රට ගොඩගන්න නම් 2/3ක බලයක් ඔ්නෑ.. නැතොත් ගෝටාභය දිනවූ නියම ප‍්‍රතිඵලය ලැබෙන්නේ නෑ..

January 23, 2020 at 8:02 am | lanka C news
රට ගොඩගන්න නම් 2/3ක බලයක් ඔ්නෑ.. නැතොත් ගෝටාභය දිනවූ නියම ප‍්‍රතිඵලය ලැබෙන්නේ නෑ..

එළඹෙන මහමැතිවරණය රටේ ඉදිරි ගමනට මෙන්ම ජනතාවගේ අනාගතය තීරණය කරන අතිශය වැදගත් මැතිවරණයක් වන බවත්,  එම මැතිවරණයේදිවත් රටට විහිළු සපයන ජනතාව රවටන වංචනික පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර නොගන්නැයි ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

ඇඹිලිපිටිය, කොලොන්න ආසනයේ ප්‍රජා සංවර්ධන කමිටු ගණනාවක් ආමන්ත්‍රණය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ග්‍රාමීය ගැටළු පිළිබද අවධානය යොමු කිරීමත්, අදාල ගැටළු නිරාකරණය සදහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධවත් මෙහිදි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතාගේ අවධානය යොමු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙල අද රටේ බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වෙලා තිබෙනවා. ඒ සදහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සම්පුර්ණ සහයෝගය ලබා දෙමින් රටේ ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගා සිටුවීමට සියළු අමාත්‍යංශ හරහා විවිධ කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අදාල ව්‍යාපෘති තුලින් සෘජුවම ජනතාවට සහන සැලසීමට ජනතාවගේ ක්‍රියාකාරී පෙල ගැස්ම ඉතාම අවශ්‍යයි.  සපිරිගමක් වැඩසටහන ප්‍රජා මූලික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන්නට රජය තීරණය කළේ ඒ අනුවයි. නමුත් සමහර ප්‍රදේශිය දේශපාලන නියෝජිතයින් මැසිවිලි නගනවා මේ හේතුවෙන් ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකීමේ ප්‍රමාදයක් ඇති වෙනවා කියලා. නමුත් ගැටළුව වන්නේ ජනතාව තුළින් ක්‍රමවත්ව යෝජනා ඉදිරිපත් නොවන සංවර්ධන කටයුතු සිදු කරන්න ගියාම රජයේ මුදල් අවභාවිත කරනවා කියන චෝදනාවට මුහුණ දෙන්න දේශපාලකයන් ලෙස  අපි හැමෝටම සිද්ධ වෙනවා. මේ ක්‍රමවේදය තුලින් එහෙම වෙන්නේ නැහැ.

රට පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ගන්න නම් රටට ආදරේ කරන වැඩකරලා පුරුදු  පිරිසිදු පුද්ගලයින්ගෙන් යුතු තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. ඒ සදහා වන වගකීම පැවරෙන්නේ ඡන්දදායක ඔබට. ඒ සදහා ජනතාව දැනුවත් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලද ජයග්‍රහණය ශක්තිමත් කරන්නට ඔබට වගකීමක් තිබෙනවා. ජනාධිපතිවරණයෙන් ලත් ජයග්‍රහණයේ නියම ප්‍රතිපල ජනතාවට හිමිවන්නේ බහුතර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමෙන් පමණක් බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

මම දීර්ඝකාලයක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරපු ඇමතිවරයෙක් ලෙස රටටත් දිස්ත්‍රික්කයටත් සිදු කළ සේවය අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවගේ දැඩී ඉල්ලීම නිසා තමයි මම මෙවර පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න තීරණය කලේ.රතනපුරේ ජනතාව මා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කරන්න මට බැහැ.රත්නපුර සංවර්ධනය වෙනුවෙන් කැපවුණු ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් මම කරලා තියෙනවා.රුවන්පුර ගුරු අභ්‍යාස විද්‍යාලය හැදුවා.රුවන්පුර විසල් ජල යෝජනා ක්‍රමය ඇතුළු ග්‍රාමීය ජල ව්‍යාපෘති ගණනාවක් ඇතිකලා.මුළු දිස්ත්‍රික්කයටම විදුලිය දුන්නා.රත්නපුර මහ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ සියඵම ආරෝග්‍ය ශාලා වැඩිදියුණු කලා.දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කලා.පාසල් පද්ධතිය වැඩි දියුණු කලා.ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නැංවීමට අවශ්‍ය පියවර ගත්තා.මේ නිසයි ජනතාව මට දේශපාලනයෙන් විශාම යන්න දෙන්නේ නැත්තේ.

– ධම්මික තිලකරත්න

105 views

10 Comments to “රට ගොඩගන්න නම් 2/3ක බලයක් ඔ්නෑ.. නැතොත් ගෝටාභය දිනවූ නියම ප‍්‍රතිඵලය ලැබෙන්නේ නෑ..”

  1. Namal says:

    අපේ අති ගරු අගමැතිතුමාගේ මහා කරුනා බලෙන් 29දාට ගොන්ජාට ඇප ලැබෙනවා ඒකාන්තයි ඉන්පසු උගේ සුපුරුදු වැඩ දිගටම කරගෙන යාවි. දැනටමත් කාංචනාවගේ එතුමා ලගින්ම සිටින අයගෙන් කොල එලිය නිකුත් වෙමින් තිබේ.
    ගම්මන්පිල මහත්තයෝ , කෝ ඔබලා දාපු බුදු දහමට අපහාස කිරීම ගැන ගොන්ජට දාපු පැමිනිල්ල. ඒකට මොකද උනේ.

