රටේ සියලූ මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය ජනාධිපති වීමයි.. අප අන්තවාදීන් නොවන බව ඔප්පු කල හැක්කේ ඔහුටයි…- පච්ච පල්ලියේ සභාපති

September 20, 2019 at 6:48 pm | lanka C news
රටේ සියලූ මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය ජනාධිපති වීමයි.. අප අන්තවාදීන් නොවන බව ඔප්පු කල හැක්කේ ඔහුටයි…- පච්ච පල්ලියේ සභාපති

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් කදුරුවෙල මුස්ලිම් කොළණිය පච්චපල්ලියේ පැවති ආගමික වැඩසටහනකදී අදහස් දැක්වූ කදුරුවෙල මුස්ලිම් පච්චපල්ලියේ සභාපති අල්හාජ් බසීර් අහමඞ් මහතා දැක්වූ අදහස් –

පල්ලියට පැමිණ ආගමික වැඩසටහනකට සහභාගි වූ අනාගත ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ස්තුතිවන්ත වෙනවා. අද දවස ඉතා වැදගත්. ඔබතුමාට සමස්ත මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශංසාව හිමිවෙනවා. අපේ ජනතාව කිසිම දිනක වැරදි වැඩක් කරන්නෙ නැහැ. පල්ලිවලින් ආගමික දේවල් පමණයි කතා කරන්නේ. ජමියතුල් උලමා කොළඹ දිස්ත‍්‍රික් නායකයා ඇතුළු කවුරුත් දේශපාලනය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ නැහැ.

රටේ සියලූම මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊළඟ රටේ ජනාධිපති වීමයි. අපේ ජනතාවට ආරක්‍ෂාවක් අවශ්‍යයි. පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට සිදුවූ දේවල් කවුරුත් දන්නවා. අපේ කවුරුත් මේ රටට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. මේ රට විනාශ කරන්න අපට අවශ්‍ය නැහැ. අපේ මවුවරුන් අපට කවදාවත් වැරදි දෙයක් කරන්න කියලත් නැහැ. රටේ මුස්ලිම් ජනතාව සුළු ජාතියක් වුවත් අපට අවශ්‍ය රට දියුණු කරන්නයි. සිංහල, දෙමළ ජනතාව සමග එකට ජීවත් වීමට ලැබීම අප ලද මහත් භාග්‍යයක්.

සහරාන්ලා නිසා සමස්ත ජනතාවම අන්තවාදීන් වෙලා. අන්තවාදීන් ඉන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. නමුත් මාධ්‍ය මගින් සමස්ත මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරනවා. සමස්ත ජනතාවම අන්තවාදීන් නෙමෙයි. ඔබතුමා ජනාධිපති වෙලා අපි අන්තවාදීන් නැහැ කියලා පෙන්වන්න. අපේ බලාපොරොත්තුව ඔබතුමා පමණයි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුළු මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

– GR media

33,796 Viewers

23 Comments to “රටේ සියලූ මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය ජනාධිපති වීමයි.. අප අන්තවාදීන් නොවන බව ඔප්පු කල හැක්කේ ඔහුටයි…- පච්ච පල්ලියේ සභාපති”

  1. RAYMOND says:

    මම දන්නා බොහෝ මුස්ලිම් හා දෙමළ බොහෝ දෙනෙක් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා ට සහයෝගය දෙනවා ඔවුන් බොහෝ දෙනෙක් ඇත්ත තේරුම් අරන්
    මෙවර හකීම් බද්යුර්දීන් සම්බන්ධන් ට
    කල හැකි දේ අඩු ය

    • M. Hussain says:

      I too agree with you!

    • බන්ඩා says:

      රැවටෙන්න එපා! මුස්ලිම් දෙමළ චන්ද 10%ක් වත් ගෝටාට ලැබෙනවා නම් ලොකු දෙයක්. ගෝටා ට දිනන්න නම් 75%ක් වන සිංහල චන්ද 65%ක් ගන්න වැඩ කල යුතුය්.

