රට නැවත 70 දශකයට.. ආණ්ඩුව විහිළු සපයනවා..- චන්දිම

September 14, 2021 at 11:20 am | lanka C news
රට නැවත 70 දශකයට.. ආණ්ඩුව විහිළු සපයනවා..- චන්දිම

රජයේ ඇතැම් ප්‍රතිපත්ති විපක්ෂයට විහිළු සපයන ඒවා බවත් රට නැවතත් 70-77 දශකයට ගමන් කරන අයුරු පෙනෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

රජයේ ඇතැම් ප්‍රතිපත්ති සමාජ මාධ්‍ය ජාලාවලටද හොඳ ප‍්‍රවෘත්ති වී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

70 දශකයට නැවත යාම හොඳ බව ඇතමුන් සිතාගෙන සිටියද ඒ යුගය එදා පැවැතියේ රට ණය නැති අවස්ථාවක බවත් එම ක්‍රමය පවත්වාගෙන යාම අද ඉතා අසීරු බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඇල්පිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ලෙස පත් කිරීම ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ කබ්රාල් මහතා මුලින්ම මහ බැංකුවේ අධිපති ධුරයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටීමෙන් අනතුරුව බවයි.

මහ බැංකුව ද සෙසු ආයතනය මෙන් දේශපාලනීකරණය නොවූ තැනක් විය යුතු බවත් පැවසූ ඔහු මහ බැංකුවෙන් තීරණය ගත යුත්තේ රට දියුණු කිරීමට මිස දේශපාලනඥයන්ගේ මනදොල පිරවීමට නොවන බවද තවදුරටත් කියා සිටියේය.

33,121 views

33 Comments to “රට නැවත 70 දශකයට.. ආණ්ඩුව විහිළු සපයනවා..- චන්දිම”

  1. 2015 to 2020 Economy lost is the problem.

  2. හබරාදුව says:

    වල් පරය තොට ඇමතිකමක් දුන්න නම් බලන්න තිබ්බ. ගාල්ලෙ මිනිස්සුන්ට වතුර කපල උගෙ හොටල් දුවපු පරය

  3. කමල් says:

    තමන්ගේ ප්‍රතිරූපය තමන්ට පුම්බාගන්න බෑ. ඒක ක්‍රියාවෙන් පෙන්නන් ඕනේ. හරකෙක් වෙන්න එපා…

  4. Jagath says:

    Akepurinna one me gas rakiyata

  5. සයිබර් නානා says:

    තමන්ගෙ වල තමන්ම කපාගත් මිනිහෙක් .මොහුගෙ මාමාගෙ ගතිගුණ ගෑවිලාවත් නෑ.

  6. gobbaya says:

    methuma wage wisharadha buddhiyak thiyane ugath aya cabinat ekata path nokiriimee vipaka dan peenawa needa?

  7. රටේ රාළ says:

    2015 ට කලින් හැමදාම මහින්දගේ ගුණ වයපු හැටි කාට හරි මතක නම්. ඒ නියෝජ්‍ය ඇමැති කාලේ ඇමැති කමක් බලාගෙන වන්දිභට්ට කම් කරන කාලේ. 2015 දි ඇමතිකම ගන්න පලු යන්න බැනපු මෛත්‍රීපාල මහත්තයට සෙට් වෙනවා. ඒ ආණ්ඩුවෙ බලු වීම ගැන කියන්න ඕන නෑනේ. යන්තම් ඉතින් මේ පාරත් ඇතුළට පැන ගත්තා. කරපු ද්‍රෝහිකම් හින්ද හොඳටම කැපිලා ඉන්නේ. දැන් ඇමතිකමක් නැති දුකට අපිට විහිළු සපයනවා……

  8. මෙයාට මීට පස්සේ පාර්ලිමේන්තු යයන්න ලැබෙන එකක් නැහැ.

Main News