රට අවුල් කරන්න මැතිවරණ කොමිසම කුමන්ත්රණයක… උපදෙස් යුරෝපයෙන්…
July 2, 2020 at 3:00 pm | lanka C news
මැතිවරණ කොමිෂන් සභාවේ මෙවර අරමුණ ඡන්දය භාවිත කිරීමට පැමිණෙන ඡන්දදායකයන් සංඛ්‍යාව අඩු කිරීම බවත්, ඊට අවශ්‍ය උපදෙස් යුරෝපා රටවල්වලින් මැතිවරණ කොමිසමට ලබාදෙන බවත් කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
යුරෝපීය තානාපති කාර්යාලවලින් ලබාදෙන උපදෙස් අනුව මැතිවරණ කාර්යාලවල මැතිවරණ අපේක්ෂකයන්ගේ පින්තූර සහ මනාප අංකය ප්‍රදර්ශනය තහනම් කිරීම, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කණ්ඩායම විසින් සිදුකරමින් සිටින බවත්, ඒ මඟින් ඉදිරියේදී මැතිවරණය සඳහා ජනතාවගේ පවතින උණුසුම නැතිකොට ඡන්දය ලබාදීමේ ප්‍රතිශතය අඩු කිරීම අරමුණ බවත් පෙන්වා දෙන විමල් වීරවංශ මහතා ඉදිරියේදී පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේ කොමිෂන් සභා අහෝසි කර ජනාධිපතිවරයාට සියලුම බලතල ලබාදෙමින් රටට හිතකර නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් පැවැසීය.
කෙසේ වුවද ඡන්දය ලබාදෙන පිරිස අඩු කිරීම මඟින් බහුතරයකගේ කැමැත්ත මත බිහි නොවූ ආණ්ඩුවක් යැයි කියමින් මානව හිමිකම් චෝදනා නැඟීමට යුරෝපා සංගමයට හැකිවන සේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ අරමුණ බවත් එම අරමුණු ඉටුකර ගැනීමට එහි සභාපතිවරයා ඇතුළු පිරිසට ඉඩ ලබා නොදෙන බවත්, විමල් වීරවංශ බත්තරමුල්ලේ පිහිටි මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
– mawbima
ඡන්දෙන් පස්සෙ හරි මේ අය නීතියට කොටු කර ගත යුතුයි
Hee Hee 3% > GOING DOWN TO 1% NO GUJVP IN THE NEW PALIMENT AND ANURA kUMARA WILL GO TO IRELAND WITH PINCHCHI AMMA
ඉතින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නරක නම් අලුත් 3 දෙනෙක් නම් කරන්න. ඊ කොමිසමම අහෝසි කරන්නේ.
මමනම් දකින්නෙ මැකෝ කියන්නෙ පිස්සු බල්ලෙක් වගේ මිනිහෙක් කිසිම උගත් කමක් නැතිි මොඩ තකතිරු මිනිහෙකුට මුලු රටම බයවෙලා මිනිහගේ කිමට හැම කටයුත්තක්ම කරන්න එපා මුන් ටිකට මඩු වලිග වලින් ගසා එලවා දැමිය යුුතුයි
100% agreed
Mu pal horek…Moka awath ratata kela wenawa…
Kapan punnakku…