      • බන්ඩා says:

        සජිත් කියන්නෙ සිංහල බෞද්ධ වෙස් මුහුණක් දාගන ඉන්න බෝන් අගෙන් පල්ලි බඩගාන බටහිරයන්ට ගැති රනිල්ගෙ අනුරෑපයක් බව සිංහලයට ඒත්තු ගැන්විය යුතුය්.

        • Sarath says:

          උඹලා ලිඳේම හිටපං. පවුල්වාදයටම වැඳගෙන හිටපං.

  2. senalika says:

    rishad will also support

  3. No Future says:

    ඇයි මුස්ලිම්”වරු” කියන්නෙ? නොදන්න කමට අහන්නෙ.

  4. Nim says:

    MAYA ETHA SATHUTÙ DAYAKA
    THATHA YAK
    SAMAGIYA BALAYA WE.

  5. Dilshan says:

    If Muslims supports Mr Gotabaya Sinhala community will realized that every Muslim is not a terrorist. That will heal the wound made by the Easter bombs

  6. Kuma says:

    ‘මම සිංහල බෞද්ධයෙක්’ කියමින් කිරුළපන අන්‍යාගමික සිද්ධස්ථානවලට බඩගාන නායකයෙක් එපා..- විමල්

  7. Roshan says:

    Study wèn pennala gema patang arang

  8. desta says:

    muslim ayagen illanne ogoloange ara gas kapanna badurdeen anika hakim nethiwa enna

  9. Rohan says:

    Prove your selves u basterds.

  10. මෙහෙමත් වෙන්න පුළුවන් says:

    මෙහෙමත් වෙන්න පුළුවන් චන්ද පෙට්ටියට චන්දය දමනකොට මම මේ චන්දය දැන්මේ ගෝටාබයට මහතා ට කියලා කිසිමකෙනෙක් ලෝකයට පෙන්වන්නේ නැනේ,, බොරුවටත් කියන්නේ පුළුවන් අපේ සහයෝගය ගෝටාබයට මහතා ට කියලා. වෙනකාට හරි චන්දය දීලා අන්තිමට සියලු අපි සහයෝගය දුන්නේ අපි ඔබ තුමාට ඒක නිසා අපිට ඇමති පට්ටම් දෙන්න …

    • ඒක ඇත්ත..චන්දෙ දුන්නා කියල කිව්වත්, ඇත්තටම දුන්නත්, මේ අයගෙ පදේට නටන එක නැවැත්විය යුතුයි. රටට එක නීතියක් ඇති කොට, සුලු ජාතින්ට සුද්දන් විසින් හදුන්වා දුන් සියලු නීති අහෝසි කළ යුතුයි. සුලු ජාතීන්ට මේ රටේ වෙනම ප්‍රශ්න තිබෙන බවට ඇති බොරු මතය ප්රසිද්ධියේ ප්‍රතික්ෂේප කර, මෙම මාත්ෘකාව ලංකා දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. සුලු ජාතීන්ට වෙනම පක්ෂ ලියාපදිංචි කිරීමත් නැවැත්විය යුතුයි. එවිට මොවුන්ගේ චන්ද පෙන්වා මෝඩ දේශපලකයන් වටේ යවා මොවුන්ගේ ආත්මාර්ථකාමී, රටට හානිකර ඉල්ලීම් දිනා ගැනීමත්, රට විනාශ කිරීමට ඉඩ දී අහක බලා සිටීමට සිදු වීමත් නැවැත්විය හැකියි.
      මෙසේ වූවා නම්, විලපත්තුවත්, මුහුදු මහ විහාරය ඇතුලු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානත්, කාත්තන්කුඩියත් අදටත් සුරක්ෂිතව පැවතීමට ඉඩ තිබුනි.

  11. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Muslim chanda1% Gotabaya Rajapaksa ganee.99% anek pethtata.

