රට කළඹන නව රැල්ලක් දෙසතියකින්.. මීලග නියත ජනපති ගෝඨා..

February 24, 2018 at 11:08 pm | lanka C news
රට කළඹන නව රැල්ලක් දෙසතියකින්.. මීලග නියත ජනපති ගෝඨා..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සමග නෙත් ගුවන් විදුලිය කරන ලද සාකච්චාවක් මෙහි දැක්වෙයි.

මේ ලබපු මැතිවරණ ජයග්‍රහණය ඇත්තටම ආණ්ඩු විරෝධයක් ද එහෙමත් නැතිනම් මහින්ද රාජපක්ෂට ආපු රැල්ලක්ද?

මේක මහින්ද රාජපක්ෂ කියන සුවිශේෂී රාජ්‍ය නායකයා කෙරෙහි අසීමිත විශ්වාසය හා බලා‍පොරොත්තුව පළවීමක්. අනෙක් පැත්තට මේ තියෙන ඊනියා ජාතික ආණ්ඩුව ජනතාවට වහකදුරු මෙන් තිත්ත වී ඇති බව පළ කිරීමක්.

ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාට තවදුරටත් බලයේ ඉන්න බලය තියෙද්දි ඇයි මේ ඔහුට ධුරයෙන් ඉවත් වෙන්න කියන්නේ?

ව්‍යවස්ථාවේ කියලා නෑනේ ඉල්ලා අස්වෙන්න බෑ කියලා. ඔහුට ලජ්ජාවක් බයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

ඇයි දැන් ඇත්තටම අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෑ?

පසුගිය මැතිවරණයේ දී ඔප්පු වුණා ඔහුගේ ඡන්ද ප්‍රතිඵලය සියයට පනස් ගණනක ඉඳලා සියයට තිස් ගණනකට බැහැලා තියෙනවා කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා ඉන්න එකත් ඒ සාමාජිකයන්ට කරන අගෞරවයක්. රටේ අගමැති වෙලා ඉන්න එකත් රටවැසියාට කරන අගෞරවයක්.

දැන් මේ පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණයක් මිසක් ආණ්ඩු, අගමැති තීරණය කරන මහ මැතිවරණයක් ‍නෙවෙයි නේද?

ඒගොල්ලෝ ආදර්ශයකට ගන්න මව් රටනේ මහා බ්‍රිතාන්‍යය. එහේ ජනමතයක් තිබුණා මහා බ්‍රිතාන්‍යය යුරෝපා කොමිසමෙන් වෙන් වෙනවාද නැද්ද කියලා. එතකොට එහේ බලයේ හිටපු අගමැති තමයි ඩේවිඩ් කැමරන්. ඔහුගේ මතය වුණේ තවදුරටත් යුරෝපා කොමිසමේ රැඳී සිටිය යුතුයි කියලා. හැබැයි රටේ ජනතාව ඔහුගේ මතය ප්‍රතික්‍ෂේප කළා. රට්ටු කිව්වා නෑ අපි යුරෝපා කොමිසමෙන් ඉවත් වෙනවා කියලා. වෙස්මිනිස්ටර් ක්‍රමයට ගරු කරමින් ඩේවිඩ් කැමරන් ඉල්ලා අස් වුණා. මැතිවරණය මොක වුණත් ඒකෙන් පේන්නේ ජනමතය.

ලංකාවේ ඉතිහාසයේ ඔය කියන විදියට මහ මැතිවරණයකට පහළ වෙන යම් මැතිවරණයක් පැරදුණා කියලා ආණ්ඩු ගෙදර ගිහින් තියෙනවාද?

ඉතිහාසයේ හැමදාම පළාත් පාලන මැතිවරණයක දී තිබ්බ ආණ්ඩුව තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔය තිබුණ පළාත් පාලන මැතිවරණවල රටේම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට පනස් පහයි, හැටයි. ඔය ඔක්කොම ඔහොම තියෙද්දි මේ තමයි ඉතිහාසයේ පළමු අවස්ථාව බලයේ සිටින ආණ්ඩුව පරාජය කරමින් විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂයක් රටම මැතිවරණයකින් ජයග්‍රහණය කළ. ඒ වගේම මේ පළාත් පාලන මැතිවරණයේ දී රටේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට අසූවට වඩා වැඩියි. ඒ නිසා ජනමතය පෙන්නලා ඉවරයි ආණ්ඩුවට ගෙදර යන්න කියලා.

