රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ..- විදේශ ලේකම්

September 17, 2021 at 8:02 am | lanka C news
රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ..- විදේශ ලේකම්

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බව කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට එක්වෙමින් විදේශ ලේකම්වරයා මෙම අදහස් දැක්වීය. “ජීනිවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය” එහි තේමාව විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මෙවර සැසිවාරයේ දී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම සුබවාදී ලකුණක් බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටී. මානව හිමිකම් සුරැකීම, සංහිඳියාව පවත්වාගෙන යාම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන කරුණු පිළිබඳ රජයේ වගවීම ඔවුන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

කලාපයේ අනෙකුත් රටවල් සමග සංසන්දය කිරීමේ දී ශ්‍රී ලංකාව සාමකාමී රටකි. ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය සේම රටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පසුගිය වසර දෙක තුළ සක්‍රීයවම ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බව ද පෙන්වා දෙන විදේශ ලේකම්වරයා එම පිළිවෙතට අනුව යමින් බල අරගලයන්ට මැදි නොවී ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවත්, එහිදී මෙරට භූගෝලීය පිහිටීම පිළිබද දැඩි අවධානයෙන් යුතුව රජය කටයුතු කරන බවත් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිළි බවත් ඒ පිළිබඳව ලෝකයේ රටවල් පසුගිය මාස කිහිපය පුරා විවිධ වාර්තා මගින් දැනුවත් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එහිදී මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ බව විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය “කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්” බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

සිය රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ එකඟතාවන්ට එළැඹෙමින් පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරදි කිරීමට මෙවර රාජ්‍ය නායක සමුළු අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවහල් කර ගනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

11,127 views

44 Comments to “රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ..- විදේශ ලේකම්”

  1. රංජිත් විජේසිංහ says:

    රටේ අවශ්‍යතාවය එයයි. එයට හේතුව නම් මෙවැනි ස්ථාන ප්‍රයෝජනයට නොගෙන තිබිම මගින් ඉන් සිදුවන්නේද රටට පාඩුවකි. මේ ආකාරයෙන් ඒවා රටේ ප්‍රයෝජනයට ගෙන ආර්ථිකය නංවා ගැනිමට යොදා ගැනිම ගොඩක් හොද දෙයක්. එයට අප රජයට ස්තුති වන්ත විය යුතුය.

  2. Silva says:

    ඇත්ත. අපේ රටේ කාරනා විසදන්න පිට එවුන් ඕනෙම නැහැ. සුද්දන්ට ඕන විදිහට නැටුවානම් ltte යුද්ධය තාමත් ඉවර නැහැ. සුද්දන්ට කත් අදින එවුන්, උන්ගේ ngo වලට වැඩ කරන එවුන් තමා මැරෙන්න හදන්නේ.

    • ගෞම් ඊයාරාජ් says:

      මැට්ටා උබලා තාම හිතනවනං එන්.ජී.ඕ කියන්නේ අමූ කොටි සීන් එකක් කියලා උබලට වැරදිලා , බොලාගේ ආධ්‍යාත්මික නායකයා ඉතාලියට යන්නේ එන්.ජි.ඕ සමුලුවක් අමතන්න ප්ලාස්ටික් පුටුවක වාඩීවෙලා , ජී.එල් පප්පා සාදරයෙන් ලංකාවේ එන්.ජී.ඕ හමුවෙන්න රාජ්‍යතාන්ත්‍රිකව , පාත් ෆයින්ඩර් වගෙ ඇමෙරිකාණූ එන්.ජී.ඕ සංවිධානයන් රන් කරන මිලින්ද මොරගොඩලා ඉන්දියානු තානාපති කරලා අරින්නෙත් මේ රජය. ජි.එල්.පප්පා කියන්නේ , සුදු නෙළුම් , පැකේජ් කරේ තියාගෙන ගිය අමු කැදහැලියක්. 😂😂😂

      • Sajith Premadasa says:

        Prabhakaran beraganna redi ussan duwan aapu hampada Miliband kaarayaye Kirchner kaarayaye pukata pyin gahala his athinma elewapu ekaata me human rights ekak gana buraagena ena naaki ballita ukaa ganin kiyana eka kajjak nemey bola NGO wasalayo. Vietnamen gahala pannapu Americawa Afghanistanenuth gahala pannapu bawa danne nathi gon lin madiya. Meka 21 went siyawasa. Unwa dan ganan ganne bola wage thawama 20 weni siyawase jeewath wena lin madiyo withrayee.

        • harsha says:

          මහා බ්‍රිතාන්‍යටයි ප්‍රංශයටයි ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ඇරෙන්න වෙන විශාල බලයක් නෑ. 1945 අප්‍රිකාවෙයි ආසියාවෙයි සැලකිය යුතු කොටසක් පාලනය කරපු නිසයි ඒ ආසන ලැබුණේ. හැබැයි අමෙරිකාවට තවමත් සැලකිය යුතු බලයක් තියෙනවා.

          • Sajith Premadasa says:

            Amerikawata wadipura balayak naha. Amerikawata thiyena nisheda balaya cheenetay rusiyawatay 2tama ekase thiyenwa. Amerikawa 21 wana siyawase lon halunu ballek.

