රට ගොඩගන්න සැලසුම සජිත් කියයි…

July 5, 2022 at 7:10 pm | lanka C news
රට ගොඩගන්න සැලසුම සජිත් කියයි…

පසුගිය වසර 3කට ආසන්න කාලය තුළ මේ රටේ පාලකයන් අනෙක් පුද්ගලයන් විසින් කියන දේ අහන් නැතිව තමන් පමණක් හරි බවට සිතා කටයුතු කිරීම නිසා වර්තමානයේ රට විශාල අගාධයකට පත්ව ඇති බවත් මින් මිදීමට නම් සියලු දෙනා එකට එකතු වී සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයකට යා යුතු බවත් (4) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒකාධිපතීත්වයෙන් තොරව සියලු දෙනාගේ මතවලට ඇහුම්කන් දෙන සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් රට ගොඩනැගිය හැකි බවත් ඒ සඳහා ප්‍රගතිශීලී පක්ෂයන්ගේ යෝජනා සහ අදහස්වලට ඇහුම්කන් දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අවසානයේ විපක්ෂයේ අරමුණ වන්නේ විවිධාංගීකරණයට ලක් වූ අදහස් එකට එකතු කළ හැකි පොදු ජාතික න්‍යාය පත්‍රයක් හරහා රට නැවතත් ගොඩනැගීම බවයි. එම න්‍යාය පත්‍රය තුළින් රටේ ජනතාවගේ අහිමි වී ගිය හුස්ම නැවතත් ලබා දිය හැකි බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, වෛද්‍ය රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් රැසක් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ, රොහාන් සමරජීව ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– media unit

29,274 views

23 Comments to “රට ගොඩගන්න සැලසුම සජිත් කියයි…”

  1. Mtmmanvar says:

    Muge plan Eka muge thathtata wage budhdimath aya marala daana eka. Sajiya pissu Hu…. Tek.

  2. Kandy wtrhip says:

    All these are empty words and fairy tales. What people need is concrete plan not loose talks. If Sajith feels he can being country back to normal within 6 to 12 months he should unveils his plans with timings and his choice of ministers to take forward that pla. People will look at the plans and his choice of minister before he becomes PM and will validate it.
    But he should be mindful of not to nominate corrupt, double tounge, opportunists like Maithree, Dayasiri, Rajitha,Wimal, Gammanpilla to minister position in the national government.

  3. Lucky N says:

    දැනට ණය ආදාර දෙන්න බලාගෙන ඉන්න ඒ සදහා ව්යාපෘති ඉල්ලන විදේශ රටවලට රජයක් හා ජනතාවක් හැටියට පෙන්වන්න තියෙන්නේ කඩිනමින් රට ගොඩ නගන්න දැනට අපි මේ සරු කෙතේ ආරම්බ කරල තියෙන ව්යාපෘති 2ක් විතරයි. රනිල්ගේ ජාතියන්තර හිගා කෑමේ ව්යාපෘතිය සහ අනුරගේ ගෝල් ෆේස් අරගල ව්යාපෘතිය.

Main News