ඇයි මේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අවසන් වශයෙන් තවම නිකුත් කරලා නැත්තේ?

මේ හොරගල් අහුලන්නේ අපිට ලැබුණු සැබෑ ජනතා මනාපයේ ප්‍රතිශතය වෙනස් කරන්නද කියලත් ජනතාවට සැකයක් තියෙනවා. මැතිවරණ කොමිසම ඉල්ලා අස්වෙන්න ඕනෑ මේ කටයුතු කරන විදිය නිසා.

ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කළා නේද පහුගිය දවස්වල වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වෙලා ආණ්ඩුවක් හදන්න?

නෑ. අපි උත්සාහ කළේ නෑ ආණ්ඩුවක් හදන්න.

එතකොට පක්ෂ දෙකේම නායකයින් එහෙම මුණගැහිලා සාකච්ඡා කළේ?

අපි තීරණයක් ගත්තා මැතිවරණයකින් මිසක් ආණ්ඩු බලය ගන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කිරීමකින් බලය ගන්න අපි ලැහැස්ති නෑ. ඒක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. හැබැයි ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වනේ අනූ හයම එයා එක්ක ඉන්නවා නම් යූ.එන්.පී. ආණ්ඩුවෙන් ගැලවෙන්න ලැහැස්තියි කියලා. ඉතින් ඒ පැත්තෙන් ඒගොල්ලන්ගේ අගමැති කෙනෙක් පත් කරගන්න උත්සාහයක් දියත් වෙලා තිබුණා. එතෙන්දී අපි අපේ ප්‍රතිචාරය හැටියට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එකතු වෙලා තීරණයක් ගත්තා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්තුරු එක්කම මැති ඇමැති තනතුරු කිසිවක් ගන්නේ නැතිව, කොන්දේසි සහිතව, විපක්ෂයේ සිට යූ.එන්.පී. ආණ්ඩුව අයින් කරලා අලුත් අගමැති කෙනෙක් පත්කරනවා නම් එකට විපක්ෂයේ ඉඳලා සහයෝගය දෙනවා කියලා.

අගමැති ලෙස පත් වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයෙක් ද? අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතුයි කියලා මැතිවරණ ‍පෝස්ටර්වල තියෙනවා?

කිසිසේත්ම නැහැ. එතැනදී අපි පැහැදිලිව කිව්වා අපි විපක්ෂයේ සිටිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න විතරයි සහාය දෙන්නේ සහ එයාලට කැමැති කෙනෙක් අගමැති ලෙස පත් කරගන්න කියලා.

දැන් මොකද වුණේ ඒ හදන්න ගිය ආණ්ඩුවට?

දැන් බෝ‍ලේ තියෙන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ අතේ. එයා ඒ අදහස අවංකවමද ගෙනාවේ නැත්නම් රටේ ඡන්දදායකයා රවට්ටන්නද කියලා ඉක්මනටම ඔප්පු වේවි. මට පෙනෙන විදියට නම් මේ පල්ල බිඳිච්ච, කඩාගෙන වැටෙන ඊනියා ජාතික ආණ්ඩුවටම පව්ඩර් ටිකක් දාලා, ෆේෂල් එකක් දාලා, තොල් දෙක පාට කරලා අලුත් මේකප් එකක් එක්ක යන්න තමයි මේ උත්සාහය.

2020 ජනාධිපතිවරණයටත් දැන් ලෑස්තියි නේද?

නිසැක වශයෙන්ම 2019 අග තියෙන ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි අපේ බලා‍පොරොත්තුව තියෙන්නේ ඒ මැතිවරණයේ අපේ නායකයා හැටියට ගේන්න.

එදා ඒකාබද්ධ විපක්ෂය කියන නමින් ඔබලා පිරිස රටට ආවෙත් නුගේගොඩින්. දැන් මේ මාර්තු 09 ඉඳලා නව රැල්ලක් ආරම්භ කරනවාලු. මොකද්ද ආරම්භ කරන්න යන නව රැල්ල?

