රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

August 13, 2019 at 10:00 am | lanka C news
රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා මහතා පැවසීය.

එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවද ඔහු කියා සිටියේය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝටාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද සඳහන් කළේය.

අද ජනතාව ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ආරක්ෂාවට බවත් දුරබලන පුද්ගලයකුට එය තේරුම් ගත යුතු යයි ෆොන්සේකා මහතා කියා සිටියේය.

මීට ඉහත අවස්ථාවකදීද ෆොන්සේකා මහතා සදහන් කර තිබුනේ මාවිල්ආරු සොරොව්වු කොටි ත‍්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගත් අවස්ථාවේදී එවකට ආරෂක්‍ඛ ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පහර දීමේ නියෝගය විනාඩි 05ක් ඇතුලත ලබා දුන් බවයි.

මොන වැරදි තිබුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහත්වරුන් යුද්දයට නිවැරදි නායකත්වය දුන් බවද ඔහු සදහන් කර ඇත.

46 views

44 Comments to “රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..”

  1. David Milli-banda says:

    Fonny, its time to put aside the animosities
    We have been telling this to you for a long time. Now you are putting the country before yourself.

  2. Mudiyanse says:

    Politics is very crays! No friend or no enemies, but waiting for the opportunity to get a place to survive! Strong arms know how to twist the weak arms and bend them down. This is another time to see bending and shearing moments of politics. One by one started to confess their mistake.

Main News