රටේ සෑම අංශයක්ම දරුණු ලෙස කඩා වැටිලා.. ආර්ථිකය ආපස්සටයි..- අජිත් නිවාඞ්

May 7, 2017 at 7:05 am | lanka C news
රටේ සෑම අංශයක්ම දරුණු ලෙස කඩා වැටිලා.. ආර්ථිකය ආපස්සටයි..- අජිත් නිවාඞ්

‘රටේ එක එක පැතිවලට ඇදමින් ගෙන යන ආණ්ඩුවේ වැඩපිලිවෙල නිසා රටේ සෑම අංශයක්ම ඉතා දරුණු ලෙස කඩා වැටිලා තියෙනවා, අද වනවිට ආර්ථිකයට ලොකු කම්පාවක් ඇති කොට ක්‍රමානුකූලව රට ආපස්සට ගමන් කරන බවත් මේ වැඩපිළිවෙළ නිසා රටේ ඉදිරි අනාගතයේදි රටේ ජනතාවට නොයෙකුත් විපාක විදින්න සිදු වන බවට අනතුරු ඇඟවීමක්’ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හිරු රූපවාහිනි නාලිකව සමග පැවසීය.

මේ වනවිට 2014 සහ 15 වඩා රටේ ඒක පුද්ගල ආදායම අඩුවී තිබෙන බවත්. පසුගිය රජය ගෙදර යනවිට ඉතිරිකර තිබූ විදේශ සංචිතය වූ ඇමරිකානු ඩොලර් බිලියන 8 දශම 2 මේ වනවිට ඇ. ඩොලර් බිලියන 5 දක්වා අඩු කරගෙන තිබෙන බවත්. විදේශ අයෝජන පැමිණීම සැලකිය යුතු ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී ඇති බවත් හිටපු මහා බැංකුවේ අධිපතිවරයා පැවසු අතර මෙහි ආර්ථික තත්වයට මුහුණ දුන්නේ මේ රජයේ අකාර්යක්ෂම ආර්ථික සැලසුම් නිසා බවද සඳහන් කලේය.

80 views

3 Comments to “රටේ සෑම අංශයක්ම දරුණු ලෙස කඩා වැටිලා.. ආර්ථිකය ආපස්සටයි..- අජිත් නිවාඞ්”

  1. රමනි එල්ලාවල says:

    ඉදිරියට පැමිණ රටේ ආර්ථිකය බේරාගන්න. මේ පාලකයින්ට මේ රට තවත් සුඩානයක් කරන්න ඉඩ දෙන්න එපා.

  2. hamza says:

    කෝ මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා, උන්ගේ කටවල් දැන් වැහිලා ද? රවි කරුනානායක මේ රට විනාශ කරනවා.

  3. Nelu says:

    හා…, හා….., එහෙම කියන්න එපා. රවියා කලාපයේ “හොඳම මුදල් ඇමති” ලු.

Main News