රට අද පත්ව ඇති තත්ත්වයට ඇතැම් රාජ්‍ය නිළධාරීන් වගකිව යුතුයි…

September 22, 2022 at 5:30 pm | lanka C news
රට අද පත්ව ඇති තත්ත්වයට ඇතැම් රාජ්‍ය නිළධාරීන් වගකිව යුතුයි…

දූෂණය හා නාස්තිය වළක්වා ගනිමින් රටක් ලෙස අප නැගී සිටිය යුතු කාලය අද එළැඹ ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දුක ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ සදහා අප සියලු දෙනා උපරිම කැප කිරීම් සිදු කළ යුතු බවද, අමාත්‍යවරයා සදහන් කළේය.

රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (21) දින එක් වෙමිනි.

රට අද පත්ව ඇති තත්ත්වයට දේශපාලන අධිකාරිය මෙන්ම ඇතැම් රාජ්‍ය නිළධාරීන් වගකිව යුතු බව පැවසූ අමාත්‍යවරයා, අප එය තේරුම් ගෙන සියලු දෙනා එකට එකතු වී සමගිව වැඩ කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා ‘‘මේ වගේ ආයතන පසුගිය කාලයේ පැත්තකට දමා තිබුණා. මේ ආයතනය රටට දැවැන්ත ශක්තියක් එකතු කළ හැකි ආයතනයක්. පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගනිමින් ඒවායේ වැඩත් මෙම ආයතනයට දීලා ලාභ ලබන ආයතනයක් බවට මෙය පත්කළ යුතුයි. ආයතනය තුළ අවශ්‍ය වෙනස් කිරීම් සිදු කළ යුතුයි. නව තාක්ෂණය සමග සම්බන්ධ විය යුතුයි. වැඩ කරන සේවක පිරිසක් මෙහි ඉන්නවා. ඒක අපි දැක්කා. ඒ නිසා මේ ආයතනයට සේවකයින්ට අපි උපරිම ශක්තිය ලබා දිය යුතුයි. රජයේ අනෙක් ආයතනවල වැඩ උපරිම වශයෙන් මෙම ආයතනයට ලබා ගෙන ආයතනය දියුණු කළ යුතුයි’’ යනුවෙන්ද පැවසීය.

මෙහිදී ඇමතිවරයා විසින් මෙම දෙපාර්තමේන්තුවේ වාත්තු අංශය, බහුශිල්පි අංශය, ලෝහ කැටයම් අංශය, සැහැල්ලු වෑද්දුම් අංශය, යාන්ත්‍රික වැඩ අංශය, බර වෑද්දුම් අංශය, වාහන නඩත්තු අංශය, වඩු කාර්මික සේවා අංශය යන අංශවල කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව සොයා බැලු අතර එම අංශවල සේවකයින් සමගද සුහද කතා බහක නිරත විය.

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව 1849 වර්ෂයේදී කොළඹ ගෑස්පහ හංදියේදී ආරම්භ කෙරිණි. පසුව 1928 වර්ෂයේදී දැනට පවතින කොලොන්නාව භූමිය වෙත ගෙන එන ලදි. රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියළුම යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් මෙම ආයතනය ස්ථාපිත කරන ලදි. වර්තමානයේ මෙහි සේවකයින් 367 දෙනෙක් සේවය කරනු ලබයි.

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ජල පාලන දිය දොරටු සාදා සැපයීම, සවි කිරීම හා නඩත්තුව, තැපැල් දෙපාර්තමේන්තුවේ දින මුද්‍රා හා දින කැට සාදා සැපයීම, පොලිස් දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ සාජන් පටි සෑදීම, දැවමය ගෘහ භාණ්ඩ සාදා සැපයීම, ජල සම්පාදන මණ්ඩලයේ ජලය පිරිපහදු ටැංකි සෑදීම, රාජ්‍ය උත්සව සඳහා පිලිගැනීමේ පීඨිකා සවි කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යකඩ පාලම් සාදා සවිකිරීම, රාජ්‍ය ආයතනවල වාහන සේවා හා නඩත්තු කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුව වෙත චීනචට්ටි, තිරිංග පලූ ඇතුළු චීනචට්ටියෙන් නිම කරන ලද භාණ්ඩ සාදා සැපයීම, දැවමයෙන් හා යකඩයෙන් නිම කරන ලද රෝහල් උපකරණ සාදා සැපයීම, බොයිලේරු සහ ගෑස්නල පද්ධති නඩත්තු කටයුතු සිදු කිරීම සහ තාක්ෂණික සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ ඉංජිනේරු සිසුන් සඳහා ප‍්‍රායෝගික පුහුණුව ලබා දීම ආදී කටයුතු සිදුකරනු ලබයි.

– මාධ්‍ය ඒකකය

14,706 views

8 Comments to “රට අද පත්ව ඇති තත්ත්වයට ඇතැම් රාජ්‍ය නිළධාරීන් වගකිව යුතුයි…”

  1. සවි අරික්කාල says:

    අඩෝ මූ කවිද බං…? දැකලම නෑනේ…

    • aanamaduwe maanavadu says:

      kawda ithin umbavagema sinhala suruttuweki. nethuwa thopi kavadaadaban muslim ayekuta emathikamak dunn
      e`? hema thenakama balana hema dihaawakama inne moda nugath bai suruttu sinhalayan vitharaineban. oke
      moo hadanavai kiyana aanduwe thenwalata avshya badu ehenam horen hadala vikunala emagin horakam mankollkam yanaadiya vewiwena eka langadeema balaaganilla.

  2. SL says:

    අම්මේ සුදුළුනු හොරා

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    කතිරය ගහපු කට්ටිය ට ජයවේවා !

  4. පබිලිස් says:

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන විදියට රටේම ආදායම බදු නොගෙවා ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට අල්ලස් දීල කෝටි ගනන් බදු නොගෙවා ඉන්න වා.

    බලන් ගියා ම රජයෙ සේවකයන් ගෙන් හොඳ ටම කරල තියෙන්නෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කට්ටිය නේ😂😂😂

  5. මාල හොරා says:

    මූ අලුතෙන් දේශපාලනයට ආපු ඵකෙක් ද?

  6. ඊතයිල් ඇල්කොහොල් says:

    ජයලත් එක්ක එතනෝල් ගෙන්නලා, වෙන දෙයක් කියලා රාජ්‍ය නිළධාරීන් නොමග යවන්න හැදුවේ කවුද?

  7. සෙරෙප්පු සුප්. says:

    ඔන්න බලාගනියව්,සුදු ඇඳගෙන කළු ඇවිදින්.එතනෝල් ගඳකුත් එනව​.

Leave a Comment

Main News