රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනාධිපති මහ රැජිනයේ අවමගුලට යාම රටට ඉතාම වැදගත්…

September 23, 2022 at 10:00 am | lanka C news
රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනාධිපති මහ රැජිනයේ අවමගුලට යාම රටට ඉතාම වැදගත්…

රටේ මොන ප්‍රශ්න තිබුණද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම රටට ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මහ රැජිනට ඔටුනු පැලදවීමේ රාජ්‍ය උත්සවයට ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මව සහ පියා ද සහභාගි වූ බවත් ඒ අනුව ඇයගේ අවමංගල්‍යයට ජනාධිපතිවරයා සහභාගි වීම ශ්‍රී ලංකාවට වැදගත් බවත් හෙතෙම කියා සිටියේය.

“ශ්‍රී ලංකාවට රජවරුන්ගේ ඉතිහාසයක් තිබිලා තියෙනවා. ඒ රජ පරම්පරාව එතැනින් අවසන් වෙලා තියෙනවා. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ලෝකයේ දියුණු වූ රටවල් දිහා බැලුවා ම ඒ රටවල තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකාවත් කෙසේ ද ක්‍රියා කරන්නේ කියලා සිතා බැලිය යුතුව තිබෙනවා.”

13,122 views

15 Comments to “රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනාධිපති මහ රැජිනයේ අවමගුලට යාම රටට ඉතාම වැදගත්…”

  1. TNA says:

    Looting of he Central Bank in the mid day by Ponil is also very important

  2. බිරෝ says:

    මු නං නියම විකටයෙක්. අන්ඳරේ අප්පචිද දන් නැ

  3. Helaya says:

    තෝ දන්නවද ලංකාවේ රජ පරම්පරාව අවසන් කරේ මොක්කුද කියලා?

Leave a Comment

Main News