රට තුල පෙට‍්‍රල් ඩීසල් ඇත්තේ එක දිනකටයි..

June 16, 2022 at 10:00 am | lanka C news
රට තුල පෙට‍්‍රල් ඩීසල් ඇත්තේ එක දිනකටයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ දැනට ඉන්න තිබෙනුයේ ඩීසල් දින දෙකකට සහ පෙට්රල් දිනකට පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය මගින් රට තුල ඉන්ධන පෝලිම් වැඩි වී ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගිය බවයි.

සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් නිෂ්පාදනය කළ ද ජනතාවට අවශ්‍ය පරිදි ඒවා බෙදා හැරීමට නොහැකි වී ඇති බව ද ඔහු පැවසීය.

අද වන විට සති දෙකක් තිස්සේ කිසිම ඉන්ධන වර්ගයක් නොලැබුන පිරවුම්හල ද ඇති බවත් රට තුළ ඉන්ධන අර්බුදය ඉතාම දරුණු ලෙස වර්ධනය වී ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ අතර ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව මෙරටට අද දිනයේ පැමිණීමට නියමිතය.

නමුත් තවත් පෙට‍්‍රල් නෞකාවක් ලැබෙන්නේ කවදාදැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය කිසිවක් සඳහන් කර නැත.

44,585 views

10 Comments to “රට තුල පෙට‍්‍රල් ඩීසල් ඇත්තේ එක දිනකටයි..”

  1. Balana Rala says:

    Where is the government of our country? Why do we have to listen to somebody’s trade union leaders? Who are they? They simply the goons of certain political parties.
    We need the government to make an official statement.
    The IGP should direct all his OIC’s to speak to the concerned fuel stations in their areas and obtain a confirmation if there is a scheduled delivery of petrol or diesel for them and display it in the fuel stations. So, that you can avoid unnecessary ques….
    Think something out of the box and inform people so that they will not waste their time in the lines.

  2. SL says:

    පාර්ලිමේන්තුවත් හරියට බත්තරමුල්ල පාර්ලිමේන්තු හන්දියේ ඉන්න හිඟන්නෝ වගේ.

    කොච්චර දුන්නත් ඇති වෙන්නේ නැහැ, හැමදාම හිඟා කනවා.

    අපි ගෙවල් වලත් ලැබෙන ආදායමට හරි ණයක් ගත්තොත් ණය අරපිරිමැස්මෙන් භාවිතා කරන හැටි කල්පනා කරලා වැඩපිළිවෙල ක් සකස් කරගන්නවා.

    ඉන්දියාවෙන් තෙල් දෙන එක දැන් මාස ගානක් තිස්සේ කරගෙන ගියා , 226 හිඟන්නෝ ටික තවත් කට අරගෙන බලාගෙන ඉන්නවා තව ණයක් ලැබෙන කල්

    ඇත්තටම තොපි පාර්ලිමේන්තු යන්නේ පක් ගහන්නද ? තොපි බහුතරයක් ඔතෙන්ට සුදුසු නැහැ .ගිහින් දියවන්නාවේ පැනපල්ලා.

  3. Sri Lankan says:

    අපිට තව ජීවත් වෙන්න කොච්චර කල් තියෙනවද කියල කියන්න පුලුවන්නං හොඳයි කවුරු හරි.

  4. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦 says:

    අපි සංසාරයේ දන් දීපු පොල්තෙල්වල, තල තෙල්වල, අබ තෙල්වල , දොඹ තෙල්වල කුසලයෙන් පෙට්‍රල් , ඩීසල් , බොරතෙල් නැව් ඉන්දියානු සාගරයේ පහල වේවා !!!

  5. aththama kathaawa says:

    පාර්ලිමේන්තුවත් හරියට බත්තරමුල්ල පාර්ලිමේන්තු හන්දියේ ඉන්න හිඟන්නෝ වගේ.

    කොච්චර දුන්නත් ඇති වෙන්නේ නැහැ, හැමදාම හිඟා කනවා.

    අපි ගෙවල් වලත් ලැබෙන ආදායමට හරි ණයක් ගත්තොත් ණය අරපිරිමැස්මෙන් භාවිතා කරන හැටි කල්පනා කරලා වැඩපිළිවෙල ක් සකස් කරගන්නවා.

    ඉන්දියාවෙන් තෙල් දෙන එක දැන් මාස ගානක් තිස්සේ කරගෙන ගියා , 226 හිඟන්නෝ ටික තවත් කට අරගෙන බලාගෙන ඉන්නවා තව ණයක් ලැබෙන කල්

    ඇත්තටම තොපි පාර්ලිමේන්තු යන්නේ පක් ගහන්නද ? තොපි බහුතරයක් ඔතෙන්ට සුදුසු නැහැ .ගිහින් දියවන්නාවේ පැනපල්ලා.

  6. darshana says:

    people should understand about our politicians and how they rule this country. that’s why we have to live with suffer. How shame, until now they don’t have a proper program to get out of this tragedy. still they struggling how to keep power.

  7. Jayantha says:

    රනිල් කියන්නේ 1994 සිට අද වෙනකම් වසර 28 පුරා එජාපයේ නායකයා. දැවන්ත පක්ශයක් නැත්තටම නැති කරපු එකෙක් රටක් ගොඩදවී කියලා හිතන එකම ගොන් කමක්නේ. පිස්සු සේන දැන්වත් යන්න ඔන කයිවාරු ඩීල් රනිල්වත් අරගෙනම.

  8. Lalla says:

    මේ මහින්ද පාලිත නැති ප්‍රශ්න වලට උත්තර දෙන නීචයෙක්. කාගේද කොන්ත්‍රාත්තුව කියල හොයල දෙන්නටම වෙඩි තියල දාන්න ඕන.. රට කලඹවන කල්ලියක්.

  9. Gamarala says:

    රජය ඉල්ලා අස්විය යුතුයි

  10. Baipatiya says:

    Petrol mokatada sinhale thiyeddi 😂 sinhalaya modaya karagaththa hodatama

Main News