2015 ජනවාරි 09 එළි වෙනකොට මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් එළියට ආවා. ඊට දවස් දෙකකට හෝ එකකට පස්සේ ඒකාබද්ධ විපක්ෂය විදියට අපි මාධ්‍ය හමුවක් තිබ්බා. ඒ මාධ්‍ය සාකච්ඡාවේ දී මට මතකයි මම කිව්වා මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ඉච්ඡා භංගත්වයට පත් වෙන්න එපා, ඔබේ ඒ ජාතික නායකයා ඒ සේවය උදෙසා නැවත රැගෙන එනවා කියලා. ඉන් අනතුරුව රටම කදමලු බැඳගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා බලන්න ‍පෝලිමේ එතුමාගේ ගෙදරට ගියා. මේ ජනතා ප්‍රකම්පනය දැක්කාට පස්සේ අපි දිනේෂ් ගුණවර්ධන මහතා, වාසුදේව නානායක්කාර මහතා, උදය ගම්මන්පිල මහතා එක්ක සාකච්ඡා කරලා පෙබරවාරි 18 වැනි දා නුගේගොඩට ජනතාවට එන්න ආරාධනා කළේ. අපේක්ෂා කළ නොහැකි මට්ටමේ ස්වේච්ඡා ජනතා පිබිදීමක් එදා නුගේගොඩදී සිදු වුණා. මෙවර අපි නුගේගොඩට යන්නේ ඒ ඇති වූ ජනතා පිබිදීමෙන් සුවිශේෂී ජයග්‍රහණයක් උරුම කරගෙන. එහි මීළඟ පිම්ම විදියට ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙලා මේ රටේ ජනතාවගේ ඉල්ලීම අනුව ආණ්ඩුවක් පිහිටුවන්න වහාම අවස්ථාව දෙන්න කියන බලකිරීම කරන්න.

ඔබට එදා චෝදනාවක් එල්ල වුණා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ ඔබ කියලා?

ඕක කිව්වේ සිරිසේන ජනාධිපතිවරයා ළඟ ඉන්න පිරිස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයාට විරුද්ධව, පක්ෂයත්, පාක්ෂිකයිනුත් පාවාදීලා, යූ.එන්.පී. එකේ ඔඩොක්කුවට ගියේ කවුද කියලා මතක් කරන්න. කවුද පක්ෂය දෙකඩ කළේ කියලා මතක් වේවි.

මේ ආපු මැතිවරණ ප්‍රතිඵලයෙන් සිද්ධ වුණෙත් රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුණු කඩා වැටීමක්. නිදහස් පක්ෂය දෙකඩ වුණේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ‍පොදුජන පෙරමුණ නිසා ‍නෙවෙයිද?

දෙකඩ වීමක් නෑනේ. එතුමා බලය ගත්තේ රාජ්‍ය බලය යොදවලා, බඩු භාණ්ඩ බෙදලා, තියෙන සන්නිවේදන මාධ්‍ය බලයත් යොදාගෙන. ඔක්කෝමත් කරලා ලබාගත්තේ 13කට මඳක් වැඩි සංඛ්‍යාවක්. ඒ 13 කියන්නෙත් එච්චර ස්ථාවර ඡන්ද සංඛ්‍යාවක් ‍නෙවෙයි. ඔය ඡන්දදායකයින් ඊළඟ ඡන්දයේදී ඔතන අත්හැරලා ජයග්‍රහණය කරන පැත්තට මාරු වෙනවා. එතකොට නිදහස් පක්ෂය ඒ පැත්තේ නෑ. සම්පූර්ණ නිදහස් පක්ෂයම මේ පැත්තේ ඉන්නවා. එතකොට මේක දෙකඩ වෙලා නෑ. ඡන්ද දායකයින් සැබෑ නිදහස් පක්ෂය නිවැරදිව හඳුනාගෙන තියෙනවා විතරයි.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතාට. දැන් චෝදනාවක් තියෙනවා ඡන්දදායකයින් ඡන්දේ දුන්නේ තමන්ගේ කොට්ඨාසයට ඉදිරිපත් වුණ අපේක්ෂකයා කවුද කියලාවත් බලන්නේ නැතිව නිසා ‍පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් පළාත් පාලන ආයතන නායකත්වයට සුදුසු මට්ටමේ නෑ කියලා?

කවුද කියන්නේ. ජනතාව ඔහොම කියන්නේ නෑ. ඔය කතාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා තමන් හිතපු තරම් දෙයක් වුණේ නැති එකේ වේදනාව. ඒගොල්ලෝ මන්ත්‍රී ආසන දාහකට වැඩිය ලැබෙයි කියලා බලා‍පොරොත්තු වුණා. ඒකත් නෑ. හිතපු ඡන්ද ගණන ලැබුණෙත් නෑ. දැන් කන් කඩාවැටිලා දෝෂාරෝපණය කරනවා මිනිස්සුන්ට.

