රට තවදුරටත් ණය කරනවාද ගොඩ ගන්නවාද තීරණය විදේශ ශ්‍රමිකයින් අතයි..
June 2, 2022 at 6:20 am | lanka C news
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඩොලර් ගැටලුව නිසා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව රෝගීන් දැඩි අවදානමකට පත්ව සිටින බවද එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ මුදල් එවීම නතර කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඊශ්‍රායලයේ සහ ජපානයේ රැකියා හිමිවූ කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට 2022.06.01 දින කම්කරු අමාත්‍යාංශයේදී එක්වෙමින් මනුෂ නානායක්කාර ඇමැතිවරයා මේ බව පැවසුවේය. ජපානයේ රැකියා සදහා පිටත්ව යන 19 දෙනෙකුට සහ ඊශ්‍රායලය බලා පිටත්ව යන සාත්තු සේවිකාවන් පස් දෙනෙක්ට මෙහිදී ගුවන් ටිකට්පත් ලබාදුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේද කීවේය.
“මම විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ජපානයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත්කර යැවීම සදහා වන ගිවිසුම අත්සන් කළා. එම අමාත්‍යාංශයේ කැබිනට් ඇමැතිවරයා ලෙස ජපානයට වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් යැවීමට හැකිවීම සතුටට කරුණක්. ඒ වගේම තමයි ඊශ්‍රායලය සදහා සාත්තු සේවිකාවන් යැවීමේ කටයුතු ආරම්භ කළේත් මම අමාත්‍යාංශයේ කටයුතු කළ කාලයේදීයි.
අද රට බරපතල තැනකට ඇදගෙන වැටිලා තියෙනවා. ඒ වගේ තැනකට රට ඇදලා දාපු අය සොයලා ඔවුන්ට දඩුවම් දෙන්න ඕන. ඒත් ඊට කලින් රට ඇද වැටී තිබෙන තැනින් ඉහළට අරගෙන එන්න ඕන.
දැන් රටේ ජනතාවට කන්න නැතිව ඉන්නවා. වාර්තා නොවුනට බෙහෙත් නැතිකමින් රෝහල් ගත වෙලා ඉන්න ළමුන් මිය යනවා. අද වන විට ඖෂධ වර්ග 800ක හිගයක් තියෙනවා. ගෑස් නොමැතිවීම නිසා නාගරික ජනතාවට තමන්ගේ ආහාර වේල සකස් කරගැනීමට නොහැකිවී තිබෙනවා. තෙල් මිල ඉහළ යාම නිසා බඩු මිල ඉහළ ගිහින්.
බෙහෙත් නොමැතිකමින් තමන්ගේ දරුවා මිය යන එක අම්මලාට, තාත්තලාට දරාගත නොහැකි වේදනාවක්. මේ නිසා තමයි අපි මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්ණවලට විසදුම් දෙන්න දේශපාලන තීන්දුවක් ගත්තේ.
මමත් හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාත්, රට ඇතුළට ඩොලර් අරගෙන එන ප්‍රධාන වගකීම් අරගෙන තියෙනවා. හරි පාරෙන් ඩොලර් ටික රටට එව්වොත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නතර කරන්න පුලුවන්. දරුවන්ට බෙහෙත් ටික, කිරි පිටි ටික අරගෙන දෙන්න පුලුවන්කම ලැබෙනවා.
විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණය දැන් ඩොලර් මිලියන 230ට පහළ වැටිලා. විදේශගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 7- 8 මේ රටට එවපු අවුරුදු තිබෙනවා.
රට තවදුරටත් ණය නොකර අද තිබෙන තත්වයෙන් රට ගොඩ ගැනීමේ හැකියාව විදේශ ගත ශ්‍රමිකයින්ට තියෙනවා. රට ණය කරනවාද, නැතිනම් රටට හයියක් වෙලා, රට ගොඩ ගන්නවාද කියන වගකීම තියෙන්නේ මේ අයට තමයි.