          • harsha says:

            හැබැයි අමෙරිකාවට පුළුවන් සම්බාධක දාන්න. කොරෝනා අතරේ සම්බාධක දැම්මොත් කන්න නැතුව මැරෙන්නයි වෙන්නේ.

      • පංගොකයා says:

        උඹ NGO කියලා දන්නෙ ඔය ටික විතරද කපයො? උඹ ලස්සනට කොලේ වහලා බෝලෙ බස්සන හැටියෙන්ම කියන්න පුළුවන් උඹත් NGO එකකින් ට්‍රේනිං වෙලා ආපු එකෙක්. හම NGO එකම නෙවෙයි, ලංකාවේ දේශපාලනයට ඇඟිල්ල ගහන NGO සැට් එකක් තියෙනවා. උඹත් වැඩ කරන්නේ එයින් එකකට කියලා මාට්ටු වෙලා ඉවරයි.

  3. Sunil Perera says:

    ou ithin ratema inna minissu thama ithin owa jathyantharayata geniyanne. rate prshna rate wisadaganna puluwan kama thiyeddith.

  4. Sagarika Alvis says:

    boru chodana asathya bawata penwadila ewata nisi pilithuru laba dila lankawe gaurwaya raka ganna oni. eka rajaye me welawe awashyatahwaya. rate prshna jathyantharayata gena yana ayatt ewa ratedima wisada dimata katauythu kala yuthui.

  5. Dengu Nona says:

    Silva unnahe. NGO kiyana eke theruma wath nodanna motta akeer kenek wageyine kathaa karanne! Raajya Novana Sanwadhaana: Me rate thiyana Balawathma Raajya Novena Sanwidhaanaya NGO eka thamayi “Mahaa Sangha Rathnaya”!!

  6. රුක්ෂාන් සිල්වා says:

    ඔව් ඉතිං එහෙමයි කියලා අපේ රටේ ඉන්න හරක්ට ඕක තේරෙනවා කියලා එකක්යෑ. උන්ට ඕනේ කොහොම හරි කරලා රටට අපකීර්තියක් පත් කරන එක. අනික විදේශයට රටපාවලා දෙන්න අපේ රටේ කාලකන්නිනටම තමා ඕනි වෙලා තියෙන්නේ. ඕකුන්ට හොදක් වෙන්න හොඳ නෑ.

  7. harsha says:

    ඔය ගමන් GSP+ එපා කියලත් කියන්න.

  8. D.Nimal says:

    The sovergernity of ours constitution of Democratic Republic in 1972 May and 1978 ever -never having any clause to permitted foreign organization (like Human Rights of UN) to intervention of undermined sovereignty of law land by UN agonies back by Tamil terrorist of LTTE war on terror to ruin nation Rights. We are an opposed such move by UN so-called under the name “human Rights” or war crimes concord by LTTE terrorist outfit in locally by TNA and Tamil diaspores in overseas.

  9. D.Nimal says:

    The sovergernity of ours constitution of Democratic Republic in 1972 May and 1978 ever -never having any clause to permitted foreign organization (like Human Rights of UN) to intervention of an undermined sovereignty of law land by UN agencies of HR which is back by Tamil terrorist of LTTE war on terror to ruin nation Rights. We are an opposed such move by UN so-called under the name “human Rights” or war crimes are concord by LTTE terrorist outfit in locally by TNA and Tamil diaspores in overseas. We as people of Islanders live-in this soil over 5ooo of history. It called Helays. Ours Nation has very rich tradition and civilization than so-called western civilization of by theology Christianity.
    We had been invaded and our people were bully and plundered our wealth by western nation over 425 by Portuguese Dutch and Anglo-Saxons of UK house of Windsor or Hanover. We are still ever field bully by London and Waystation by big power stick hegemony. ,

  10. D.Nimal says:

    The sovergernity of ours constitution of Democratic Republic in 1972 May and 1978 ever -never having any clause to permitted foreign organization (like Human Rights of UN) to intervention of an undermined sovereignty of law land by UN agencies of HR which is back by Tamil terrorist of LTTE war on terror to ruin nation Rights. We are an opposed such move by UN so-called under the name “human Rights” or war crimes are concord by LTTE terrorist outfit in locally by TNA and Tamil diaspores in overseas. We as people of Islanders live-in this soil over 5ooo of history. It called Helays. Ours Nation has very rich tradition and civilization than so-called western civilization of by theology Christianity.
    We had been invaded and our people were bully and plundered our wealth by western nation over 425 by Portuguese Dutch and Anglo-Saxons of UK house of Windsor or Hanover. We are still every field bully by London and Waystation by big power stick hegemony. Out of that time to time “New Human Rights” has been bring to so many charges against People of Island by so-called unwanted claims against Island Development and Democracy by Geneve of HR of UN..? We are rule base democracy elected and rejected by Ballot not by bullet of gun point like that LTTE Terrorism or Islam Terrorist of extremists and JVP gunpoint politics.
    The whole nation that majority accepted governance of democracy by Rule of ballots .

Main News