රට කිසිදා නොවූ විරූ අරාජිකත්වයකයි.. අලුත් අවුරුද්දට කෙසේ සුබ පතන්නද..

April 14, 2022 at 6:20 pm | lanka C news
රට කිසිදා නොවූ විරූ අරාජිකත්වයකයි.. අලුත් අවුරුද්දට කෙසේ සුබ පතන්නද..

ශ්‍රී ලංකාව අද පවතින්නේ කිසිදාක නො වූ විරූ තරමේ අරාජික තත්වයක බවත් ඉතින් එවන් තත්වයක අලුත් අවුරුද්දට සුභ පතන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රශ්න කරයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් තම සමාජ ජාලය ගිණුමේ සටහනක් තබමින් ඇය මෙසේ කියා සිටී.

අප රට කිසිදා නොවූ විරූ අන්දමේ අරාජික තත්ත්වයක පවතින මේ මොහොතේ උදා වන අලුත් අවුරුද්ද වෙනුවෙන් මා ඔබට සුබ පතන්නේ කෙසේ ද?

නිදහසින් පසු ප්‍රථම වරට පුරවැසියා සියලු බේද පසෙක ලා, එකට එකතු වී දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අව් වැසි නොතකා සාමකාමී අරගලයක් ආරම්භ කර තිබේ.

ඒ සටන පුරාවට ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමීත්වය ද, වෛරය වෙනුවට ආදරය ද දැකිය හැකි ය. ඒ ප්‍රවණතාව තුළින් රටට යහපත් ජයග්‍රහණයක් අත්පත් කරගනු හැකි වනු ඇත.

රටේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කර, මේ අරගලය වෙනුවෙන් කැපවී සිටින සියලු පුරවැසියන්ට නිදුක්, නිරෝගී ශක්තිය ප්‍රාර්ථනා කරන අතර මේ අර්බුදකාරී තත්ත්වයෙන් මිදී, සාමය, සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය රජයන දේශයක් නිර්මාණය කරගැනීමට ශක්තිය ලැබෙන, ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමි.

38,019 views

22 Comments to “රට කිසිදා නොවූ විරූ අරාජිකත්වයකයි.. අලුත් අවුරුද්දට කෙසේ සුබ පතන්නද..”

  1. Rish says:

    මෙන්න වැන්දා… ඔයා ඔහොමම ඉන්න

  2. වැඩක් බලා ගත්ත නම් පාලූ ගෙයි වළන් බිදින්නේ නැතූව says:

    වැඩක් බලා ගත්ත නම් පාලූ ගෙයි වළන් බිදින්නේ නැතූව අම්මප දාල අප්පල හූරන් කාපූ රට පෙනිනල වීරයන් වෙන්න හදනවා. පැත්තකට වෙලා කාලක් බීල දොයිය ගනින් වස්තූවෙ.

  3. හෙලයා says:

    චෞර රැජින නම් වූ පට්ට හෙරක්.. මේකි හොරා කාපු සල්ලි වලින් එන්ගලන්තෙ මාලිගා ගත්තෙ.. ජනාධිපති වෙනකට අදින්න සාරියක් නොතිබිච්ච …සියක් එහෙම කලේ කොහොමද කියල විගනනය කරල ආපහු ගත යුතුයි

  4. බයිසන් says:

    රාජපක්ෂලා ට රටක් තියා සිල්ලර කඩයක් කරන්න දුන්නත් අවුරුදු කීපයකින් බංකොලොත් කරනවා.

  5. Sinhalaya says:

    Munge pawla thama sinhalayawa winasa kale munge ithihasaya kiyawapalla rata jathiya agama pavadeela trasthawadeen mahaththuru karagath belliyak thoge asirwadaya apita epaa deepiya palal karala asirwadaya para suddanta

  6. David Milli-banda says:

    මෙන්න වැන්දා… ඔයා ඔහොමම ඉන්න You got an opportunity but U got intoxicated instead of governing.

  7. Nishanthi says:

    Ane ewaa visadaganna puluwan oya owata medihath wela 2015 we wage rata aadi hath denage keda heliyak karanna epa

  8. හා හරි හරි ඔයා සජිත් ගේන්න දැඟලුවාට ඔයාට හම්බවෙන බම්බුවක් නැත. මහින්ද එක්කම ලඟදි යයිද 🤔

  9. Citizen says:

    Me geni thami rata vinyasa kale

    • හරියටම හරි, අම්මට අයිති ජනාධිපතිකම උදුරගත්ත. රටම විනාසකලා.

  10. Dp says:

    විස්කි නැත්නම් කසිප්පු වඩියක් හරි ගහගෙන ඔයා ඔය ඉන්න විදියටම ඉන්න.

Main News