රටේ එක් නීතියක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධ ගැටලු රැසක්
March 29, 2022 at 2:09 am | lanka C news
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු මැද පළාතේ මහජන අදහස් විමසීම (27) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. එම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ජනතාව මෙහිදී අදහස් දැක්වූහ.
අනීතිකව සිදුවන අයථා අන්‍යාගම්කරණය මෙම පළාතේ සීඝ්රයෙන් ක්‍රියාත්මක වන බවටත්, එය වහා නැවැත්වීමට නීති සම්පාදනය කළ යුතු බවත් පූජ්‍ය කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක් ද තම අදහස් ප්‍රකාශ කළහ.
පොළොන්නරුව ජල ගැලුම් නිම්නය වනෝද්‍යානය ඇතුළු රටේ සියලු ජාතික වනෝද්‍යාන ආරක්ෂා විය යුතු බවත් වන සංහාරයට එරෙහිව සියල්ලන්ටම සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පූජ්‍ය නිකපිටියේ චන්දිම හිමියෝ පෙන්වා දුන්හ.
වැලි ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් අයතා ලෙස මුදල් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව නිරෝෂණී සුනේත්‍රා කුමාරි මහත්මිය පැවසුවාය. වැලිමංකඩ බෙදා දීමේදී අදාළ ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට යටවීම වැළක්විය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.
යුධ සමයේදී සිය ගම් බිම් අතහැර ගිය ජනතාව නැවත පදිංචි කරවීමේදී ඉඩම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීම සහ වැලිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉඩම් බලතල, තමා අයත් ජන වර්ගයට විශේෂ පක්ෂපාතීත්වයක් සහිතව ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව, විහාරස්ථාන හා කෝවිල් වැනි ආගමික ස්ථාන ද දැඩි පීඩනයකට පත්ව ඇති බව පෙන්වා දුන් එච්. එම්. සිරියලතා, සිවලිංගම් සිවසුන්දරම්, වෛද්‍යාචාරිණී තිලකාවතී යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිස රාජ්‍ය නීති සියලු ජන කොටස්වලට සමානව ක්‍රියාත්මක විය යුතු බව පැවසූහ.
රටේ සෑම දරුවකුටම පොදු අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත්, ඉඩම් නීතිය, පරිසර නීතිය, මාර්ග නීති ආදී නීති සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත්, වන සංහාරය හා ඉඩම් කොල්ලය මුවාවෙන් සිදුවන ආගමික අන්තවාදය පැතිරීමට ඉඩ නොතැබිය යුතු බවත් බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ වෙනත් ආගමික නායකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වන විට රටේ විවිධ පළාත් ආවරණය කරමින් මහජන අදහස් විමසීම හා විද්වත් යෝජනා ලබා ගැනීම සිදු කරමින් සිටී.
ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ, සමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
රටට කෙලවෙන්නේ මේවගේ හිරේ ඉන්න ඕන එවුන් නීතී බලන්නයි, අබුද්ධිමත් මෝඩ නුගත් තක්කඩින්ව පාර්ලිමේන්තු යැවීම නිසායි.
Echcharay Adu pa,,,,ya. Gini avulupan
අවසරයි ගරුතර ස්වාමින් වහන්ස……
මේ එක නීතියක් කියන්නේ ඔබ ස්වාමින් වහන්සේලා පිරිවර වැඩම කරපු V8 සහ Defender වලට ඉන්ධන ලබා ගැනීමත්, අසරණ දුප්පත් සාමාන්‍ය ජනතාවත් එකම ආකාරයෙන් පෝලිමේ හිඳ ඉන්ධන ලබා ගැනීමත් එකම නීතියට වූ ආකාරයද ?
තෙරුවන් සරණයි !
රටේ එක නීතියක් නැති බව කවුරුත් දන්නවා.
එක නීතියක් ගේන්න හඩ නගන ඕනෑම කෙනෙක්ට මාගේ සහයෝගය ලැබෙනවා.
නානසාර හිමිට මඩ ගහන ඔස්තාර්ලගෙන් 99.9% ක්ම රටේ එක නීතියක් හදන්න මාද්‍ය සාකච්චාවක් තබා නැති බව මට විශ්වාසයි.
කී බෝඩ් වීරයෝ වෙලා මෙතන කෙටුවට, මාධ්‍ය සාකච්චාවක් තියල මේ ගැන කතා කරන්න කිවුවොත් 99.9%ක් පණ බයයි.
රටට කෙලවෙන්නේ මේවගේ හිරේ ඉන්න ඕන එවුන් නීතී බලන්නයි, අබුද්ධිමත් මෝඩ නුගත් තක්කඩින්ව පාර්ලිමේන්තු යැවීම නිසායි.
අප්පටසිරි, හිරේ ඉන්න ඕන කවුද, නැත්තෙ කවුද කියලා බෝර්න් අගේන් එකෙන් තීරණය කලේ යහපාලන කාලෙ. ඒ කොරපුවගෙ විපාක නිසා තමයි එක ආසනේට බැස්සේ. මතකයි නේ…
හිරේ ඉන්න ඕන pahara gandhassara !!
බලය අල්ලන්න කැරලි 2ක් ගහල 90,000ක් වල පල්ලට යවපු ජෙප්පො පාර්ලිමේන්තුවේ.
උන් ටික හිරේ යැවුවොත් හිරේ පිරෙන නිසා වෙන්න ඇති තාම හිරේ දාල නැත්තේ.
තමන් කැමති ආගමක් ඇදහීමට, තමුන්ට අයිතියක් ඇත. මැරැනට පසු යන දිව්‍ය ලෝකෙන් හෝ ඇති නිවනින් එපිට කළ හොඳ නරක මත සුවපත් වන ජීවිතයක් මිහිමත ඇති බව තේරුම් ගත්විට ආගමි වාදීන් ජෝකරයන් වනු ඇත.
බටහිර රටවල් වලින් එලවපු ආගම් මෙහේ සල්ලි දීල වපුරන මෝඩ හැත්තට උන්ගෙ කුණු ව්‍යාපාරෙ එලිවෙනකොට ඉතින් හරීම අමාරුයි. ඔය නිරාගමික කියන්නේ ඒ ගොන් ආගම් වල ඇත්ත රෙද්දක් ඇඳන් නූතන මිනිස්සුන්ට කියන්න තියෙන විලි ලැජ්ජාව නිසා නේ. හොඳම වැඩේ තමයි ඔය නිරාගමිකයො අවුරුද්දට දෙපාරක් විතර පවුලෙ අයත් එක්ක පල්ලි යන එක.
ඔබතුමා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කුමක්ද යැයි කියාවත් දන්නවාද ?
ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම එතරම් අපහසු ඇයි?
ගෙවල්වල කන්න නැතිකම නිසා දරුවන් කුඩා වයසින් පැවිදි කරන්න එපා.. උන් ලොකු උනාම සාසනේ කනවා..
අනිත් එක කන්න නෑ කියලා ඇට මල්ලටයි, රුපියල් දාහටයි, ආගම පාවා දෙන්නත් එපා. උන් ලොකු වෙලා රටම කනවා.
කටුගස්තොට පොලිසියේ සම්පත් නමැති දුෂිත පගාගහන OIC කාරයාව අයින් කරගන්න ක්‍රමවේදයක් නැද්ද ?
Ekata bassath pora babalenava. Dinapu evun duvanava..
mekata ethi ekama vikalpayanam, oya sakkili paraya naanasaarayawa newatha hire kotukireemaya. nethinam
moo hemadaama mewage boru kiya kiyaa jaatheen athare bheda ethikorala ratama gini thiyai.
Lock this bugger up!