රටේ සම්පත් නොරටුන්ට විකුණනවාට මං විරුද්දයි.. එත් කරන්න දෙයක් නැතිව කලකිරීමෙන් බලාගෙන ඉන්නවා..

April 10, 2017 at 10:40 am | lanka C news
රටේ සම්පත් නොරටුන්ට විකුණනවාට මං විරුද්දයි.. එත් කරන්න දෙයක් නැතිව කලකිරීමෙන් බලාගෙන ඉන්නවා..

ආණ්ඩුවේ ඇතැම් ක‍්‍රියා සම්බන්ධයෙන් තමන් බරපතළ කලකිරීමට පත්ව සිටින්නේ යයි ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

ඕනෑ තරම් දේශීය ව්‍යාපාරිකයන් සිටියදීත් ඔවුන්ගෙන් කිසිම විමසීමක් සිදු නොකර මෙරට කර්මාන්ත පිටරටවලට විකිණීම සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩුවෙන්ද දේශීය ව්‍යාපාරිකයන්ට තැනක් නොලැබුනා සේම වත්මන් ආණ්ඩුවෙන්ද තැනක් ලැබී නැතැයි පෙන්වා දෙන ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ සිටි කණ්ඩායමකටම වත්මන් ආණ්ඩුවේ ද බලවත්ම අමාත්‍යාංශ ලබා දී ඇති නිසා ආණ්ඩුව ගෙන ඒමට කැප වූ අය අද ඉච්ඡුාභංගත්වයට පත්ව සිටින බවද කියා සිටියේය.

මේ තත්වය යටතේ තමන්ට හැන්ද ලැබී නැති නිසා කළ හැක්කක් නොමැතිව බලා සිටින්නේ යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

24 views

2 Comments to “රටේ සම්පත් නොරටුන්ට විකුණනවාට මං විරුද්දයි.. එත් කරන්න දෙයක් නැතිව කලකිරීමෙන් බලාගෙන ඉන්නවා..”

  1. බන්ඩා says:

    මොකද කොරන්න දෙයක් නැත්තෙ. මහින්ද අවුරැදු නවයක් රට පාලනය කලා යුද්දෙ ඉවර කලා අදි වේගි මාර්ග, ගමේ පාර, අැල වෙලී, වරාය, බලා ගාර හැදුවා. අාර්තිිකයත් නැංවුවා. ණය ගත්තා නමුත් රටේ සම්පත් විකුනන්න අවශ්‍ය උනේ නැහැ. දැන් යහපාලනය කොරන සංවර්ධනයකුත් නැහැ ඒත් ණය සීීමාවක් නැතුව වැඩි වෙනවා. තමන් වැරදි මිනිහ සහ කස්ටිය එක්ක ඉන්නෙ කියල දයා ගමගේ මහත්තයට දැන් වත් තේරෙන්න ඔිනෑ. අපි ඔය පක්ෂෙ අතහැරියෙ රනිල බලයට අාපු කාලෙමය්

  2. mp says:

    අනේද කියන්නේ…මුගේ කොම්පැනියටම කොළඹ නගර සභාවේ කොන්තරාත්තු හම්බ උනා. ඒවා මේකම කිව්වා හරි ටෙන්ඩර් පටිපාටියට ගියා කියල…දැන් ආණ්ඩුව මොකුත් නොකරට ගිය ආණ්ඩුවට බැනල වැඩක් නෑ…!!!

Main News