රටේ ඩොලර් නෑ.. ඉන්ධන දීමනා කපන්න වෙනවා.. අලුත් ක‍්‍රමයකට හුරුවෙන්න වෙනවා..

January 4, 2022 at 3:00 pm | lanka C news
රටේ ඩොලර් නෑ.. ඉන්ධන දීමනා කපන්න වෙනවා.. අලුත් ක‍්‍රමයකට හුරුවෙන්න වෙනවා..

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තමාගේ ඉන්ධන දීමනාවද කපා හැරෙනු ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

එසේම ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයෙනුත් ණය ලබාගන්නා තත්ත්වයටම අර්බුදයකට ලක්ව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ 2022 වසර සඳහා කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් එහි සේවක පිරිස අමතමිනි.

‘‘අද ​ඩොලර් අර්බුදයක් තියෙනවා මේ රටේ. ඒකේ හංගන්න දෙයක් නැහැ. අපි බංග්ලාදේශයෙනුත් ණය ගන්න රටක් බවට පත්වෙලා තියෙනවා. සමහර විට ජනතා සේවය කිරීමේදී ඔබට යම් යම් කැපකිරීම් කරන්නට සිදුවෙයි. ඔබ බලාපොරොත්තු වෙන බටා එක, අතිකාල දීමනාව, තෙල් දීමනාව ලැබෙන එකක් නැහැ. ඔබට විතරක් නෙමෙයි මටත් එහෙමයි. ඒ නිසා අපිට අලුත් ක්‍රමයකට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා.’’

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව මේ වනවිට වෘත්තීය සමිති හා හාම්පුතුන් සමග කම්කරු අමාත්‍යාංශය විසින් සාකච්ඡා කරමින් පවත්නා බවද මෙහිදී පෙන්වා දුන් කම්කරු ඇමැතිවරයා විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණාවරණ ලබාදීමේ කටයුතු 2022 අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

– aruna

51,303 views

13 Comments to “රටේ ඩොලර් නෑ.. ඉන්ධන දීමනා කපන්න වෙනවා.. අලුත් ක‍්‍රමයකට හුරුවෙන්න වෙනවා..”

  1. Alapaluwa says:

    මේවගේ අනාගත්තු රජයක් ගැන නම් අපි අසාවත් නැහැ මේ සක්වලේම.එක රටක් ඇර ඒ ලංකාව මිස.මොකද මේ වගේ හරක් රංචුවකට පුලුවනිද රටක් ගේනියන්න? උන්ට පුළුවන් ඔය දේනදෙයක් කළා හක්කේ තබාගෙන අඹර අඹර සිටීම හැර.මුන් දැන් ලෝම් හැලිච්ච හැලි වඳුරෝ මුන්ව යවන්න ඕනේ මහාළු මඩමකට මිස පාර්ලිමේන්තුවට නෝවේ එකට 2024 වනතෙක් සිටීමට අවශ්‍යය නැත.Alapaluwa from SA ( western Cape)a

  2. King Bull says:

    ආනයන කරුවන්ගේ ගසාකෑම නවත්වලා, සාධාරණ පාලන මිලක් හැදුවානම් , හැමෝටම පඩි වැඩිවුණා වගේ තමා.

  3. කමලනාත් says:

    බෙහෙත් වලින් ගහගත්තේ නැතැයි කියලා ද කියන්නේ?

  4. Basil aiya says:

    uba nida ganin bn.

  5. Aurora says:

    එන්නතේ ඉඳල කොමිස් ගන්න, වෙන රටවල ඩොලර් 1 ටත් අඩු ඇන්ටිජන් කිට් ඩොලර් 10-15 ට විකුණන්න PCR බොරුවෙන් මිනිස්සු කූඩු කරන්න ගහපු උප්පරවැට්ටි නිසා රටේ ආර්ථිකේ කඩ වැටුණා. රට වහපු නිසා සංචාරක ව්‍යාපාරේ කඩන් වැටුණා. බොරු විනිමය අනුපාතය නිසා විදේශ ප්‍රේෂණ බාගෙට බැස්සා. ඔය ඉල්ලගෙන කාපු එකත් එන්නත් වලින් කොමිස් ගහන්න සාර්ථක හෙලවෙදකමත් අයුර්වේදෙත් තහනම් මේ රටේ. එන්නත කෙරෙහිම විශ්වාසය තියපු අසරණයෝ මැරුණා. ඇත්තටම ඒවා මිනි මැරුම් කොමිස් සඳහා. දැන් ඩොලර් නැහැ කියල අඬා වැලපෙනවා. කාලකන්ණි.

  6. අපි රජයෙ සේවකයන් says:

    කාට මොනව කරත් රජයෙ සේවකයන් ට අඩු පාඩු කරන්න එපා පව් එයාලා,
    අනිත් මිනිස්සු න්ට හෙනගෙහිල ගියා ට කමක් නෙහේ.
    මේ රටට සෞභාග්‍යය උදාවෙලා තියෙන්නෙ රජයෙ සේවකයන් නිසා

  7. LalithM says:

    කෝ උඹලා කයිය ගහපු සංවර්ධනය. මහජනතාව නොවේ රට පාලනය කලේ.පාලනය කියන්නේ විකුණාගෙන කෑම නොවේ. ඩී ඇස් ඩඩ්ලි හැර මෙතෙක් සිටි සෑම පාලකයෙක්ම රට විනාශ කල අය.ලොකුම හානිය කලේ බණ්ඩාරනායක ගොයිය දේශීය ධනපතියන් නැතිකිරීම මගින්. අපට වෙනත් රටවල වගේ දේශීය ආයෝජකයින් නැතිකලේ ඔහුයි.

  8. විජේ says:

    බ්ලූ ඕෂන් කාරයා මූට (නිමල් සිරිපාලට) කොල්ලුපිටියෙන් මහල් නිවසක් පරිත්‍යාගය කළේ මොකද? අල්ලස් කොමිසම හොයා බලන්න.

  9. M. බිසෝමැණිකේ says:

    වල් නාකියා ගැනු පෙන්න බෑ මූට

  10. තණමල්විල අපි says:

    ආප්පද බොල මෙන්න නැගිටලා..