රටේ මතය වැඩක් නෑ.. ඡන්දයි අපට ඔ්නෑ.. ගුරුවරියක් දණ ගැස්වූ පුද්ගලයා ශ්‍රිලනිප සංවිධායක කලේ ඒකයි..- අමරවීර

October 19, 2017 at 8:40 am | lanka C news
රටේ මතය වැඩක් නෑ.. ඡන්දයි අපට ඔ්නෑ.. ගුරුවරියක් දණ ගැස්වූ පුද්ගලයා ශ්‍රිලනිප සංවිධායක කලේ ඒකයි..- අමරවීර

2013 ජුනි 14 වෙනිදා දි පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ ගුරුවරියක දණගැස්සවීම නිසා අධිකරණයෙන් වරද කරුවෙකු කළ ආනන්ද සරත් කුමාර නමැති පුද්ගලයකුට ආනමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිලිගැනිවිය.

ගුරුවරියක් දණ ගස්සවා මෙරටේ සමස්ථ ගුරු වෘත්තීයටම විශාල නිගාවක් කල මෙවෙනි පුද්ගලයකු යහපාලන ගැන කතාකරන පක්ෂයක නායකත්වය විසින් පත් කිරිම සුදුසු දැයි සංධාන මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසු අවස්ථාවක හෙතෙම ප්‍රකාශ කලේ ඔහු කිසිම වරදක් කර නොමැති බවත් රටේ මතය කුමක් වුවත් අපිට ඡන්දය ඕන නිසා ඔහුව වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආනමඩුව ආසනයට සංවිධායක ලෙස පත් කල බවයි. Link

මෙම ප්‍රකාශයේ භයානකත්වය මෙරටේ අධිකරණය විසින් වරදකරු කල පුද්ගලයකු පක්ෂයකට ඡන්දය ගැනිම සඳහා කිසිම වරදක් කර නොමැති පුද්ගලයකු ලෙස හැදින්වීම සමස්ථ අධිකරණ ක්ෂේත්‍රයට මෙන්ම සමස්ථ නිතිගරුක සමාජයටම කල අපහාසයකි. Link

61 views

13 Comments to “රටේ මතය වැඩක් නෑ.. ඡන්දයි අපට ඔ්නෑ.. ගුරුවරියක් දණ ගැස්වූ පුද්ගලයා ශ්‍රිලනිප සංවිධායක කලේ ඒකයි..- අමරවීර”

  1. FREE says:

    අමරේ මචං,ඡන්දෙට කලින් උඹ හොයාගනින් හොඳ ටින්කර් බාස් කෙනෙක්.උඹේ බස් මූණත් තහඩුව මොඩල් එක වෙනස් කරල හදා ගනින්.පේන්ට් කරන්න එපා.වැඩක් වෙන්නෙ නැහැ.දිනපතාම උඹ නාන මඩ දැක්කම පේන්ට් කරන එක අපරාධයක්.සල්ලි වතුරෙ දැම්ම වගේ වැඩක්.අනික උඹ මුදුනට යන්න හිතාගෙන පුච්චන පැට්‍රෝල් දැක්කම අපිට පට්ට දුකක් දැනෙනව බං.උඹේ වියදමෙන් උඹම ඇඳුම් මහගෙන කඩේ යන හැටි දැක්කම පිස්සු හැදිල ආයෙත් හැදෙනව බං.ඇත්තමයි අල්ලන් ඉන්න පොල්ල අතෑරල යන බස් එකටම පැනල මැරෙන එක ඔයිට වඩා හොඳයි බං.

Main News