රටේ නායකයාට කොන්ද පණ නෑ.. විග්නේෂ්වරන් නටන්නේ ඒ නිසා… – කාන්ති කෙලින්ම කියයි..
September 30, 2016 at 12:00 pm | lanka C news
උතුරැ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් දිගින් දිගටම ජාතිවාදී ප්‍රකාශ කරද්දී ව්‍යවස්ථාව උල්ලංඝණය කරද්දී ආණ්ඩුව නිතීය ක්‍රියාත්මක නොකිරීම ගැටළුවක් යයි මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.
විග්නේෂ්වරන්ලා මේ තරම් දගලන්නේ කොන්ද පණ ඇති නායකයෙකු නැතිකම නිසා බවද කී ඇය කොන්ද පණ ඇති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් සටන් වදින බවද කියා සිටියාය.