රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය

March 4, 2019 at 5:30 pm | lanka C news
රටේ ආදායම අඩු වී ඇත්තේ බදු අදායම මදි නිසා..- සමන් රත්නප‍්‍රිය

රට තුල බදු ආදායම අඩු  විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පැවසිය.

සමන් රත්නප්‍රිය මහතා එ බැව් පැවසුවේ සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව විසින් හැටන් දික්ඔය නව නගර ශලාවේ කදුරට පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මේ රට තුල බදු මුදල් ගෙවන මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙදෙහසක් සිටින බවත්, එම ව්‍යපාරිකයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බදු මුදල් නොගෙවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියි.

එම මුදල් අය කර ගැනිමට රට තුල නිසි වැඩ පිලිවෙලක් නොමැති බවත්, මේ රටේ සමාන්‍යය ජනතාව පමණක් බදු මුදල් නිසි ලෙස ගෙවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේයි.

රටේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට බදු මුදල් නිසි ලෙස එකතු කල යුතු බවද සමන් රත්නප්‍රිය මහතා කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

249 views