රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..- ජනාධිපති කියයි..

November 10, 2021 at 10:02 pm | lanka C news
රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..- ජනාධිපති කියයි..

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. එහෙත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතී. එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකිය. ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බරපතළ හානිය විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අද (10) අරලිය ගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී තිබේ. එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු විය. එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතුය. වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරා පත් කරගනු ලැබීය. එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණකි. මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පැවසීය.

වර්තමාන ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම විද්‍යාව හා තාක්ෂණය බලපායි. නව තාක්ෂණ දැනුමෙන් තොරව අනාගත දරු පරපුරට ලෝකය සමග ඉදිරියට යා නොහැකිය. එය හඳුනාගෙන නව තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වර්ෂ 2001දී යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 10 වැනි දින සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ සිට සෑම වසරකදීම එම දිනය සමරයි. මෙවර විද්‍යා දිනය සැමරීමට සමගාමීව විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

“National Innovation Mission – හීන වලට පණ දෙන වර්තමානය” මැයෙන් මෙවර විද්‍යා දින සැමරුම සංවිධාන කර තිබිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ඉලක්ක කොට වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා රට තුළ තාක්ෂණය හා නවෝත්පාදනයේ පිබිදීමක් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) 101වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව රටවල් 132ක් අතරින් 2021 වන විට 95වන ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධාන කරන නව නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින්ට “දසිස් සම්මාන” පිරිනැමීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නිෂ්පාදිත “ඔක්සිජන් සාන්ද්‍රණ” යන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීම සම්මාන ප්‍රදානයට සමගාමීව සිදු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව දිවයින පුරා පාසල් 1500ක නවෝත්පාදන විද්‍යාගාර පිහිටුවීමට සැලසුම් කර තිබේ. එය සංකේතවත් කරමින් පළාත් මට්ටමින් තෝරාගත් පාසල් නවයකට චෙක් පත් සහ පාසල් උපකරණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

විද්‍යාව මත පදනම්ව නැඟී සිටින රටක් ලෙස විද්‍යාව සෑම පුරවැසියෙකුට අයිතියක් බවට පත්කළ යුතු බවත් එසේ නොවුනහොත් මිත්‍යාව රජ කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා නව තාක්ෂණය යොදා ගැනීමෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඇති හැකියාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. ඊ ග්‍රාමසේවා ක්‍රමය, ඩිජිටල් හැඳුනුම්පත වැනි රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, තානාපතිවරු හා විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධය අංශය

294,110 views

25 Comments to “රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..- ජනාධිපති කියයි..”

  1. MY3 says:

    විද්‍යාව මත පදනම්ව නැඟී සිටින රටක් ලෙස විද්‍යාව සෑම පුරවැසියෙකුට අයිතියක් බවට පත්කළ යුතු බවත් එසේ නොවුනහොත් මිත්‍යාව රජ කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය. මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහය දෙන රජයක් (කාලි ගේ ධම්මික පැණිය, ඥානක්කාගේ රතු නුල අතේ, වශී බෝල, එලියත්තවෛට් ගේ කලගෙඩි මෙකි නොකී දේ) අපිට කියනවා මිත්‍යාව රජ කරන බව ???

  2. Sumith says:

    ගල් අඟුරු වලිනුත් අනිවාර්යෙන්ම ගැහුවා නේද 🤣

  3. 0.00069 BIYYO says:

    රටට මේ තරම් විනාශයක් කරපු මෝඩ තිරිසන් පාලකයෙක් මේ ලෝකෙම නැහැ

    • අනුරයියගේ පුන්චම්ම says:

      රට දෙපාරක් ගිනි තියල දහස් ගනකගේ ජිවිත විනාස කරපු විජේවීර තමයි රටේ ලොකුම සාපෙ කියල රට්ටු කියන්නේ

      • සුදුපරවියා says:

        මේ පාර රට වහලා සම්මත කරන්නේ බැසිල්ගේ මොන පනතද ? ද්විත්වපුරවැසි පනත සම්මත කරන් බැසිල්ව බලේට ගෙනාවා වගේ මෙසැරේ පවුලේ කාවද
        තවත් ලොකු තනතුර කට පත්කරන්නේ ..ජනතාවගේ ඇස්වහලා MCC කළු තරුව අපේ රටේ පායන්න අවශ්‍ය පනත් ගේනවද ? ගොවින් අමාරුවේ දැම්මේ ඔවුන්ගේ ඉඩම් ඇමරිකාවේ COMPANY වලට ලබාදීමට නොවේද ? කෝ ඔබලාගේ ජන්ද පොරොන්දු ? පළාත් සභා අහෝසි කරන්නේ කවදාද ?
        13 සංශෝදනය අහෝසි කරන්නේ කවද්ද? 2/3 බලයක් ලබා දුන්නේ මෙවැනි දේවල් අහෝසිකිරීමට නේද ? ජනපති තුමෙනි ,කරුණාකර දුන් ජන්ද පොරොන්දු ඉටුකරන්න ..එඩිතර සිංහලයෙක් වී රට පාලනය කරන්න

      • gota says:

        ඔබතුමා වගෙ උගතෙක් ජනාධිපතිගෙ උප්දේශක වගේ වෙන්න ඔනේ

    • Shan says:

      Very true. These guys are playing a double game.

  4. Gamarala says:

    රට විකුණන දොන් ජුවන් පාලනය.

  5. saman says:

    සම්පූර්ණයෙන්ම වහලා දාන්න තව වැඩි දවසක් යන්නේ නෑ

  6. අතුල says:

    මට හිතෙන්නෙ මෙයා try කරන්නෙ වහලම දුවන්න එයාගේ ඇඟට ගුණයි දැන් දැන්…

  7. සුදා says:

    3% උන් සමූල ඝාතනය කරන්න ඔනේ. කිසිම සමාවක් දෙන්න හොඳ නෑ

  8. senaka says:

    කරපු දෙයක් නැහැ එකම දේ රට මන්කොල්ලකම විතරයි අන්දොනාව විතරයි

  9. රටේ පාලකයන් මේ ගැන මීට වඩා සැලකිලිමත් උනානම් මේ වගේ දෙයක් නැවත සිදු නොවන්නට තිබුනා.. පාසල් පටන් ගෙන සතියයි ගියේ.. ලමයින් ඉගෙන ගන්නට පටන් ගත්තා විතරයි, මේකෙන් වෙන්නෙ ලමයින්ගෙ අනාගතය අදුරු වෙන එක විතරමයි…

Main News