රටේ පොහොර හිගයක් නෑ.. උද්ඝෝෂණ කරන්නේ JVP කාරයෝ..

July 1, 2021 at 12:02 am | lanka C news
රටේ පොහොර හිගයක් නෑ.. උද්ඝෝෂණ කරන්නේ JVP කාරයෝ..

අද වන විට රට තුළ රසායනික පොහොර හිඟයක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරතවන පිරිස් දරාගෙන සිටින සටන් පාඨ සහ පුවරු අනුව ඒවායේ ජවිපෙ වැඩ බව ද පෙනී යන්නේ යැයි ද ඔහු පවසයි.

කෙසේ වෙතත් රට තුළ උපරිම වශයෙන් 5% ක පමණ පොහොර තිබිය හැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.

20,163 views

12 Comments to “රටේ පොහොර හිගයක් නෑ.. උද්ඝෝෂණ කරන්නේ JVP කාරයෝ..”

  1. බන්ඩා says:

    3% නේ තට්ටි වැඩි වෙලා කියලද ඇමටි කියන්නේ.

  2. ks says:

    ඇමතිතුමෝ තවත් පිරිසක් කියන්නෙ පොහොට්ටුකාරයො තමයි පොහොර හිගයක් නැහැ කියන්නෙ කියල. කාගෙවත් කටු කන්නෙ නැති එක එකා පස්සේ යන්නෙ නැති අපි මොකක්ද මහත්තයො එතකොට පිලිගන්නේ. හිගයක් නැත්නම් හිගයක් ජවිපෙ තියෙනව කිව්වත් හිගයක්ය තියෙනව නම් ඇමති තුමා නැහැ කිව්වත් හිගයක් අස්වැන්නෙදි ඇත්ත පෙනේ. ඇමතියෙක් විදියට බයිල නොකිය ඇත්ත හොයල බලනවද මහත්තයො.

Main News