රට දියුණුවට දේශීය ව්‍යවසායකයින්ගේ ශක්තිය..

April 3, 2017 at 2:11 am | lanka C news
රට දියුණුවට දේශීය ව්‍යවසායකයින්ගේ ශක්තිය..

මෑත ඉතිහාසයේදී රටවල් දියුණුව අත් කරගත්තේ දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කර ගැනීම හරහා බව පෙන්වා දෙන ඇමති දයා ගමගේ, හොඳ මට්ටමේ ව්‍යවසායකයින් 10,000ක් අලුතින් බිහි කර ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට ද පවතින ගැටළුවලින් අත්මිදීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කර සිටී.

ඒ යටතේ, තම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ක්‍රියාවට නංවා ඇති ‘ධන සවිය’ වැඩසටහනෙහි අරමුණු වශයෙන් කුඩා ව්‍යාපාරිකයින් බිහි කිරීම හා දිරිය කාන්තාවන් ශක්තිමත් කිරීම සිදු කරන බව ඔහු පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අන්නාසි අක්කර 25,000ක් වගා කිරීමේ හා ධන සවිය කාන්තා ගෙවතු මිලියනයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අමතමිනි.

අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.

එහිදී අන්නාසි, පැල තවාන්, පසු අස්වනු තාක්ෂණ, ගම්මිරිස් ක්ෂේත්‍රවල ප්‍රතිලාභීන්ට ඇමතිවරයා අතින් ප්‍රතිලාභ ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි.

තවදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා පැවසූයේ, දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කරන අතරතුරම, විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ද, කෘෂි නිෂ්පාදනවලට තවත් වෙළෙඳපොල සොයා දී ඒවායෙන් ලැබෙන අපයනය ආදායම ඉහළ නැංවීමට ද, වැඩි රැකියා අවස්ථා බිහි කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

පිළිකා රෝගය සඳහා කරවිල ඇටවලින් ඖෂධයක් නිපදවූ දේශීය පර්යේෂකයින්ට තම අමාත්‍යංශයේ උපරිම සහාය පළ කරන බවද ගමගේ මහතා පැවසීය.

– ජෝර්ජ් පෙරේරා

11 views

3 Comments to “රට දියුණුවට දේශීය ව්‍යවසායකයින්ගේ ශක්තිය..”

  1. රාහුල කොලුවා says:

    ඔයාගේ මතය නම් ඉතා හොදයි… හැබැයි ඉතින් ඒක ඔයාගේ ලොක්කට නොතේරෙන එක තමයි රටේ කරුමේ… එයා බලන්නේ එයාවයි පවුලවයි විතරක් ඉතුරු කරගෙන අනිත් හැමදේම පිටරටට විකුණන්නනේ…

    • Amda says:

      තව ටිකක් බදු පිට බදු ගහපන් එතකොට ශක්තිය ගන්න වෙන්නේ වියාග්‍රා ගහලා

  2. Janu says:

    ඔව් තව අරක්කු ෆැක්ටරි දෙක තුනක් දාන්න පහසුකම් සපයන්න…. ඹයත් සෙවණගල ෂුගර් එක නැවතත් සුලු ගානකට අරන් ගල් අරක්කු ( මොලෑෂස්) පෙරල තවත් හෙලිකොප්ටර් දෙකක් ගන්න …

Main News