රටේ ඕනෑම තැනක 20%කට කොරෝනා…

July 27, 2021 at 10:00 am | lanka C news
රටේ ඕනෑම තැනක 20%කට කොරෝනා…

රට තුළ ගමක් හෝ කම්හලක් තෝරාගෙන ඔවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණ කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ එසේ සිදු කරන ඕනෑම පරීක්ෂණයකින් 15% හෝ 20ක් කොරෝනා ආසාදිතයන් වනු ඇති බවයි.

පරීක්‍ෂණ සිදු කර බැලුවහොත් අද වන විට ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සිටින 10,000ක පිරිසෙන් 20%ට වඩා කොරෝනා ධනාත්මක වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කොරෝනා මර්දනය කරනු වෙනුවට කොරෝනා සමග ජීවත් වන තැනට ජනතාව හුරු කරමින් සිටින බවද ඔහු පැවසීය.

දැනට පරීක්ෂණ සිදු කිරීම ඉතා පහළ දමා ඇති බවත් ලෙඩුන් වාර්තා වන්නේ එම පරීක්ෂණ ප්‍රමාණය කරන ප්‍රමාණය අනුව බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයකු වූ වාර්තා වූ විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ පිරිසට පරීක්ෂණ සිදු නොකරන බවත් පැවසූ ඔහු පරීක්ෂණ අඩුකර ලෙඩුන් අඩු යයි සතුටක සිටීම පදනම් විරහිත ක්‍රියාවක් ඔහු සදහන් කරයි.

ආණ්ඩුව අද කොරෝනා සමග ජීවත්වීම අත්හදා බලමින් සිටින බවත් ඒ මහතා පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

21,841 views

10 Comments to “රටේ ඕනෑම තැනක 20%කට කොරෝනා…”

  1. Saban Rathna Apriya says:

    ME yakata mulin pcr karanna one

  2. dev says:

    ethin amaruda koti 6 ka wahanayak gilapu ekek kaa gahanawa

  3. අනිත්‍ය නිසා දුක says:

    ඕනෙම දෙයක් අනිත්‍ය නම් දුකයි. කොරෝනා අනිත්‍ය වුනත් දුකයි. ඒ නිඩා ආණ්ඩුව කොරෝනා අනිත්‍ය වෙන්න දෙන්නෙ නෑ.

  4. Covid Appuhamy says:

    Not sure what the logic is for not testing associates of an identified patient. Most countries try to identify positive cases as early as possible …

  5. ගජමෑන් says:

    “රටේ ඕනෑම තැනක 20%කට කොරෝනා…” – එහෙමනම් මොන ප…ටද පලාත් සන්චරන සීමා දාගෙන දගලන්නේ?

    • බයියා says:

      ඒක 20% සීමාවේ තියාගන්න. එහෙම නැත්නම් රෝහල් වල ධාරිතාවය ඉක්මවා යන්න ඉඩ තියෙනවා. කොහොමටත් නව සාමාන්‍යය වෙන්නේ කොරෝනා එක්ක ජීවත් වීම තමයි.

      • අබරන් says:

        ඈ බන් බයියෝ, පලාත් අතර​ මාරු නොවුනට පලාත ඇතුලේ 80%ට නගින්න බැරිද​?? දන්නේ නැති නිසා ඇහුවේ.

  6. Vaccine says:

    Ennat gahapu Nisa Dan minissunta covid had unata amaru wenne naa eka Honda fan hamotama covid had hadi Hoda wenawa satutui itin

  7. Kaduwela Siva says:

    ලෝකයේ කිසිම රටක පූර්ණ වශ්යෙන් කොරෝනා අවසාන කල නොහැක. සංචරන් සිමා ඉවත්කල හෝ ලිහිල්කල රටවල පවා නැවත් කොරෝනා මතුවිතිබේ. වයිරස් රෝග පූර්ණ වශයෙන් මර්ධනය කල නොහැකිවේ. ඒවා විවිධ ස්වරුප වලින් විවිධ තත්ත්වයන් ගෙන් පැමිනේ(ඩෙල්ටා, ඇල්ෆා,බීටා වැනී ) එබැවින් පෞද්ගලික ආර්ක්ෂාව තමන් සලස්වා ගැනිමේ පදනම මත රෝගින් මතුවන විට රෝහල් ගත කිරිම ද හැකි විශාල ප්‍රමානයක් වැක්සින් කිරිම තමයි කල යුත්තේ.
    එසේම මෙවැණි බූරුවන්ට මෙයින් දේශපාලන වාසි ගැණිම නතරකිරිම කල හැකිනම් එය තමා වඩා වැදගත් වෙන්නෙ

  8. බන්ඩා says:

    මැරෙන්නෙ නැත්නම් ප්‍රශ්ණයක් නැහැ.