ප‍්‍රසාද් අබේවික‍්‍රම
-nethgossip

77 views

30 Comments to “රට කළඹන නව රැල්ලක් දෙසතියකින්.. මීලග නියත ජනපති ගෝඨා..”

  1. Saman says:

    Wimalaya dakinawa athi gotha awila divyalkaen awila karapu horkam nathkarana apu surAduthiyek kiyala. Denama idiriyata herege thami innea wenne.

    • ගුණේ අයියා says:

      එක දෙයක් ඔබට මතක් කරන්නම් 74% අපි සිංහල ..

      • Gu says:

        සිංහල වචනයක් කොටා ගන්න බැරි එකා එනවා උපදෙස් දෙන්න සිංහල නම්වලින් ඉන්න thambi ගොන්නු

      • Dine says:

        What a nonsense

        Sinhaloyo rule the country 70 years.but what we got where are we now.

        All there bodies here. But they all not work for us.
        All Sinhalese Tamil Muslim innocent people sufer
        No money less resources.sufer from poverty

        We all slaves to these people last 70 years.
        Try to be a slave in next decade.

      • Aurora says:

        අපි 74% ක් බව ඇත්තයි, නමුත් මේ රටේ සියලුම ආනයන,තොග වෙළඳම, නිෂ්පාදන කර්මාන්ත, පවතින්නේ අනෙක් 26% අත බව මතක තබාගන්න. ඒවා අතරටද සිංහල මහජාතිය වීමට තිබෙන බාධා සොයා බලා විසඳුම් ලබාදීම ඉතාම වටිනවා. විශේෂයෙන් රේගුව වගේ ආයතන වල සිටින හොරු අද තිබෙන ඒකාධිකාරයන් කඩන්න නොදී ජරාව කමින් ඒකාධිකාරයන් පෝෂණය කරනවා. වෙළඳ ඒකාධිකාරයන් පරාද කරන්න වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ගොඩනඟා තිබුන සතොස ආදී ආයතන ඒකාධිකාරයන්ගේ උවමනාවටම විනාශකරලා තියෙන්නේ. සිංහල නායකයෝ කියන මෝඩ අමනයෝ ඒවා උන්ටම දීල තියෙන්නේ.

    • Sunil says:

      වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ.

      • Ankoora says:

        අයි ලව් යූ විමල්/ අයි ලව් යූ හිටං / අයි ලව් යූ රනිල්/☺️

    • Wijebahu says:

      All journoukists except Mara washers should start apply for political asylum in western countrys. They already start attacking opposition without power imagine these evil man becomes the president? SL will be a very scarey place.

      • Pal says:

        Wijebahu..
        If you are a real Sinhalese please think of bringing 74% Sinhalese into one party…
        That is Pohottuwa….
        The only savior of the country…

        If you want to continue sucking Ponil ‘s Asuuchee… You can continue as you doing now..

      • Real Man says:

        Wijebahu..
        If you are a real Sinhalese please think of bringing 74% Sinhalese into one party…
        That is Pohottuwa….
        The only savior of the country…

        If you want to continue sucking Ponil ‘s Asuuchee… You can continue as you doing now..

        • Wijebahu says:

          U racist dog. Why r u using the same comment all over the place. Your Gota will be in jail soon. My3 and Ranil are bloody fools if they let this man with blood in hand to become the president. If u say SF is bad Gota is worst to run this country u son of a pig. My3 better write his last will before he let gota.
          becomes the president.

          • adrian says:

            Ayiyo Wijebahu, umba ta puluvan thappu lanna vitharada GONO ? Tho kavuda kiyala hoya gaththa davasata hire thamayi yanna venne. NGO vala katu kana balla Wijebahu.

    • FREE says:

      සමන් සිංහල දන්නෙ නැත්නම් සිහළුන් ගැන කථා නොකර ඉඳින්.

