රටේ ජනතාව අපේ අම්ම-අප්ප මතක් කරමින් නිතර බැණ වදිනවා.. සුළු ජාතිකයන්ට බලය බෙදන නව ව්‍යවස්ථාව ගෙනෙන තුරු අපි සටනේ..

November 4, 2016 at 10:00 am | lanka C news
රටේ ජනතාව අපේ අම්ම-අප්ප මතක් කරමින් නිතර බැණ වදිනවා.. සුළු ජාතිකයන්ට බලය බෙදන නව ව්‍යවස්ථාව ගෙනෙන තුරු අපි සටනේ..

අද වන විට තමනට රටේ පාරේ බැහලාවත් යන්න බැරි විදියට නින්දා අපහාස කරන බවත් නිතරම ජනතාව මුහුණ පොත සහ සමාජ වෙබ් ජාලා ඔස්සේ තම දෙමව්පියන් සිහිපත් කර ඉතා නරක විදියට දොස් කියන බවත් සාධාරණ සමාජයක් ව්‍යයාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

කොළඹදී පැවති පුරවැසි බලය සම්මන්ත්‍රණයකදි ඔහු කියා සිටියේ කොතරම් නින්දා අපහාස කලද කරත් ඒවායෙන් නොසැලී සුළු ජාතිකයන්ට වූ අසාධාරණය වෙනුවෙන් පෙනි සිටිමින් ඉදිරියේදී සුළු ජනතාවට බලය බෙදීමට අවශ්‍ය නව ව්‍යවස්ථාව ගෙන ඒම තම එකායන අරමුණ බවයි.

මහාචාර්යවරයා විසින් එහිදී ඉතා දැඩිලෙස ජනාධිපති කාර්යය මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින්ම චෝදනාත්මකව අදහස් පල කලේය.

එම සමුළුවට සහභාගි වූ අයෙක් තම ෆෙස් බුක් ගිණුමේ සටහනක් යොදා ඇත්තේ සරත් විජේසූරිය මහාචාර්යවරයෙකු වුවත් රටේ බහුතරයක්ගේ සිතුම් පැතුම් මෙන්ම ලෝක දේශපාලන තත්ත්වය ගැන මීට වඩා වැඩි අවබෝධයකින් අදහස් ප්‍රකාශ කලේ නම් ඔහුගේ වෘත්තීමය තත්ත්වයට ගැලපෙන බවත් මෙම දේශනය මහාචාර්යවරයෙකුගේ න්‍යායාත්මක හෝ වෘත්තීමය දේශනයකයට වඩා හරියටම කුඩා දරුවෙක් වරදක් කොට සිය පියාගෙන් හොදින් ගුටි කෑ පසු තම මව ලගට ගොස් ඉකි ගසා හඩමින් සිය පියා නිවසින් එලියට දමන ලෙස කරනු ලැබූ අසාර්ථක ප්‍රලාපයක් බවය.

65 views
Main News