ඊශ්‍රායලය සහ ජපානය බලා පිටත්ව යන මේ ශ්‍රමිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ ඒ රටවල නීතිවලට අනුව කටයුතු කරන්න කියලයි. ඒ වගේම තමන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ තමන්ගේ පවුලේ අයට එවන්න කියලයි. ඔබලා නීති රකිමින් ඒ රටවල සේවය කරනවා නම් ලංකාවේ බොහෝ දෙනෙකුට නැවත එම රටවල රැකියා අවස්ථා ලබාගන්න පුලුවන්.
මේ රට යන අය කවදාහරි දවසක ව්‍යවසායකයෙක් විදියට මුදල් උපයන අයෙක් බවට පත්වෙන්න උත්සාහ ගන්න. රැකියාවේ නිරතවන අතරවාරයේදී හැකිතාක් උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න. ඔබේ දක්ෂතාවයන් පෙන්වන්න.”
මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා, IM ජපන් ආයතනයේ නේවාසික අධ්‍යක්ෂක එච්.කවහාරා යන මහත්වරුන්ද එක්ව සිටියහ.
මුන් රට ඉන්න එවුන්ට ඩොලර් එවන්න කියන්න ඉස්සෙල්ලා පෙන්නපන් මහා බැංකුවේ තිබුන ඩොලර් සංචිත වලට මොකද කරේ කියලා. ඒ මදිවට IMF ගිය නාඩය 1ස්ට් ක්ලාස් ගුවන් බලපත්‍ර ගත්තේ ඇයි ? උන් ඇමෙරිකාවේ තරු 5 හෝටල් වල හිටියේ ඇයි ? IMF ඔෆීස් එක පයින් යන දුරක (මීටර් 400) ක දුරක තියෙද්දී පැයට ඩොලර් 100 ගන්නේ උදේ 7 ඉඳන් රාත්‍රී 7 වෙනකම් දුවන්න ලිමසීන් දෙකක් කුලී ගෙව්වේ ඇයි ? මුළු ගමනටම ඩොලර් ලක්ෂ 3 ක් ගිහින්. තොපිට අන්තිමේදී IMF කාරයෝ පුකට පයින් ගහලා එළවලා තියෙන්නේ රටේ දේශපාලන ස්ථාවරයක් සහ මෙච්චර කල් දුන්න සල්ලි වලට මොනවද කරේ කියලා අහලා
මෙතෙක් කල් රට ගොඩ ගත්තෙත් විදේශ ශ්‍රමිකයො කියන එක එහාට මෙහාට පනින රිළව් දන්නෙ නැහැ.ඒ මිනිස්සු එවන සල්ලි හොරා කෑවෙත් මේ පනින රිළව්.එක අරමුණක් නැති අත්තෙන් අත්තට පනින රිළව් රට හදයිද?බලං ඉඳපල්ල.අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් එවනව නම් වාහන පර්මිට් එකක් දෙනවලු.මුන්ට පිස්සුද බං.ඒ කියන්නෙ මාසෙකට ඩොලර් අටදාස් පන්සීයක් එවන්න ඕන.එහෙම පඩියක් ගන්න විදේශ ශ්‍රමිකයො කොහෙද බං ඉන්නෙ මනූෂ.ඒක රුපියල්වලට පරිවර්තනය කලොත් මාසෙකට රු.ලක්ෂ තිහක් විතර වෙනව දල වශයෙන්. උඹ මහ මෝඩ මූසල මී හරකෙක් බං.සාමාන්‍ය දැනීමවත් නැතුව කොහොමද බං ඇමතිකමක් කරන්නෙ.ඕක දීපං පොඩි ළමයෙකුට.
මුන්ට රට ආතල් ගන්න සල්ලි එවනවද???? නැද්ද???????????
චන්ඩි කමින්ද වාචලයා dollars ඉල්ලන්නේ……media කරන තරම් ලේසි නෑ පකෝ අපිට මෙහෙ සල්ලි හොයන්න තොපිට හොරා කන්න…..
Mee Wage Hingana Pisske…. 225+1 Ewath Weyalla… Mee Wena Naasthiya Nawathwanna
Me wage dushithayantahorakan karanna api salli ewanna oneda?