  2. ගුණේ අයියා says:

    එක දෙයක් ඔබට කියන්නම් 74% අපි…

    • Gune aiya says:

      Apit a 74% tamai inne…ekanisa tamai kiyanne may rata aith rajapkshalata aduma gaane tawa awurudu 20 katawat denne nehe…GR ta janadipathia kama denawata wada hondai MR tama deela danawana ehenam..we had enough of rajapakshas..V need a fresh leader

      • ගුණේ අයියා says:

        තෝ 74% එකෙක් වෙන්න බෑ… උන්ට ජාතිය ගැන හැගීමක් තියෙනවා… රාජපක්ෂලාට බනින උන් නපුන්සක සුළු ජාතීන්

    • jayamal says:

      මහින්ද ලඟට මුලු රටම ආදරේ ගෝටා ට බව චන්දයකදී හොඳට ඔප්පු වෙයි. ජයෙන් ජයම වේවා! මගෙ මව්බිම සදා සුරැකේවා!

      විමල් වීරවංශ ඔබයි අපේ වීරයා! ඔබ රට වෙනුවෙන් කල කී හැම දෙයකටම අප සදා ණයගැතියි. පොහොට්ටුවේ විශිෂ්ට ජයග්‍රහණයට මහින්ද නාමය බැබලවූ ඔබ ඇතුලු කණ්ඩායමේ කැපවීම මුල් වූ බව අවිවාදයෙන් කාටත් පිලිගන්න වෙනවා! ඔබ ඉදිරියේ ඇත්තේ අති විශිෂ්ට ජයග්‍රහණ පමණයි. මව්බිමට සතුරුකම් කරන අය අපිට හෙලිදරව් කරන එකට හද පත්ලෙන්ම ස්තුතිය පිරිනමමි!

  3. ජනතාව says:

    පළාත් සබා චන්දෙ එනවා… දම්මම අකුලාගෙන ගියොත් හොදයි

  4. Nim says:

    WIMAL OBA PAHADILI KIREEMA
    HARIYATAMA HARI
    RATE BAHUTHARAYA POHOTTUWA
    SAMAGA
    LABOO JAYAKGRAHIKA BALAWEEGAYA
    ATHARAMAN NOKARA
    EDIRIYATA GENA YAMA
    OBA SAMAGE WAGAKEEMA

  5. ධම්මික අන්කෙල් says:

    මුට නම් ජනාදිපති වෙන්න දෙන්න බෙහ.

  6. Wijebahuj says:

    Not only that soon he will be arrested for lasantha killing. Read Sunday island headlines.

    • Lanka Sinha says:

      You are a real bastard Wijebahu. You will really sell your mother, wife, and your daughters too, if you are offered
      a little black money and a bottle of kasippu.Go to hell you son of a bitch.

  7. මාතලේ බණ්ඩා says:

    බොහොම හොඳයි. ගෝඨාභය එහෙන් එනකොට UNP යෙන් එන්නෙ සජිත් පේමදාස. මොකා ආවත් සජිත්ට පරාදයි. සජිත් වටා විශාල ජනරැල්ලක් තිබෙනවා.ජාති,කුලමල,පංති භේදයකින් තොරව ඔහුට විශාල ජනතා ප්‍රසාදයක් තිබෙනවා. අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ඉදිරි ජනාධිපතිවරණයෙදි සජිත්,ගෝඨා සටන බලන්න.

    • Hoo !!! says:

      ජනතා ප්‍රසාදය පේනවා හම්බන්තොට දිනපු දිනිල්ලෙන්.😀😀😀

    • kadiya says:

      තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනන්නබැරි සජිත් ලංකාව දිනන්නේ කොහොමද? ඇරත් රනිල් කිසිදා සජිත්ට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ.ඊළඟ පාර්ලිමේන්තු චන්දෙදි UNP යට හම්බන්තොට එක ආසනයයි. ඒකයි සජිත් ඉස්කෝලවලට බෙදන්න ගෙනිච්ච බස් ටික අපහු ගෙනිච්චේ. මෝඩ UNP කාරයෝ පව්.

  8. Sanjay g says:

    we will with SLPP & Joint Opposition
    yes we did it on February 10 th
    yes we will again for PC Elections
    yes we can

    Jayaweva !

  9. Prasad says:

    Me rate 69% Sinhala Buddhist ayayi.5% wena Sinhala Catholics ayage Chanda thama mahindata lebenne.e wagema lankika widiyata Inna kamathi Muslim Aya (20-25%) Chanda.
    Me awurudu 1 1/2 thula noyekuth anthawadeen awith me samagiya winasha karanna puluwan.
    Prawesamen.

Main News