    • Janaranjana says:

      ජනාදිපතිතුමනි, රාජිත රිශාඩ් සාෆි අසාඩ් සාලි වගේ මේ රටට මහා විනාශයක්කල උන් නිදැල්ලේ ඉන්නට හැර මහා මැතිවරනයකට යනවානම් 3/2 ගැනීම සිහිනයකි. ඔබවටා සිටින වන්දි බට්ටයන්ගේ කීම අනුව මුස්ලිම් චන්ඩ බලාගෙන මෙසේ කරනවානම් එය ඉතා අනුවන ක්‍රියාවකි .මොකද ඔබට ඔහුන්ගේ චන්ද නොලැබෙන බැවිනි සිදුවන්නේ සිංහල චන්ද නැතිකරගැනීම පමනි. විශේශයෙන්ම ගොන්ජා කියන මේ අවජාතක අවලමා බුදු දහමට කල අපහාසයට මේ හොර තක්කඩියා ගැන සියලුම බෞද්දයන්ට ඇත්තේ දැඩි වයිරයක්. මූ තව දුරටත් මුදාහැරියොත් බෞද්ද චන්ද වලට අබසරනයි .

    • බුද්දිමත් ජනතාව says:

      ඒවා ඔක්කොම කරන්න 2/3ක බලයක් ඔ්නෑ. Namal උබ මහ ගොනෙක්

      • ඩපයා says:

        වැඩක් කොරගන්න 2/3 ඕනේ නං කොරගන්න බැරි දේවල් බාරගත්තේ මොන මගුලටද? අපේ වියදමින් ඇමති වරප්‍රසාද ගන්නද? කෑදර පරපෝෂිත හැත්ත.

  2. desabimanaya says:

    අප ඊයේ පාර්ලිමෙින්තුවෙි ඉදිකිරිම සේවා පිලිබද විවාදය බැලුවා. ඉදිකිරීමි කර්මාන්තය මුලුමනින්ම ඇන හිටලා . බිලියන ගනනක් මුදල් ගෙවන්න තිබුනත් රජයට මුදල් නෑ කියනවා ඇහුනා . ඒ අනුව අඩුම තරමින් පසුගිය රජය විසින් අවසන්කරනලද කොන්ත්‍රාත් වැඩ සදහා ගෙවන්නත් තුනෙන් දෙකක බලයක් ඔනිද ?

  3. merata eka says:

    mun mulin kiwwe Gotta apu gaman siyalla hari, Gottata kala nohakkak nomatha kiyalai…dan kiyanawa gottata mokakda ekak na kiyala.

  4. kamal says:

    අට වන ප්‍රශ්නය හා ආර්ථික විද්‍යාවේ හෙලුව
    ගුරුදෙව් කියන්නෙ අහිංසකකමට සිංහලය රැකගත් කමල්ට ලියන්න කියා.මාක්ස් ලග තිබ්බේ ශාස්වත වත වාදයද උච්චේද වාදයද පුතා කියන්න බලන්න. ගුරුදෙව් තිබ්බේ ශාස්වත වාදයෙ ලක්ෂණත් තියෙනවා උච්චෙද වාදයේ ලක්ෂණත් තියෙනවා. එහෙනම් කමල් කියන්න කුරිරු මනුස්‍යත්වය ඇතිවන්නෙ ශාස්වත වාදය උච්චේද වාදය දෙකම නිසා නොවේද. ශාස්වත වාදයේ අය හිතන්නෙ නැ කුරිරු කම ඒක නිසා හට ගන්නවා කියා උච්චේද වාදයේ අය හිතන්නෙ නැ කුරිරු කම පුනර්භවය විස්වාස නොකරන නිසා ඇතිවනවා කියා. නමුත් ඇත්තේ එක මනුස්‍යත්වයයි නමුත් මම කියන්නෙ ශාස්වත වාදය උච්චෙද වාදයත් දෙකම වැරදි. විවෘත ආර්ථික ක්‍රමය ඇතිවන්නෙ පුද්ගලයෙක් නැ කියන සංකල්පයෙන් එය වැරදියි ආත්මයක් නැත්තෙ නමුත් පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයා නැත්තෙ ශාස්වත වාදයේ නෙවෙයි උච්චේද වාදයෙ. ආර්ථික විද්‍යාව කියන්නෙ උච්චේද වාදයක් මෙය අට වන කරුණයි. බුදු හාමුදුරුවො කිව්වේ උච්චේද වාදය පිටු දකින්න කියලා.
    නමුත් නිවරදි ආර්ථික විදයාව තියෙන්නෙ සිරිමාටවත් ජේ ආර්ටත් නෙවෙයි මට. එනම් පිරිස රකින්න ඔනේ දුෂණය නොකර ඒ සදහා ඔනේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැද මාවතයි. නමුත් අන්තර් ජාතික සම්බන්ධතා වලදි නොබෙදි නෙවෙයි චින සහබද්ධ විය යුතුයි. මිට කිරිබත්ගොඩ හිමි හා කමල්

  5. Wijebahu says:

    Eka witharada umbalata adu? Porondu ekakwath itu katana bari horikadayo. Illuwe Diyasena labune Nandasena.

  6. බන්ඩා says:

    ගොන්ජට ඇප ලැබුන කියල නඩුවෙන් නිවැරදි කරැ වෙන්නෙ නැහැ.

  7. Srimal says:

    නැ නැ එච්චර බලයක් අවශ්‍ය නැ

Main News