රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක්..

May 21, 2018 at 2:07 am | lanka C news
රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක්..

රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

සියලූ මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියහ.

අමරපුර නිකායේ ඌව උඩුකිද මහා නායක හා ගලඋඩ ශ්‍රී ධර්මනිකේතන පිරිවෙන් කෘත්‍යාධිකාරී ආචාර්ය පූජ්‍ය බොකන්ඔරුවේ ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් මෙහි මුලසුන හෙබ වූ අතර රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

ඇමරිකාවේ වැඩවෙසෙන පූජ්‍යපාද ආචාර්ය බොකන්ඔරුවේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් පාලි බසින් හෙළ බසට පරිවර්තනය කරන ලද බෞද්ධ වත් පිළිවෙත් සපිරි පරිවර්තිත ග්‍රන්ථ කට්ටල සමස්ථ මහවැලි කලාපවල විහාරස්ථාන උදෙසා පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුථ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

12 views

3 Comments to “රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක්..”

  1. OLU says:

    රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීමට, අපේම මිනිසුන්ට අභය දානය දිනා දුන් මානුෂීය මෙහෙයුමේ සිහිකිරීම් සැමරුම් නතර කරමින් …,බොරුචෝදනා ගොනුකර ජිවත්ව සිටින රණවිරුවන් පෝරකේට සිරගෙට යවමින් විශ්‍රාමික රණවිරුවන්ට ඔවුන්ගේ වැටුප් නිසිලෙස නොගෙවමින් ..ආබාධිත රණවිරුවන් නොසලකාහරිමින් ,කොටි ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවමින් අධිආරක්ෂක කලාප කොටි ත්‍රස්තවාදීන්ට පුදමින් යහපාලන පාලකයා සිරිසේන.. මියගිය රණවිරුවන් ට දානමය පුණ්‍ය කර්ම කරන්නේ සිතට එකගවද ? කාවද මේ රවට්ටන්නේ ?

  2. SALMAL says:

    Propaganda is a soft weapon It’s so easy for propaganda to work, BUT will not work this time
    We know who you are Sirisena …
    You work against our War heroes .You stop Honoring those who fought and died in war.
    You allow LTTE terrorist tamils to celebrate LTTE terrorism in North .
    .Now alms giving for the Buddhist monks to make merit.for our (dead ) fallen heroes ..?
    What about the living war heroes who are now in prison for crimes they didn’t commit . ?

  3. Saradiel says:

    ගෞරවනීය සංඝයාවහන්සේලා දනය දීම උතුම් ක්‍රියාවක් එහෙත් අපේ රටේ භික්ෂුන් වහන්සේලාට හිරිහැර කිරීම ,සිරගත කිරීම , විහාරවල පිං කටවල මුදල් රජය කොල්ලා කෑම , පා පහර දීම භික්ෂුන් වහන්සේලාට සිදුවූ යේ යහපාලනය ආණ්ඩුව බලයට පැමිණි පසුවයි එය අපි තරයේ හෙලා දකිනවා
    ගෞරවනීය සෝභිත හිමියන්ට පා පහර දීම සම්බන්දව .නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම එම ධුරයෙන් ඉවත් කල යුතුයි
    බෞද්ධ පාලකයකු සිටින රටක මෙවැන්නක් සිදුවිය හැකිද ?

Main News