රට දැන් බංකොලොත්.. ඉදිරි සති තුනේ ආහාර, ඉන්ධන, ගෑස්, ඖෂධ, විදුලිය දෙන්න බෑ..
January 18, 2022 at 3:00 pm | lanka C news
ඇත්ත වශයෙන්ම අද වන විට රට බංකොලොත් වී අවසන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා සිතා සිටින ආකාරයට තවත් වසර දෙකක් රට ගෙනියන්න හැකියාවක් නොලැබෙන බවද ඔහු පැවසීය.
ගතවූ අවුරුදු දෙකක කාලය නාස්ති වූයේ කොරෝනා වසංගතය නිසා නොව රාජ්‍ය පාලනය පිළිබඳව ඇති නොහැකියාව නිසා බවද පැවසූ ඔහු ඉදිරි වසර දෙක ද ගත වන්නේ මේ ආකාරයෙන් ද කියා සිටියේය.
අද වන විට රටේ ජනතාවට ආහාර, ඉන්ධන, ගෑස්, ඖෂධ, විදුලිය සැපයීමට ආණ්ඩුව අසමත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
එනිසා තවත් වසර තුනක් ගැන ජනාධිපතිවරයා කතා කිරීමෙන් පළක් නැති බව ද පැවසූ ඔහු හැකි නම් ඉදිරි සති 3 දී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස්, ඖෂධ, විදුලිය හිඟයකින් තොරව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
රට බංකොලොත් උනහම බලය ගන්න බලන් ඉන්න කාලකන්නියා.