රටේ කිසිතැනක ගෑස් සිලින්ඩරයක් පුපුරා නෑ..

November 26, 2021 at 10:40 am | lanka C news
රටේ කිසිතැනක ගෑස් සිලින්ඩරයක් පුපුරා නෑ..

ලාෆ් සහ ලිට්‍රෝ යන සමාගම් නිකුත් කරන ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් සිලින්ඩර් සාම්පල් වශයෙන් ලබාගත් බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එලෙස සාම්පල් ලෙස ලබාගත් ගෑස් සිලින්ඩර් අදාළ පරීක්ෂාව සඳහා ඛනිජ තෙල් සංස්ථාව වෙත අද දින භාර දෙන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ඉකුත් දින කිහිපයේ දී ප්‍රදේශ රැසක සිදු වූ ගෑස් අනතුරුවලට හේතුව ගෑස් සංයුතිය වෙනස් වීම හේතුවෙන් සිලින්ඩර පුපුරා ගිනි ගැනීම් සිදු වී ඇති බවට සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබුණි.

නමුත් එම ගෑස් අනතුරු සියල්ල සිදු වී ඇත්තේ ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් නොව, ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන්, ගෑස් කාන්දුවීමෙන් ගිනි ගැනීම් ඇති වී සිදු වූ අනතුරු බව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු, මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

පසුගිය දිනවල සිදු වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

‘‘ජනතාව භාවිත කරන එල්.පී. ගෑස්වල ප්‍රමිතිය ගැන පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදන රැසක් නිකුත් කර තිබෙනවා. නමුත් ඉතිහාසයේ සිටම ගෑස් අනතුරු රැසක් සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට ගෑස් අනතුරු 10ක් පමණ වාර්තා වෙනවා.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත තවදුරටත් නීති රීති පනවන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා නිවැරැදි ගෑස් භාවිතය පිළිබඳ සෑම නිවසක්ම දැනුවත් කිරීමට වැසටහන් දියත් කරන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බවද පැවසීය.

පසුගිය දිනවල ප්‍රදේශ රැසක සිදු වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ පරීක්ෂාවක් කළ බවද රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු පැවසීය.

ලිට්‍රෝ සමාගම වසරකට ගෑස් සිලින්ඩර ලක්ෂ 350ක් පමණ නිකුත් කරන බවත් ඒ අතරින් අනතුරු 05ක් හෝ 06ක් වාර්තා වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය. ලාෆ් සමාගම 2015 වසරේ සිට නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින් නිවෙස්වල අනතුරු 12ක්, ව්‍යාපාරික ස්ථානවල අනතුරු 09ක්, ගෑස් අලෙවි නියෝජිත ආයතනවල අනතුරු 02ක් සිදු වී ඇතැයි ද පැවසීය.

නිවෙස්වල විදුලි පරිපථ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසද ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් නිවෙස්වල එල්ලෙන වයර්, ගෑස් සිලින්ඩර සමීපයේ තිබූ බවත්. ඒවායින් නිකුත් වන විදුලි පුලිඟු හේතුවෙන් පිපිරීම් සිදු වී තිබූ බවත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා, පැරැණි ශීතකරණ, ගෑස් සිලින්ඩර සමීපයේ තැබීමෙන් මෙවැනි අනතුරු සංඛ්‍යාව ඉහළ යා හැකි බවද පැවසීය.

උදෑසන අවදි වී මුළුතැන්ගෙයට යන විට සුපුරුදු ගන්ධය වෙනුවට වෙනත් ගන්ධයක් වහනය වේ නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ සහකාර සර පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු, ගෑස් සිලින්ඩරයේ බටය, ඊට අදාළ උපාංග කෙරෙහි නිරන්තර පරීක්ෂාවෙන් සිටින ලෙසද දැනුම් දුන්නේය.

ගෑස්වල සංයුතිය පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීම් නොකරන බවද ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකරවයා වැඩිදුරටත් පැවසීය.