ලංකාවේ මිනිස්සු පුරවැසි වගකීම කියන එක ගැන දන්නේ නෑ. ඒකයි මේ
නිදහස් ආර්ථිකයෙන් පස්සේ විනිමයන්ගෙන් විශාල ප්‍රමාණයක් රටට ලැබුණා. අවූ 50ක කාලය තුල ඒ අයගේ සුබසාදනයට වෙච්ච නීතිමය වෙනස් කම් මොනවද? හැමදාම විදේශ නිවූක්තිකයෝ සුරා කෑමට ලක් උනා. විදේශ සේවා කාර්යාංසයේ නිලදාරීන් පවා, විදේශ සේවකයන්ගේ සුබසාදනයට වඩා කප්පම් නිලදාරීන් වගේ වැඩ කරන්නේ. අවූ 20ක් රට උනාට අපිට රු 1 ප්‍රතිලාබයක් ලැබිලා නැ. අපිට කෙසේ වෙතත් මේ රටවල් වලට අපු එපේ ගෘහ සේවික සහෝදර සහෝදිරියෝ අනෙක දුක් විදිනවා දැකල තියෙනවා. Bangladesh India, Philippine රට වල ඒ අයගේ විදේශ ශරමිකයයෝ බලා ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා.
කොරෝනා කලේ විදේශ ශරමිකයන්ට සැලකුවේ කුඩ අම්මගේ දරුවෝ විදිහට. අපේ මිනිස්සු පාලම් යට නිදා ගත්තේ 50C වල. අපි ලාංකික සුබ සාදන සමිති වලින් පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට කෑම බීම ලංකාවට එන්න උදව් කරා. රජය තමන්ගේ වියාපාරික ජුන්ටාව එක්ක එකතු වෙලා එකෙනුත් ගස කෑවා.
දැන් තිත්ත්යගේ වාරය පැමිණ තිබේ!!!
තාම නොමැරී මැරෙන සැහෙන ලාංකිකයන් පිරසක් විදේශ රට වල දුක් විදිනවා. දාඩිය, ලේ සමහර විට ජීවිතයෙන් වන්දි ගෙවන ඒ මිනිස්සු වෙනුවෙන් රජයට බල කරනවා විශ්‍රාම වැටුපක්, ලංකාවට එවන ප්‍රේෂණ වලට සාපේක්ෂව තීරු බදු රහිත ක්‍රමයක්, පාසල්-විශ්වවිද්‍යාල වලදී ප්‍රමුකතා පදනමක්, අඩු අදායම් විදේශ ශරමිකයන්ට රක්ෂණ ක්‍රමයක්, තනි උන පවුල් වලට ළමා ආරක්ෂණ වැඩ පිළිවෙලක් ලබා දෙන්න කියාලා. රජය අපෙන් යුතුකම් බලාපොරොත්තු වෙනවා නම්, රජයේ වගකීම් කොටස පළමුව ඉටු කරන්න.
ඉහල වැටුපක් අවූ 5, විශ්‍රාම වැටුපක්, ඉන්ධන, දුරකථන, සේවක මණ්ඩලයක් (තමන්ගේ පවුල් වල නම් ගේ නම් දාගෙන එකෙනුත් ගස කන), සමග සියළු වරප්‍රසාද, කොමිස්, පගාව අඩු වැඩි ලෙස පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා කාලකන්ණි දේශ පාලුවන්ට දීල රටේ ආර්ථිකයට ලබා ගත් දායකත්වය කුමක්ද? එහෙම ප්‍රමුක දායකත්වයක් ලැබුණා නම් රටේ ආර්ථිකය හිගමනට ඇද වැටේයිද? රටේ ජනතව මෙච්චර බදූ බරක් දරා නඩත්තු කරන්නේ දැවැන්ත සුදු අලියෙක් නොවේද? එනයින් බැලූ කල රටේ විදේශ විනිමයට විශාල දායකත්වයක් දෙන විදේශ ශරමිකයන්ට ඉහත කී මෙම ප්‍රතිලාබ ඉතාම සාධාරණ නොවේද ?
සාධාරණයක් වන තුරු විදේශ ගත ශරමිකයන් අවදියෙන්. !!!!!!!!!!!!!
Nanda Sena gedar Pala