රටේ දරුවන් අනතුරේ.. සදළුතලවලින් බිමට බසින්න..- ඇමති පියල්

November 23, 2021 at 6:20 am | lanka C news
රටේ දරුවන් අනතුරේ.. සදළුතලවලින් බිමට බසින්න..- ඇමති පියල්

දැනට දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දරුවන් අපයෝජනයට, අපචාරවලට, හිංසනවලට දිනෙන් දින ලක්වන අතර වීදී දරුවන්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් පවතින බවත්, එම දරුවන් වෙනුවෙන් වගකියන ආයතන සහ නිළධාරීන් මෙම සිද්ධීන් ගැන වැඩි වශයෙන් සොයා නොබලා මුනිවත රැකීම පුදුමයට කරුණක් බවත්, අප සැම දෙනාම සීතකාමර වල සිට සැලසුම් සකස් කරනවා වෙනුවට මහ පොළවේ යථාර්තය හදුනාගෙන සදළුතලවලින් බිමට බැස රටේ දරුවන්ගේ අනාගතය සුභදායී කිරීම වෙනුවෙන් ඉතා ඵලදායි කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මාදිවෙල පැවති ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිතුමන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.

ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා අද දින වැඩ භාර ගත් අතර, එම මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කරමින් සිටී.මෙම අවස්ථාවට පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන , පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය පින්නවල සංඝසුමන, පූජ්‍ය දෙමටගොඩ ආරියවංශ ස්වාමීන් වහන්සේලා මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ඇතුලු නිළධාරීන් පිරිසක් ද සහභාගී විය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, දීර්ඝ කාලයක සිට අප විසින් දරුවන් මෙම ඛේදවාචකවලින් බේරා ගැනීම සදහා විවිධ සැලසුම් සකස් කළත් එම සැළසුම් මහපොළවේ යථාර්තයක් බවට පත්ව නැති බවත් අප විසින් සෑදූ සැලසුම්වල කුමන හෝ අඩුවක් තිබෙන බව අප සැම දෙනාම තේරුම් ගත යුතු වන අතර දරුවන්ට කුමන හෝ අනතුරක් සිදු වුවහොත් එය එක් එක් ආයතනවලට යොමු නොකර එය අන් අයගේ වගකීමක් යැයි නොපවසා එම වගකීම අප සැමගේම කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු අතර විශේෂයෙන්ම ළමා ආරක්ෂක අධිකාරිය එහි මූලික වගකීම ගත යුතු වන අතර අතිගරු ජනාධිපතිතුමන් ද අපේ රටේ කාන්තාවන් හා දරුවන්ට සිදුවන හිංසන හා අපයෝජන පිළිබද දැඩි සැළකිල්ලෙන් සිටින අතර එම උවදුරුවලින් දරුවන් හා කාන්තාවන් මුදවා ගැනීම සදහා ක්‍රියාමාර්ග ගැනීමට අප වෙත නිතර නිතර උපදෙස් ලබා දෙන බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.

– media unit

35,774 views

11 Comments to “රටේ දරුවන් අනතුරේ.. සදළුතලවලින් බිමට බසින්න..- ඇමති පියල්”

  1. LalithM says:

    ඔතන ලොකු නම් තියෙන මහානායක හිමිවරුන ඉන්න එක හොඳයි. ඒ අය බලන්න ඕන පන්සල්වල ඉන්න හය හතර නොතේරෙන කුඩා සාමණේර වරුන්ට ඒවයේ ඉන්න වැඩිහිටි චීවරධාරීන් විසින් කරන අපචාර. මේක අප්‍රසන්න කතාවක් වුනාට ඇත්ත වශයෙන්ම සිදුවන දෙයක්.

    • නරිය says:

      නරියට කුකුල්ලු බාරදුන්නා වගේ වෙයි ද ?

    • lakshitha says:

      නෑ ඒක කතෝලික පල්ලියෙන් හදල සමාජගත කරන කතාවක්. අපි තොගේ ආගමත් දැක්ක මේ දවස් ටිකේ. අනුන්ගේ ආගම් වලට ගරහන්න කලින් පල්ලියේ වීර ක්‍රියා පොඩ්ඩක් හොයල බලපන්. ලංකාවෙ උන්ගෙ වැඩකිඩ නම් පත්තර වල පල වෙන්නෙම නෑ. මොකද එයාලගෙ අය තමයි උඩම ඉන්නෙ. හැබැයි යුරෝපෙ එහෙම හංගන්න බැරි නිසා හොඳම විදියට එලි වෙලා තියෙන්නෙ. අවුරුදු විස්සකට ප්‍රංශෙ විතරක් ලක්ශ 2ක් දරුවො පල්ලිය විසින් අපයෝජනය කරල තියෙන්නෙ. කොරපු කෙරුවාවෙ තරමට පාප් වහන්සේට මහජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න උනා.

      • Lotas says:

        lakshitha, Can u stay one day in a PIRIWANa or Temple? U can know that.” PANSALWE SELLAMA ” is in our sinhala literature.

        • lakshitha says:

          දන්න සිංහලෙන් කතා කරපං. කුණුහබ්බ නොදා. ” can know…?” Anyone can lodge in a Piriwena or Temple any long they pleased.

      • LalithM says:

        පාප්වහන්සේ සමාව ඉල්ලුවට ලංකාවේ චීවරධාරීන් කරන දේවල් යටගහන එක නේද වෙන්නේ. කලාතුරකින් එක දෙකක් උසාවිය දක්වා ගියාට ඒවා ස්ත්‍රීන් සම්බන්ධ ඒවා.

        • lakshitha says:

          චීවරධාරීන් වරදක් කරනවනම් ඒක හාමුදුරුවරු ඉදිරිපත් වෙලා එයාලව නඩු මඟට දානවා. ඒත් වෙන ආගම් වල වරද කරන කෙනාව බේරගන්න සෙට් එකම එලියට බහිනව. දැක්කනෙ අර සිරිල් ගාමිණී සම්බන්ධ කේස් එක. එයා පත බොරුවක් ඇදබාලා, චොර උනාම මුලු සුදුරෙදි කාරයො සෙට් එකම එලියට බැස්සනෙ බේරගන්න.

  2. Academicsla desapalNa job labagena atapass minisun yatathevweda karanna epa. Lajjayi ballo wage eliyata danawa penne nedda

  3. කිරිමල්දෙනිය​ says:

    මොන කරුමයක් ද බං මේ ආණ් ඩුව​..
    අද එකක් හෙට තව එකක්.. ආය තවත් එකක්..
    පිස්සු හැදෙනවා.. දැන් නම්,
    ඕ.ලෙවල් දරුන්ට සිලබස් එක වෙනස් කරන එකත් මේ වගේ..බලපියව්..
    කොවිඩ් නිසා විශය කොටස් අඩු කරනවා ආය වැඩි කරනවා,, ආය අඩු කරනවා..
    දැන්නම් සර් හොඳටම කරනවා තමයි..

  4. David Milli-banda says:

    කිරිමල්දෙනිය​ says: This is an indication of the quality of out Government Service.
    Over loaded and doing politics & nothing else.

Leave a Comment

Main News