රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225ගෙන් නොව සමස්ථ ජනතා ඡන්දයෙන්….

June 19, 2022 at 8:02 am | lanka C news
රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225ගෙන් නොව සමස්ථ ජනතා ඡන්දයෙන්….

රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නොව දෙකෝටි විසිපන් ලක්ෂයක් වූ සමස්ථ රටේ පුරවැසියන්ගේ කැමැත්ත මත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා අමාත්‍යාංශයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘රටේ නායකයා  තේරීපත් විය යුත්තේ 225න් නොව දෙකෝටි විසිපන් ලක්ෂයක් වූ සමස්ත රටේ පුරවැසියන්ගේ කැමැත්තෙන් බව මගේ ස්ථාවරයයි. රටේ අති බහුතර ජනතාවගේ මතය ද ඒ බව මම විශ්වාස කරනවා.

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි.එය ඉතා ශක්තිමත් දිගුකාලීන එකක් විය යුතුයි.කෙටි කාලයක් සඳහා බලය ලබා ගැනීමේ අරමුණින් ගෙන එන ව්‍යවස්ථා වලින් ජනතාවට සෙතක් නැහැ.

අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට කෙටිකාලීනව බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා හදනවා වෙනුවට රටත් ජනතාවත් ගැන සිතා අදාල තනතුරු වලට නිසියාකාරව බලය ලැබෙන අයුරින් ව්‍යවස්ථාව නිර්මාණය විය යුතුයි.

කුමන තනතුරකට කවුරු ආවත් ඔහු විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා නීතිරීති සම්පාදනය විය යුතුයි.

රටේ නායකයා තේරීම රටේ සමස්ත ජනතාවට ම අයිති කාර්යයක්.එසේ සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයට අනුවයි. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ව්‍යවස්ථාවකට අනුව රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි. එසේ නොවන තාක් රට නිවැරදි දිසාවකට ගෙනයාම  අසීරුයි’’

– ප්‍රසන්න අධිකාරි

22,658 views

12 Comments to “රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225ගෙන් නොව සමස්ථ ජනතා ඡන්දයෙන්….”

  1. ඡන්ද ප්‍රතිඵල says:

    ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවන අයෙකු වීම මන්ත්‍රී වීමට නුසුදුසුකමක්ද?

    Is it a disqualification to be a Member of Parliament if one’s name is not on the National List?

  2. S, Vitharana says:

    මී හරක් වගේ 20 ට අත උස්සලා දැන් බක පන්ඩාතයෝ වෙන්න හදන,අමනයෝ.

    • Dilan says:

      Supiri eka … 100% true….polonnaruwe harak munta chande dila yawuwane parliment

  3. We don’t want less educated idiots. Will abolish this post and save billions. This is a small island by the way no nominations for none graduates

  4. chamil says:

    This is something i agree

    • kollu says:

      Sri Lankan President and PM is still elected by votes of all Citizens. Is this pig from outer world? Yet when they do malpractice or due to heavy conspiracy by social groups, non vote base fox like present Prime Minister can end up in the post

  5. Lalla says:

    20 සංශෝධනයට අත ඉස්සුව එකෙකුටවත් දේශපාලන කටයුතුවල නිරත වීමට හෝ කතාකිරීමට අයිතියක් නැත….

  6. Wassa says:

    This is what you already have and you have an elected president by the people of 69 lakhs. So what else you need bloody idiot.

  7. SKF says:

    කියල තියෙන කතාව ඇත්ත.
    ජනා‍ධිපති පත් කිරීමේ බලය 225ට දෙන්න නරකයි.

  8. Gamarala says:

    ‘රටේ නායකයා එපා කියනවා මුළු රටම බෝල.

  9. මුන් කෑව අපේ රට .... says:

    පාලනයක් ගැන කතා කරන්න කලින් යකෝ…තොපිලා සේරම මකබෑ වෙයව්…මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ…තොපිලට ඒ ගැන වගේ වගක් නැහැ…කාලකන්නි අපතයෝ

  10. Pnadee says:

    දැන් ඔය එකෙක් පත් කරගෙන ඌ හොඳටම කරලා තියෙන්නේ. මේ මෝඩය ඌ ආවේ කොහොමද කියලවත් දන්නෙ නැහැ.

Main News