන් එන යෝජනා වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉතා ප්‍රවේශමෙන් බවයි.

100 views
Main News