රටේ අනාගත පරපුර නගාසිටුවන්න රජය සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා…

November 7, 2021 at 8:02 am | lanka C news
රටේ අනාගත පරපුර නගාසිටුවන්න රජය සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා…

වත්මන් රජය මේ රටේ අනාගත පරපුර නගාසිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අති දුෂ්කර පාසලක් වන මහියංගන සොරබර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකල නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිම හා ගුරු නිවාසය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවය අමතා කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේය.

මෙම පාසලේ 10, 11 ශ්‍රේණි සඳහා රුපියල් ලක්ෂ 30ක වියදමින් නව පන්ති කාමර තුනක් ඉදිකර දී ඇති අතර රුපියල් ලක්ෂ 70ක වියදමින් නව ගුරු නිවාසයක් ඉදිකිරීමට මුල්ගල් තැබීම ද මෙහිදී සිදු විය. ඒ සඳහා “ඔබ වෙනුවෙන් අප සංවිධානය” මුල්‍යමය දායකත්වය ලබා දී තිබිණි.

එසේම පාසැල් භූමියේ සොරබොර වැව නිර්මාතෘ බුලතා යෝදයාගේ පිළිරුවක් නිරාවරණය කිරීම හා පාසැල් භූමියේ සීනුවක් විවෘත කිරීමද මෙහිදි සිදුවු අතර “ඔබ වෙනුවෙන් අප” සංවිධානය විසින් පාසැලට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර සහ ළමුන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානයක්ද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

‘මේ පාසලේ අඩුපාඩු රැසක් තිබෙනවා. අද “ඔබ වෙනුවෙන් අප” සංවිධානයේ සභාපති රත්නසිරි මහතා මෙම පාසල තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රජය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් වශයෙන් ගොඩක් සතුටු දවසක්. වර්තමාන රජය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් පෙනී සිටින රජයක්. අපි කවූරුත් දරුවන්ට ආදරෙයි. ඒ දරු පරපුර වෙනුවෙන් රජය කරන්න පුළුවන් හැකි සෑම දෙයක්ම කරනවා. ඒ වගේම මේ පාසලේ ජල පහසුකම් මෙන්ම ගමේ ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ද ලබා දීමට කඩිනමින් පියවර ගන්නවා. වත්මන් රජය යටතේ අපේ අමාත්‍යංශය මේ රටේ දරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් දැනටමත් ආරම්භ කර තිබෙනවා”

– media unit

8,684 views

6 Comments to “රටේ අනාගත පරපුර නගාසිටුවන්න රජය සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා…”

  1. Gayan says:

    ලමයි සිය ගනනක් ඉගෙන ගන්න පන්ති කාමර වලට ලක්ශ 30. ගුරු නිවාසෙට ලක්ශ 70. පාසලේ අඩුපාඩු එමටයිලු. අවස්‍යතා පෙලගස්වා ප්‍රමුඛතා හදුනාගත නොහැකිද මොවුන්ට.

  2. 3% ට බය බයියා. says:

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල විකුණපු සල්ලි වලින් වෙන්න ඇති හදන්න ඇත්තේ.

  3. Gamini says:

    Enough bila

  4. බිංකුණ්ඩා says:

    රටේ අනාගත පරපුර නගා සිටුවන්න කරන සුවිශේෂී මෙහෙවර, ඔව් අපට ඒ බව ඉතා පැහැදිලිව පේනවා

  5. Darshana abayakoon says:

    අතිගරු ජනාදිපති තුමාගේ මෙම මෙහවරේ ප්‍රතිපල අපිට දැනටම දකින්න පුලුවන් පාස්පොට් පොලිම් වල. තරණ පරපුර දැඩි අදිශ්ඨානෙන් ඉන්නේ රට ගිහිල්ලා ඩොලර් හොයලා මේ රට ගොඩ දාන්න අති ගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න. වෙන කිසිම රජයක් පවතින කාලෙක තෘණයින් මෙහෙම රට අත ඇරල යන්න උත්සහ කරනව අපි දැක්කෙ නෑ. ඒකෙ ගෞරවය ජනාදිපති තුමාට යන්න ඔනේ.

  6. බුලතාගේ පිලිරුව හදන්න එයාගෙ ෆොටෝ එක ඉල්ලගත්තෙ….කාගෙන්ද……..තව ඔයවගේ පිලිම කීයක් හදන්න බලාපොරොත්තු වෙනවද අනාගත පරපුර වෙනුවෙන්….

Main News