රට කෙල්ලෙක් 9000යි.. ලංකාවෙ කෙල්ලෙක් 5000යි.. කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවසක්..

August 9, 2018 at 6:48 pm | lanka C news
රට කෙල්ලෙක් 9000යි.. ලංකාවෙ කෙල්ලෙක් 5000යි.. කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවසක්..

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සුපරි තත්වයේ ගණිකා මඩමක් පොලිසිය විසින් වටලා විදේශීය කාන්තාවන් හත් දෙනකු ඇතුළු කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගණිකා මඩම පවත්වාගෙන ගිය බව කියන චීන ජාතිකයෙකු හා 28 හැවිරිදි ශ‍්‍රී ලාංකික කාන්තාවක ද අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්ත කාන්තාවන් තුන්දෙනෙක්, වියට්නාම කාන්තාවන් දෙදෙනෙක්, චීන කාන්තාවන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගණිකා මඩමේදී විදේශීය කාන්තාවක් රුපියල් 9000 කටද ලාංකික කාන්තාවක් රුපියල් පන්දහසක මුදලකටද අලෙවි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

2,830 views