    • මුස්ලිම් බිස්නස් බිංදුවට වැටිල තියෙන්නෙ. උකුනු හිසක මොලයක් ඇත්නම් තමන්ගෙ බිස්නස් නැවත නංවා ගැනීමට අවශ්‍ය පසුබිම සාදා දීමට හැකි නායකයකුට චංදය දිය යුතුයි.
      මුස්ලිම් සහ අනිකුත් බිස්නස් ප්‍රජාව අතර තිබූ මිත්‍යා මතයක් තමයි බිස්නස් දියුනු වෙන්නෙ යූඇන්පී ආන්ඩුවක් තිබුනොත් විතරයි කියල. මේ අවුරුදු හතරට මේ මතය හිරි දුටු පිණි සේ දුරු වෙලා ගිහිං තියෙන්නෙ. කඩ වේලෙනවා. බිස්නස් වැහෙනවා. බංකොලොත් වෙනවා. ආයෙත් ඔලුව උස්සන්න නම් ආර්ථිකය මුල ඉදං නංවන්න වෙනවා. ආයෙත් මේ ගොං රැළට දීල ඒක කරගන්න පුලුවන්ද කියල විතරයි බිස්නස් ප්‍රජාවට හිතන්න තියෙන්නෙ. බොහොම සරලයි. ඒ අනුව චන්දය තීරණය වෙයි.

  12. මිගාර says:

    තම්බින්ට විශේෂ වරප්‍රසාද නොලැබෙන්නෙ ජවිපෙ පාලනයක් යටතෙ පමනයි. වැඩිම සින්හල බෞද්ධ ජන පදනමක් තියන, පාර්ලිමේන්තුවෙ ඉන්න හයදෙනාම සින්හල බෞද්ධයින් වන පක්ශය. සුලුජාතිකයො චන්දෙ නොදෙන්නෙත් ඒක දන්න නිසා. සුලුජාතිකයින්ගෙ චන්ද හිගමනේ යන්නෙත් නැහැ. බලපෑම් කරල ඇමතිකම් ගන්න බැහැ කියා ඔවුන් දන්නවා.

    • Ex JVP says:

      ඔව් ජේවීපිය මුස්ලිම් මන්ත්‍රීවරු එවන්නෙ ජාතික ලයිස්තුවෙන්. ඒකනෙ සහරාන්ගෙ කල්ලියෙ ප්‍රධානම ත්‍රස්ත්වාදීන් උනු බෝම්බ පුපුරවාගෙන සිය ගනනක් අහිංසක මිනිස්සු මරපු ත්‍රස්ත්වාදීන් දෙන්නගෙ පියා වන ඊබ්‍රාහිම් ඒගොල්ලන්ගෙ ජාතික ලයිස්තුවෙ ඊලගට පාර්ලිමෙන්තු එන ලිස්ට් එකේ උඩම හිටියෙ. ඒ ඊබ්‍රාහිම් ම තමයි බාල ගම්මිරිස් ඇතුලු කුලුබඩු ප්‍රතිඅපනයනය කරල ගම්මිරිස් මිල බිංදුවටම වට්ටල ගොවි ‘සහෝදර වරු’න්ට විශාල සේවයක් කලේ.. සිංහල බෞද්ධ ..

      • මිගාර says:

        එතකල් ගෝටා සහරාන් ඇතුලු මුස්ලිම් 23 දෙනකුට යුදහමුදාවෙන් වැටුප් ගෙවීම ගැන, බැසිල් විල්පත්තුව බදුර්ඩීන්ට ඕන විදිහට කපන්න දීම, මහින්ද සාරීයා විශ්ව විද්‍යාලය හදන්න ඉඩම් දීම පිලිබදව ඔබගේ අදහස කුමක්ද? ඔබ Ex JVP නිසා ඇහුවෙ.

  13. ජෙප්පන් එතරම් බෞද්දගමට ලැදිනම් බහුතරයක් සිංහල බෞද්දයින් එම පක්ෂය සමග සිටිය යුතුයි.
    අනෙක රාජපක්සවරු ඔයතරම් සුළුජාතීන්ට වරප්‍රසාද දුන්නේ නම් 2015 දී ඔඋව්න් සියල්ල මහින්ද මැතිඳුට පිටුපාවේ ඇයි????
    පාට කන්නාඩි දමාගෙන පුහු තර්ක ගොඩනැගීම තුලින් වදවීගෙන යන පක්ෂයකි Janatha Vandaveegenayana Pakshaya<<<…..

Main News