රට එක් සේසත් කලේ දුටුගැමුණුට පසු මහින්ද පමණයි.. කවුරු අකමැති වුණත් ඇත්ත එයයි..- ජනාධිපති උපදේශක දි.මු. ජයරත්න..

August 16, 2017 at 6:32 am | lanka C news
රට එක් සේසත් කලේ දුටුගැමුණුට පසු මහින්ද පමණයි.. කවුරු අකමැති වුණත් ඇත්ත එයයි..- ජනාධිපති උපදේශක දි.මු. ජයරත්න..

මේ රට එක්සේසත් කල අවස්ථා දෙකක් ඇති බවත් ඉන් පලමුවැන්න එලාර පරදා දුටුගැමුණ රට එක්සේසත් කිරීම බවත් දෙවැන්න තිස් අවුරුදු යුද්දය පරදා මහින්ද රාජපක්‍ෂ විසින් රට එක්සේසත් කිරීම බවත් හිටපු අගමහැති හා වත්මන් ජනාධිපති උපදේශක දි.මු. ජයරත්න මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ උඩුනුවරදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට තිස් අවුරුදු යුද්දය නිමා කල නායකයා ලෙස ජන හදවත් තුල සැමදා සිටිනු ඇති බවත් කී ඔහු කිසිදිනෙක කිසිවෙකුට ඔහු ජනතාවගෙන් ඈත් කරන්නට පුළුවන් කමක් නැති බවද සදහන් කලේය.

88 views
Main News