– Aruna

35,842 views

22 Comments to “රටේ කිසිතැනක ගෑස් සිලින්ඩරයක් පුපුරා නෑ..”

  1. 0.00069 BIYYO says:

    කවුද බං කියන්නෙ ගෑස් ටැංකි පිපුරුව කියලා ඒ මිනිස්සු කියන්නෙ ගෑස් වල සංයුතිය වෙනස් කරලා නිසා ගෑස් ලීක් වෙනවා .. රාත්‍රී කාලයේදී මුළු රෑම ගෑස් ලීක් වෙලා උදේට ගෑස් පිරුණු කුස්සියේ බල්බ් එක පත්තු වුන ගමන් පුපුරලා යනව 😡
    මේක දැගන්න..ප්‍රායෝගිකව බියුටෙන් ගෑස් එක විතරක් සිලින්ඩර් එකක ගබඩා කරලා ඉන්ධන හැටියට භාවිතා කරන්න බැරි නිසා 20% ප්‍රොපෙන් දානවා. නමුත් ප්‍රෝපෙන් නිසා ලැබෙන තාප ශක්තිය අඩු වෙනවා. ප්‍රෝපෙන් 50% දැම්මාම වෙනදාට වඩා වැඩි පීඩනයක් යටතේ ගෑස් තියෙන්නේ. මේ තත්ත්ව යටතේ සිලින්ඩර වල වැල් අවුල් නම් ලේසියෙන් ලික් වෙනවා. සිලින්ඩර ය පුපුරන්නේ නැති එක ඇත්ත. ඒත් වැල් එක. ඒක සම්පූර්ණයෙන් ගෑස් සමාගම වගකිය න්න ඕන

  2. Suranjan says:

    අනේ .කහං බේසික කොල්ලා

    මේ වෙද්දී 5වෙනි එක…

  3. LalithM says:

    මහජනතාවගේ ආරක්ෂාව ගැන ගොබ්බ ඇමතියෙකුගේ වගකීමේ තරම පෙනෙනවාද? මෙවැනිම ප්‍රකාශ නිකුත්කලා අර ප්‍රේමජයන්ත ගොයියා පෙට්රල් වලට ජලය මිශ්‍ර වී වාහන විනාශ වූ වෙලාවේ. ඒත් දැන් භයානක තත්ත්වයක්.

  4. On The Spot says:

    රටේ කිසි තැනක ගෑස් සිලින්ඩර පිපිරී නැතත් ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බව ඇමතිවරයා ඇතුළු බලධාරීන් පිළිගෙන හමාරය​.අමාරුවෙන් උපයා ගත් සල්ලි දී ප්‍රමිතියෙන් තොර ගෑස් ලබා ගන්නා පාරිභෝගිකයා අනතුරට වැටීම පිළිබඳ සිතන්නට තරම්වත් පුංචි මොළයක් මේ ඇමතිවරුන් හා කරපටි තද කර ගත් නිළධාරීන්ට නැත්නම් අප රට කොතරම් අවාසනාවන්තද?මෙය වක්‍ර ලෙස ජීවිත හානි කරන්නක් නොවේද?පච කයිවාරු,පුරසාරම් පසෙක ලා ජනතා හිත සුව පිණිස වැඩ කරන්නට නොහැකි නම් අකුලා ගෙන ගෙදර යෑම වඩාත් හිතකර නොවේද​?

  5. දුශිතයන් , ආයුධ පෙන්නන්න රැගෙන යායුතුයි,.! says:

    අලගියවන්නම සහ බන්දුල යන දුශිතයන් , ආයුධ පෙන්නන්න රැගෙන යායුතුයි,.!

  6. Elvis says:

    Yako gas leak wenawa. Gas tankiye valve Ekata nawa gas Eka oroththu denne naha. Yako electric spark unata gas leak welath thiyenna oone neda fool

  7. Doli says:

    Minissu paw lankawe. Salli ne. Amaruwen hamba karala gedarata gena gas cylinder ekath pupurana kota podi daruwo ekka punchi gewal wala duk widina demaupiyo mona gindarak uhulanawada . Unta nam mandira. Kussiya bomba gahuwath kamare unta danen ne. E tharam loku maliga . Parliament hathikare. Kalakanni. Deiyoma bala ganna orna mewa .

  8. Henerath Pathiranaghe Athula Senevirathne senevirathne says:

    කොමිස් අරන් .
    මුට මන්නං
    රටේ මිමිනිස්සුනෙ මැරෙන්නෙ

  9. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

  10. ජුවානිස් says:

    කාලකන්නි බල්ලෝ .
    හොරා කකා මහජනතාවට වැරදි කියනවා.
    මෙවැනි මෝඩ සමාජයක තමා මෙවැනි බල්ලෝ රජකරන්නේ බය නැතුව.

Leave a Comment

Main News