රට කිසිදා නොවූ විරූ අරාජිකත්වයකයි.. අලුත් අවුරුද්දට කෙසේ සුබ පතන්නද..
April 14, 2022 at 6:20 pm | lanka C news
ශ්රී ලංකාව අද පවතින්නේ කිසිදාක නො වූ විරූ තරමේ අරාජික තත්වයක බවත් ඉතින් එවන් තත්වයක අලුත් අවුරුද්දට සුභ පතන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ප්රශ්න කරයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් තම සමාජ ජාලය ගිණුමේ සටහනක් තබමින් ඇය මෙසේ කියා සිටී.
අප රට කිසිදා නොවූ විරූ අන්දමේ අරාජික තත්ත්වයක පවතින මේ මොහොතේ උදා වන අලුත් අවුරුද්ද වෙනුවෙන් මා ඔබට සුබ පතන්නේ කෙසේ ද?
නිදහසින් පසු ප්රථම වරට පුරවැසියා සියලු බේද පසෙක ලා, එකට එකතු වී දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අව් වැසි නොතකා සාමකාමී අරගලයක් ආරම්භ කර තිබේ.
ඒ සටන පුරාවට ප්රචණ්ඩත්වය වෙනුවට සාමකාමීත්වය ද, වෛරය වෙනුවට ආදරය ද දැකිය හැකි ය. ඒ ප්රවණතාව තුළින් රටට යහපත් ජයග්රහණයක් අත්පත් කරගනු හැකි වනු ඇත.
රටේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කර, මේ අරගලය වෙනුවෙන් කැපවී සිටින සියලු පුරවැසියන්ට නිදුක්, නිරෝගී ශක්තිය ප්රාර්ථනා කරන අතර මේ අර්බුදකාරී තත්ත්වයෙන් මිදී, සාමය, සහජීවනය, ප්රජාතන්ත්රවාදය රජයන දේශයක් නිර්මාණය කරගැනීමට ශක්තිය ලැබෙන, ජයග්රාහී සුබ අලුත් අවුරුද්දක් ඔබ සැමට ප්රාර්ථනා කරමි.
එක්ස්පයඩ් වෙච්ච් අත්තම්මෙ දැන් වලව්වට වෙලා ඉඳපන්. පොහොට්ටුව පරදන්න උබට බෑ.
loku udauwak
paththakata wela inna
ඔව්, ආදරය නම් හොඳට තියෙනවා සමහර ටෙන්ට් කුඩාරම් ඇතුලේ.
දිරි අවුරුද්දටයි සුභ පතන්නේ. මුන් ඒකවත් දන්නේ නැහැ. මුන්ද නායකයෝ.
ඉදිරි අවුරුද්දටයි සුභ පතන්නේ. මුන් ඒකවත් දන්නේ නැහැ. මුන්ද නායකයෝ.
අපේ මේ අරගලය උඹලා වගේම නාකියෝ සහ නාකිච්චියෝ එළවන්නයි
පොට්ට මැහැල්ලවත් යවන්ඩ තියෙන්නෙ ගෝල්ෆේස් එකේ කූඩාරමකට ඒකෙ ඉන්න තම්බින්ගෙ ඇඟේ පතේ හිරි ඇරගන්ඩ.
This woman try to bring her son for politics and want to sell all we know she
You are right, we have got enough butterflies in our politics. We do not need another foreign one here.
Oh please don’t say any good wishes. Wish that comes from your mouth will definitely be a curse. We don’t want more trouble than what we are in now.
.
Thank you dear Madam for your wishes!!!