රට අරාජිකයි.. මානව හිමිකම් පිරිහිලා.. වැලිකඩට ඇමති පැන්නේ ඒ නිසා..

September 15, 2021 at 12:00 pm | lanka C news
රට අරාජිකයි.. මානව හිමිකම් පිරිහිලා.. වැලිකඩට ඇමති පැන්නේ ඒ නිසා..

අමාත්‍යවරයෙකු බන්ධනාගාර සංකීර්ණයකට ඇතුළුවී සිදුකළ කලබැගෑනිය නින්දිත හා නීති විරෝධී එකක් යයි බවත් එය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් මෙරට අරාජකත්වය මැනවින් පෙන්වන බවද පවසන ඔහු මෙම ක්‍රියාව මෙරට මානව හිමිකම් තත්ත්වය සීග්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයක් යයිද කියා සිටියි.

අදාළ අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.

එසේ පවසමින් ඔහු විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.

අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි. අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි. මෙම අමාත්යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.

24,937 views

25 Comments to “රට අරාජිකයි.. මානව හිමිකම් පිරිහිලා.. වැලිකඩට ඇමති පැන්නේ ඒ නිසා..”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .ලොක්කා හිටගෙන පිස්සු කෙලින කොට ගෝත්‍රික ගෝලයෝ උඩ පැන පැන පිස්සු කෙලිනවා.

  2. රුක්ෂාන් සිල්වා says:

    පුතානො ඉතිං කට ඇරියොත් මේ වගේ තුටුටු දෙකේ කතාවක් තමයි කියන්නේ.

    • KP says:

      නෑ කතාව ඇත්ත… මානව හිමිකම් කොහොම වුනත්, අරාජික බව නං ඇත්ත!

  3. Sagarika Alvis says:

    Ammo meya nam katha ranna deyak nah ithin. modaya.

  4. Chathura Gunarathna says:

    appata siri iwarai ithin rate dewal jathyanthareta yawala wadimank apprasidiyak genne menna me wage udawiya. ellanna oni mulinma me wage wun.

  5. Sugath says:

    Ane Sajith oyata කොන්දක් තිබේනම් මේවා වෙන්නේ නැ .. You can’t expect much from opposition ..They are the laziest , dumbest, pricks and idiots I have ever seen..( they do not have BALLS) …They only keep talking on press conferences what we already know. There is no ACTION…Need of the hour is action… not repetition of talks..

  6. Sunil Perera says:

    oya kiyanne hariyatama wade puthano oyata ithin oyage kata arinne nathuwa inna amarui kiyala dannawa. e wagema apita oyage gon kata gana ahanna asawakuth nah. rata jathyanthareta geniyanne oya karana gon katha thama wena mokadda eda idanma rata pawa dena eka ne karanne. oka ithin purudda thama.

  7. රංජිත් විජේසිංහ says:

    රටේ වැදගත් තනතුරක් තමා විපක්ෂනායක තනතුර ඉතින් ඒක රටේ හොද විදියට ප්‍රයෝජන ගන්න ඕනීග ඒ නැතුව රටකට විහිලු සපයන තනතුරක් කර ගන්න හොඳ නෑ ඒක ඒක රටකට විශාල අපකීර්තියක්.

  8. Silva says:

    සජිත් මහත්තයෝ තවදුරටත් ගොන්කතා කීම තුලිනා ඔඛතුමා දිගින් දිගටම විහිලුවට ලක්වුමෙන් වලක්වා ගත නොහැක

  9. Be united says:

    තාත්තා ජෙප්පො මරණ කොට මානව හිමිකම් පුතා කොහෙද දන්නෙ නෑ හිටියේ .

Leave a Comment

Main News