රටේ අස්ථාවරත්වය IMF සාකච්චාවලට බාධාවක්..- මහ බැංකු අධිපති රොයිටර් වෙත

July 12, 2022 at 4:40 pm | lanka C news
රටේ අස්ථාවරත්වය IMF සාකච්චාවලට බාධාවක්..- මහ බැංකු අධිපති රොයිටර් වෙත

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා වලට බාධා වනු ඇතැයි මහ බැංකුවේ නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙරට ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ස්ථාවර දේශපාලන තත්ත්වයක් අවශ්‍ය වනු ඇති බවයි.

එම තත්ත්වය කඩිනමින් ඇති විය යුතු බවත් එතුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පහසු බවත් හෙතෙම කියා සිටී.

මෙරට ආර්ථික අර්බුදය විසඳා ගතහොත් ඉන්ධන ගෑස් සහ අනිකුත් අර්බුද විසඳා ගැනීමට හැකිවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ඉන්දියාව සමග ඩොලර් බිලියනයක මූල්‍ය හුවමාරුවක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් එම තවදුරටත් කියා තිබේ.

20,825 views

12 Comments to “රටේ අස්ථාවරත්වය IMF සාකච්චාවලට බාධාවක්..- මහ බැංකු අධිපති රොයිටර් වෙත”

  1. දේවක says:

    රට අස්ථාවරනම් තමුන් මොහොතක්වත් තනතුරේ ඉන්නෙ නැහැ කියල කයිවාරු ගැහුවනේද? ඉතින් යනවකො ආපහු PR තියෙන ඔස්ට්‍රේලියාවට. අන්තරේ කට්ටියයි ජෙප්පොයි පෙරෙට්ටොයි ඇප්ගනිස්තානෙ ලිබියාවවගේ රට තල්ලු කරගෙන යයි.

  2. අපි පව් says:

    ඕමල්පේ සෝබිත ට හෝ අනුර කුමාර දිසානායක ට හෝ කුමාර් ගුනරත්නම් සහොදරය ට රිපෝට් කරන්න ,ලස්සනට විසදල දෙයි ,බෙරිම උනොත් IMF කාර්‍යාල ය ළඟ අරගල කරල හරි වෙඩේ කරල දෙයි

  3. IMF says:

    ගෝඨාභය රට ස්ථාවර කරලා අයින් වෙන්න ඉන්නකොට මුන්ට හදිසි වුනා. දැන් එකේ ආධාරත් නැතුව ආපහු තෙල් නැති වුනාම කෑ ගහපල්ලා, ගිනි තියපල්ලා

  4. Helaraju says:

    Adaara epoo aragala karnne kiyanna okun kanna bonna nethiwa merila yaavi.kalakanni awajathaka ballo nisa rata winasaya swabadahamin nisi daduwam aragala kala kalakanni jathidrohi thrastha wadi ballanta lebenawamaya.okunta saapa wewaa

  5. S. Vitharana says:

    අනුර කුමාර අගමැති උනාම IMF එක අපට දෑත බදල අරගෙන යන්න දේවි නය! කට ඇරගෙන හිටිය නං

  6. ආයුබෝවන් says:

    Wow now we have few bloody agents running the country don’t be surprised Indian army or USA troops to come to our country. After all Anura ,Champika, Sajith , Basil, Kumar, NGOs & Omalpe Sobitha are very much part of this script. So guys have fun until water start boiling then U all know what happened to crab. Sinaleles always get divided very easily. That’s the reason we suffered 30 yrs old war. Now we are facing even more with USA they badly bwant to use our mother land against Russia. MCC is back on track too.

    • the worst thing is, i have this feeling that we’d be terribly trapped in the indo-pacific geopolitical conspiracies after president resigns and the country become politically unstable.if that happens,may thunder strike those aragala idiots at once.

    • Annonymous says:

      Wellsaid

    • Sahana says:

      Very correct . Not only MCC the most dangerous SOFA is also back on the track. If so no rescue with US troops. Poor Sri Lanka.

  7. ඇත්ත says:

    ඔබත් මහ බැංකුවේ සේවය කරපු ජේෂ්ඨ සේවකයෙක් නේ. අපි මේ හොඳයි නරකයි කියන හැම දේශපාලකයන් එක්ක හොඳ සබඳතාවයකින් වැඩ කරපු කෙනෙක් . ඒ කාලෙ ඔවුන් ට යටත් පහත්ව වැඩ කල ඔබ මේ තත්ත්වයට රට පත්වෙයි කියලා දැන දැනත් මහ බැංකු අධිපති තනතුර නොලැබුණු නිසා කනස්සල්ලෙන් රට දාලා යනවා.
    ඇත්තටම දැන් ඔබ තුමා නැවත පැමිනේන්නේ හොඳ දේශපාලන ආරාධිත පැකේජ් එකකට සහ තමුන් ගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරගන්න .
    ඔබටත් ස්වාධීනව කල හැකි දෙයක් නැත. දැනටත් ඔබ අගමැති ට සහ ජනාධිපති ට ” යස් සර් ” කියනවා හැර “නො සර් “නොකියනු ඇත. වක්‍රව ඔබත් වගකිව යුත්තෙකි.

  8. sunimal says:

    20 වෙනිදා පසු සියල්ල යටා තත්වයට පැමිණේ.

  9. බයිසන් says:

    අරගලයේ ගංකබරයෝ IMF සාකච්ඡා වලට යැව්වා නම් උන් උද්ගෝෂණ කරලා ඩොලර් බිලියන 5 සොයා ගනියි.

Main News