රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

August 13, 2019 at 10:00 am | lanka C news
රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා මහතා පැවසීය.

එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවද ඔහු කියා සිටියේය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝටාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද සඳහන් කළේය.

අද ජනතාව ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ආරක්ෂාවට බවත් දුරබලන පුද්ගලයකුට එය තේරුම් ගත යුතු යයි ෆොන්සේකා මහතා කියා සිටියේය.

මීට ඉහත අවස්ථාවකදීද ෆොන්සේකා මහතා සදහන් කර තිබුනේ මාවිල්ආරු සොරොව්වු කොටි ත‍්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගත් අවස්ථාවේදී එවකට ආරෂක්‍ඛ ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පහර දීමේ නියෝගය විනාඩි 05ක් ඇතුලත ලබා දුන් බවයි.

මොන වැරදි තිබුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහත්වරුන් යුද්දයට නිවැරදි නායකත්වය දුන් බවද ඔහු සදහන් කර ඇත.

46 views

44 Comments to “රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගෙන ගෝටාභය පොහොට්ටුවේ අපේක්‍ෂක කලා.. එජාපයට අමාරුයි..- ෆොන්සේකා..”

  1. Hesh says:

    දැන්වත් එන්න තමන්ට ගැලපෙන්න පැත්තට. ජනාධිපතිම වෙන්න ඕනෙ කියලා එකක් නෑනෙ.

  2. Premarathne says:

    Garu mathithumani, siyalu wada beda ataharala obathumath Gotabhayath samaga ekathuwela me rata goda ganumu, meka sinhala janathawa wenuwen karana kaarunika illimaki.

  3. ExUNPer says:

    Thank you Sir for your open patriotic thinking !

  4. prabath says:

    Combination of Gota and Fonseka is essential to this country to day.Please think and be together to protect mother Sri Lanka.

  5. prabath says:

    Ranil ge lanu kawa athi danwath deshapremi oba desha premi janathawa wetha paminenna….We are waiting….

  6. karu_jayasuriaya says:

    මොහුව විස්වාසකර තබා ගනිම ඉතාමත් බයානකඊ.

  7. CHAMINDA -SADA STF says:

    WE WARMLY WELL COME FIELD MARSHALL SF.
    Thank you sir

  8. වීරෝධාර says:

    ඔබ එදා සිටම පෙන්නුම් කලේ හමුදා දඩබ්බර කමය. එය දේශපාලනයට කොහෙත්ම ගැලපුනේ නැත. අණසක පෙන්වා හැමෝවම මට්ටු කරගත හැකියයි එදා ඔබ හමුදා මානසිකත්වයෙන් සිතීය. නමුත් දේශපාලනයේදී එය එසේ නොවන බව ඔබ දැං දැං තේරුම්ගෙන ඇති සෙයක් අපටද දැනේ.ඒකට කමක් නැත. ඔබ හමුදා මානසිකත්වයෙන් මිදී, කරගත් වැරදි ජීවිතයේ ඉතිරි කාලයේදී අහෝසි කරගනු වස් ඉතා යහපත් දේශපාලකයෙකු ලෙස, ගෝඨා ඉදිරි ජනාධිපති (සේනාධිනායක) ලෙස සිතේ තබාගෙන ඔබත් එදා දේශය වෙනුවෙන් විදහා දැක්වූ රණ ශූරත්වය ගැබ්කර ගත් සිවිල් දේශපාලකයෙකු වී රටට දැයට විශිෂ්ඨ සේවාවක් ලබා දෙනවා දකින්නට අපද බොහෝ කැමතිය. කලබල වී විහින්ම බල්ලා මාක් එකට වැටුණු ඔබ ශ්‍රේෂ්ඨ යුධ කාමියෙකු ලෙස ගෞරවණීය ලෙස රට දැයට සේවාවක් කොට නික්ම යන්නේ නම් අපද ඔබට ආශීර්වාද කරමු. ඒ බැරෑරැම් යුද්ධයේදී ඔබ කල සේවය අඩුවෙන් තක්සේරු කල නොහැක.

  9. U.N.J.V.P says:

    Fonseka kiyana deya sampoorna aththa.

    Eath matanam hithenne miniha me nokiya kiyanne Gotata viruddawa chande illanna thamun thamai niyama sudussa kiyala .

  10. Open mind says:

    යුධ කාමයන්ගෙන් බැහැරව යමක් ඔහුට නැති බව පෙන්වන පළමු වතාව මෙය නොවේ.