රටේ දේශපාලනය කණපිට හරවමින් අගමැති රනිල්ට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාව මෙන්න..

March 19, 2018 at 10:15 pm | lanka C news
රටේ දේශපාලනය කණපිට හරවමින් අගමැති රනිල්ට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාව මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ අගමැතිවරයාට එරෙහිව සදහන් කර ඇති කරුණු මෙසේය.

* බැදුම්කර වංචාවක් සිදු කිරීමේ කූට අරමුණින් සම්මතයට පටහැනිව ශී‍්‍ර ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කර අගමැතිවරයා යටතට පත් කර ගැනීම

* ශී‍්‍ර ලංකා පුරවැසියකු නොවූූ ද අපකීර්තිමත් ඉතිහාසයක් ඇත්තා වූද බැදියාවන් අතර ගැටුමක් ඇත්තාවූද අර්ජුන මහේන්ද්‍රන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිි ධුරයට යෝජනා කිරීම

* මෑත යුගයේ ලෝකයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව වන ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැ`දුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධ වීම

* මහ බැංකු බැදුම්කර වංචාව පිළිබද වංචනිකයින් ආරක්ෂා කරමින් ද සැබෑ කරුණු යටපත් කරමින්ද 2015 මාර්තු 17 දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමග යැවීම

* බැදුම්කර වංචාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබ`ද කාරක සභාව විසින් විමර්ශනය කරමින් තිබියදී එකී කමිටුව නියෝජනය කරන එජාප මන්තී‍්‍රවරයකු වෙනස් කර නව සාමාජිකයකු ඇතුළු කර එකී කාරක සභාවේ සාමාජික මන්තී‍්‍ර‍්‍රවරුන්ට බලපෑම් කිරීම

* මහ බැංකු වංචාව පිළිබද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිිබඳ කාරක සභාව විසින් විමර්ශනය කරමින් තිබියදී එ් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එකී කාරක සභාවේ සාමාජික මන්තී‍්‍රවරුන්ට බලපෑම් කිරීම

* මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට එ් පිළිබඳ ජනාධිපති කොමිසමේදී හෙළි වූ නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරිට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දීම සඳහා ඇමැති මණ්ඩලයට නිර්දේශ කිරීම

* මහ බැංකු බැදුම්කර වංචාවේ චූදිතයකු වූ අර්ජුන මහේන්ද්‍රන් වෙනුවට වෙනත් අයෙක් ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන මොහොතේ නැවතත් ඔහු එකී ධුරයට පත් කර ගැනීමට දැවැන්ත වෑයමක් දැරීම

* බැදුම්කර වංචාවේ චූදිතයෙක් වීම හේතුවෙන් අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති තනතුර අහිමි වීමෙන් පසු ද ඔහුට තම අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලබා දීම

* අර්ජුන මහේන්ද්‍රන් ශී‍්‍ර ලංකාවෙන් පිටවන තෙක් ඔහු විදේශගතවීම වළක්වන අධිකරණ නියෝගයක් ලබා ගැනීම මග හැරීමෙන් ඔහුට විදේශගත වී අධිකරණය මග හැර සිටීමට අවස්ථාව සැලසීම

* මුදල් අමාත්‍යවරයාට පමණක් බලතල කි‍්‍රයාත්මක කළ හැකි 1949 අංක 58 දරන මූල්‍ය පනත, 1953 අංක 24 දරන විනිමය පාලන පනත, 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගර බිල්පත් පනත, 1937 අංක 07 දරන ලියාපදිංචි කළ ස්කන්ධ සහ සුරැුකුම් ආඥ පනත, 1944 අංක 16 දරන මූල්‍ය සංචිත අරමුදල් ආඥ පනත, 1988 අංක 30 දරන බැංකු පනත, 1979 අංක 35 දරන අවිනිශ්චිත අරමුදල් පනත, 2006 අංක 05 දරන මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යන පනත් එ් බව දනිමින්ම ශී‍්‍ර ලංකා මහ බැංකුව තමන් යටතට පත්කර ගනිමින් එකී අණ පනත් යටතේ බලතල කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය හා මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් වන්නා වූ අණපනත් උල්ලංඝනය කිරීම

* ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශයද ආර්ථික කළමනාකරණ කමිටුව හරහා මුදල් අමාත්‍යංශයද ශී‍්‍ර ලංකා මහ බැංකුවද තමන් යටතට ගෙන පසුගිය තෙවසර තුළ ජාතික ආර්ථිකය මෙහෙයවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩපණ වීමෙන්ද කොටස් වෙළෙඳපොළ කඩාවැටීමෙන්ද උද්ධමනය පාලනය කළ නොහැකි අයුරින් ඉහළ යෑමෙන්ද පොලී අනුපාතය ශීඝ‍්‍ර ලෙස වර්ධනය වීමෙන්ද විදේශීය ආයෝජකයින් ආයෝජන හකුලාගෙන ශී‍්‍ර ලංකාවෙන් ඉවත්වීමෙන්ද දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත් කිරීම

* නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය දරමින් මහනුවර දිස්ති‍්‍රක්කය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සැලසීමට ක්ෂණික පියවර ගැනීමට අසමත් වීමෙන් ජීවිත සහ දේපළ හානි සිදු වීමෙන් ජාතික සමගිය බරපතළ ලෙස පලූදු කරමින් ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය කැළැල් කිරීම

– rivira

95 views

23 Comments to “රටේ දේශපාලනය කණපිට හරවමින් අගමැති රනිල්ට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාව මෙන්න..”

  1. සල්මල් says:

    පරාජය නළලේ කොටා ඇති යූඑන්පියට නැවත ප්‍රතිසංවිධානය වීමට අවස්ථාව සැලසීමද පොදුජන පෙරමුණේ කාර්‍යභාරය?

  2. බූරුව says:

    පොහොට්ටුවෙ එවුන්ට පිස්සුද මෙයාව අයින් කරල යූඑන්පියට අලුත් වෙන්න චාන්ස් එකක් දෙන්න.

    • Nomatata says:

      Bayawenna deyak naa.. 1. Paradina bawa niyatha nisa RW 2020 wenkamma inna arima 2. RW inna nisa UNP ya thawa kunuweema 3. Paradinne M3 ge kattiya UNP yata chande dena nisa; ethakota ithuru SLFP chanda tikath Pohottuwata watima. Prathipala 2020 di balamu. Ohoma yan…

  3. daminda says:

    deshapaalana balu poraya misa ratata natha wadakk…………

  4. frank says:

    Before this motion to PM, a fresh motion should be brought against MR to remove his civic rights for making Srilanka a real Rouges’ Island during his regime.

  5. buruputha says:

    Ranilta vishvasabangayedi unp bathbalayo kamathi unath deviyange vivasabangayen Nam Ranilta galaveemak ne.

Main News